අගෝ 26, 2014 (විමසුම) – Cargills Food පුද්ගලික සමාගමේ සියයට 8ක කොටස් ප්‍රමාණයකට දායකවීමේ අරමුණින් International Finance Corporation හෙවත් ජාත්‍යන්තර මූල්‍ය සමායතනය විසින් රු.බි. 2.55ක ආයෝජනයක් සිදු කරයි.
Cargills Food පුද්ගලික සමාගම, Cargills Ceylon Plc හි පූර්ණ අනුබද්ධ සමාගම වන අතර මෙම දායකවීම සඳහා අවශ්‍ය අවසරයන් මේ වන විට ලබා ගෙන ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් Cargills Ceylon Plc පවසයි.
අදාල ගනුදෙනුව අවසන් වූ වහාම මේ පිළිබඳ වැඩි විස්තර ප්‍රකාශ කරන බව ඔවුන් වැඩිදුරටත් පවසයි.