Thursday, 10 March 2011 10:34
VIMASUMA.COM
එන්වයරන්මෙන්ටල් රිසෝර්ස් සමාගම සම්බන්ධයෙන් කොළඹ කොටස් නියාමකයා ගෙනගිය පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් කර අදාළ වාර්තාව අවශ්‍ය පියවර ගැනීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ පාලනාධිකාරීන් වෙත භාරදී ඇතැයි කොටස් තැරුව්කාර සමාගම් ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ අනුව, එම සමාගම කිසියම් නීති වීරෝධී දෙයක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගැනීම හෝ සමාගමේ කටයුතු වල නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් යම් නිගමනයකට එළඹ එම පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹීමට සුරැකුම්පත් හා විනිමය කොමිසමේ පාලනාධිකාරීන් කටයුතු කරනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කළේය.
මෙම සමාගමට එරෙහිව කොටස් නියාමක ගෙනගිය පරීක්ෂණ කටයුතුවල අතුරු ප්‍රතිඵලයක් වශයෙන් එම සමාගම සතුව විදේශයක තිබූ බව කියන අරමුදලක් විකුණා දමා එහි මුදල් මෙරටට ගෙන ඒමට සමාගම පසුගියදා කටයුතු කළ බවද සඳහන්ය.
කෙසේවෙතත්,මේ සම්බන්ධයෙන් “විමසුම” කොමිසමේ නිළධාරින්ගෙන් කළ විමසීමකදී ඒ පිළිබඳව සැබෑ තත්ත්වය පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කරන බව පමණක් සඳහන් කළේය.