ප්‍රදේශය පුරා විසිරී පැතිරී සිටින අඩු ආදායම්ලාභීන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ කුසලතා දියුණු කරමින් ඔවුන් රටේ සංවර්ධන ක්‍රියාදාමය සමග බද්ධ කිරීමටත්, කුටුම්භ ඉතුරුම් සඳහා මෙම ප්‍රදේශයේ දමිළ ජනතාවගේ විභව ශක්‌තීන් හඳුනා ගනිමින් විශේෂයෙන් කාන්තා පරපුරේ ඉතුරුම් නැමියාව වර්ධනය කිරීමට අපේක්‍ෂා කරන අතර ඒ සඳහා දිවි නැඟුම ජාතික වැඩසටහනට සමගාමීව දැවැන්ත වැඩසටහනක් තම බැංකුව ක්‍රියාත්මක කර තිබෙන බව ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපතිනි කේෂලා ජයවර්ධන මහත්මිය පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්‌වමින් මෙරට ප්‍රධාන පෝෂණ අවශ්‍යතාවක් වන දියර කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් යෝධ පියවරක් යාපන අර්ධද්වීපයෙන් තැබිය හැකි බව පැවැසීය. ගෘහ ආශ්‍රිත කිරිගව පාලනය වැඩිදියුණු කිරීම සහ ඉතා හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය කිරීම සහ මිනිස් ආකල්ප වෙනස් කිරීම අප හමුවේ පවතින අභියෝග වේ. එම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් 2016 වර්ෂයේදී ශ්‍රී ලංකාව කිරි වලින් ස්‌වයං පෝෂිත කිරීමේ ජාතික කර්තව්‍යයට උරදීමේ අරමුණින් තම බැංකුවේ ඉදිරි වැඩසටහන් සකස් කර තිබෙන බව පැවසීය. තවද මෙම ප්‍රදේශයේ ධීවර සහ කෘෂිකාර්මික අංශයට ඉතා යෝග්‍ය වටපිටාවක් පවතින බවත් එබැවින්ම එම ක්‍ෂේත්‍ර වැඩිදියුණු කරමින් ධීවර ජනතාවගේ ජීවන මට්‌ටම් ඉහළ දැමීම සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් අතිමහත් මෙහෙයක් මෙම ප්‍රදේශයට ඉටුවෙතැයි තමා තරයේ විශ්වාස කරන බව වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2012/07/08/economic07.html