ඒ අනුව ලංකා බැංකුව උතුරු පළාතේ බැංකු අවශ්‍යතා විධිමත් හා කාර්්‍යක්ෂම කිරීමේ අරමුණින් තම නව ශාඛාවන් විවෘත කිරීමට පියවර ගෙන ඇති අතර එය එම බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
මේ අතර ලංකා බැංකුවේ 1000 වැනි ශාඛාව විවෘත කිරීමද මෙහිදී සිදු කෙරෙන අතර එය පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ජනතා අයිතියට පත් කෙරෙන බව ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක් සඳහන් කළාය.
යුද ජයග්‍රහණයෙන් පසුව සීග්‍රයෙන් සංවර්ධනය කෙරෙන උතුරු පළාතේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවට වඩා හොඳ බැංකු සේවාවක් ලබාදීමේ අරමුණින් මේ නව ශාඛාවන් ආරම්භ කරන බවද ලංකා බැංකුව පවසයි.
ඊට අමතරව ඉදිරියටත් එම ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු වෙනුවෙන් දායකත්වය දැක්වීමට ලංකා බැංකුව සූදානමින් සිටී. මෙම නව ශාඛාවන් විවෘත කිරීමේ අවස්ථාවට ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.
http://www.dinamina.lk/2012/07/04/_art.asp?fn=n1207046