මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභ හිමිකර ගත් කහවත්ත මැදි විදුහල, මාතර අනුර මහා විද්‍යාලය, දඹුල්ලේ ඩී. එස්. සේනානායක මහා විද්‍යාලය සහ හොරණ අමරගෙදර කනිටු විදුහල යන පාසල් සඳහා නිර්ව්‍යාජ මෘදුකාංගයන් ඇතුළත් නවතම පරිගණක, ලේසර් මුද්‍රණ යන්ත්‍ර සහ ගෘහ භාණ්‌ඩ ඇතුළු අංග සම්පූර්ණ පරිගණක පුහුණු මධ්‍යස්‌ථාන හතරක් පරිත්‍යාග කෙරිණ.
මෙම පරිත්‍යාගයත් සමඟම 2010 වසරේ සිට මේ දක්‌වා කොමර්ෂල් බැංකුව විසින් පාසල් සහ අධ්‍යාපන ආයතන සඳහා පරිත්‍යාග කළ පරිගණක පුහුණු මධ්‍යස්‌ථාන සංඛ්‍යාව 48 ක් වන අතර මෙම මධ්‍යස්‌ථානයන්ගෙන් සිසු සිසුවියෝ 15,000 කට සෙත සැලසෙන බව බැංකුව පවසති.
http://www.divaina.com/2012/07/05/velanda01.html