මෙරට සමාගමක් ලෙස ආරම්භ වී පසුව ලන්ඩන් කොටස් වෙළඳ පොළ විසින් මිලදී ගත් MillenniumIT සමාගම නිපදවූ කොටස් ගනුදෙනු කිරීමේ මෘදුකාංගයක් ජොහැන්නස්බර්ග් කොටස් වෙළඳ පොළ ජූලි 02 වනදා සිට භාවිතා කිරීමට කටයුතු කර තිබේ.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ භාෂාවෙන් “ජය“ ලෙස නොනිළව නම්කර තිබෙන බවත් එහි ඉංග්‍රීසි අරුත victory යන්න බවත් මෙය දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් කොටස් වෙළඳ පොළ ලැබූ ජයග්‍රහණයක් නිසා එසේ නම් කෙරූ බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් ජොහැන්නස්බර්ග් කොටස් වෙළඳ පොළේ අධ්‍යක්ෂ Leanne Parsons පවසා ඇත.
මෙම මෘදුකාංගය නිසා මීට පෙර මෙම කොටස් වෙළඳ පොළේ ගනුදෙනු සිදුකළාට වඩා 200 ගුණයක් වේගයෙන් ගනුදෙනු සිදුකළ හැකිබව සඳහන්ය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=221989521