ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිශන් සභාවේ (S.E.C.) අධ්‍යක්‍ෂක ජනරාල් මලික් කාදර් මහතා තායි ජාතිකයෙක්ද යන ප‍්‍රශ්නය මේ දිනවල S.E.C. හි සේවය කරන සේවක සේවිකාවන් අතර කතා බහට ලක්වෙමින් තිබෙන බව ‘පැපරාසියා’ට වාර්තාවේ.
මීට හේතුවී ඇත්තේ මලික් කාදර් මහතාගේ සියලූම විදේශ ගමන් තායිලන්තයේ බැංකොක් නුවර හරහා සිදු කිරීමයි.
මලික් කාදර් මහතා අවසන් වතාවට පසුගිය දා ස්පාඤ්ඤයට ගොස් ඇත්තේද බැංකොක් හරහායි. ඔහු ඉන්දියාවේ චෙන්නායි නුවරට යන්නේද පළමුව බැංකොක් ගොස් අවම වශයෙන් පැය කීපයක් හෝ බැංකොක් නුවර සංචාරය කිරීමෙන් අනතුරුවයි. ශ‍්‍රී ලංකාවේ සිට සිංගප්පූරුවට හෝ මාලදිවයිනට යෑමට පවා ඔහු බැංකොක් නුවරට යනු ලබයි. ඔහු එතරම් බැංකොක් නුවරට ලැදිය.
යම් හෙයකින් අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට යාපනයේ පලාලි බලා යෑමට සිදුවුවහොත් එයත් ඔහු බැංකොක් හරහා යාවිද යන සැකය මේවන විට S.E.C. හි සේවක සේවිකාවන්ට ඇති වී තිබේ. මුස්ලිම් ජාතිකයෙකුවන මලික් කාදර් මහතා තායි ජාතිකයින්ට වඩා බැංකොක් නුවරට ආදරය කිරීම වරදවා වටහා ගත යුතු නොවන බවත් ඒ මහතා එහි යන්නේ ‘බෑන්ග් කොක්’ ක‍්‍රීඩාවේ යෙදීමට බව ඔහු පිළිබඳව හොඳින් දන්නා මිතුරන්ගේ අදහසයි.