මෙම අතිවිශාල බෝනස් දීමනාව ගෙවීම ගැන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාර අධ්‍යක්‍ෂ මොහාන් ද අල්විස් මහතා අදහස් දක්‌වමින් වසරින් වසර ජීවිත රක්‍ෂණ ඔප්පු හිමියන්ට බෝනස් දීමනාව වැඩි කරමින් ලබාදීමට හැකිවීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලැබූ ජයග්‍රාහී පියවරක් බවද කීය. මෙම විශාලතම බෝනස් ගෙවීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රාජ්‍ය රක්‍ෂණ ආයතනයට පවත්වාගෙන යාමට හැකි වන්නේ අප ආයතනය සතු කෝටි 5600 ක (බිලියන 56) ජීවිත රක්‍ෂණ අරමුදලක් ඇති හෙයින් එම අරමුදල ආයෝජනය කිරීමෙන් පසු ලැබෙන ප්‍රතිලාභ මත බවද පැවසීය. මෙම වසරේදී කෝටි 400 ක බෝනස් දීමනාවක් ජීවිත රක්‍ෂණ ඔප්පු හිමියන්ට ලබා දීමට හැකිවීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලැබූ තවත් ජයග්‍රාහී අවස්‌ථාවක් බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
තවද සෑම නිවසක් වෙතම රක්‍ෂණයේ වැදගත්කම පිළිබඳ පණිවිඩය ගමින් ගමට නගරයෙන් නගරයට ගෙන යැමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පෙරමුණ ගෙන කටයුතු කරයි. ඒ සඳහා දිවයින පුරා නවීන තාක්‍ෂණයෙන් හෙබි 125 ක ශාඛා ජාලයක් ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ක්‍රියාත්මක කර ඇත.
http://www.divaina.com/2012/07/08/economic02.html