හෙට (24) සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට පැය 3ක විදුලි කප්පාදුවක් කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට උදෑසන 8.30 සිට සවස 5.30 අතර කාලයේ පැය 2 යි විනාඩි 15 ක කාලයක් සහ රාත්‍රී 6.30 - රාත්‍රී 9.30 අතර කාලයේ විනාඩි 45 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට තීරණය කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම විදුලි කප්පාදුව ලබන අඩුම තරමින් ලබන 28 වන දින තෙක් ක්‍රියාත්මක කිරිමට සිදුවන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එම නිවේදනයට අනුව හෙට (24) කාණ්ඩ 04 ක් යටතේ, උපරිම පැය 2 යි විනාඩි 15 කට යටත්ව, පෙරවරු 8.30 – 10.45 අතර කාලයේ, පෙ.ව 10.45 - ප.ව 1.00 කාලයේ, ප.ව 1.00 - ප.ව. 3.15 අතර කාලයේ සහ ප.ව 3.15 සිට ප.ව 5.30 අතර කාලයේ විදුලිය විසන්ධි කෙරේ. ඒ අනුව අනුරාධපුර, හබරණ, වවුනියාව, තුල්හිරිය, පන්නල, බෝලවත්ත, පුත්තලම, කුරුණෑගල, හලාවත, මාදම්පේ, අම්පාර, ත්‍රිකුණාමලය, බියගම, කටුනායක, කොස්ගම, කැළණිය, ආනියාකන්ද, වේයන්ගොඩ, අතුරුගිරිය, පන්නිපිටිය, සීතාවක, ඇඹිලිපිටිය, බදුල්ල, නුවරඑළිය, රන්ටැඹේ, අම්බලන්ගොඩ, දෙනියාය, ගාල්ල, මාතර, මතුගම, පානදුර, කිරිබත්කුඹුර, හොරණ, පානදුර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, වාලච්චේන, කොටුගොඩ, සපුගස්කන්ද, අම්බලන්ගොඩ, උකුවෙල, විමලසුරේන්ද්‍ර, හම්බන්තොට, ඛෙලිඅත්ත, රත්මලාන යන ප්‍රදේශවල සහ ඒ අවට ග්‍රාමයන්ගේ විදුලිය විසන්ධි කරන බව ලංවිම අවධාරණය කරයි.
තවද කොළඹ අවට කලාපයේ ගාලුමුවදොර, ජනාධිපති මාවත, වොක්ෂෝල් වීදිය, ඩික්මන්ස් පාර, නිදහස් මාවත, ජාවත්ත, ටොරින්ටන් මාවත, හෝර්ටන් පෙදෙස, රෝස්මිඩ් පෙදෙස, බොරැල්ල, කොටා පාර, බාන්ස් පෙදෙස, වෝඩ් පෙදෙස, ටවුන්හෝල්, ඩෑම් වීදිය, සුගතදාස ක්‍රිඩාංගණය, ග්‍රෑන්ඩ්පාස් සහ ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට ප්‍රදේශවලට හෙට පෙ.ව 8.30 සිට 10.45 දක්වා විදුලිය විසන්ධි කරනු ඇත.
එසේම පෙ.ව 10.45 සිට 1.00 දක්වා කාලයේ එම්පයර් සිටි, බම්බලපිටිය මහල් නිවාස, හැව්ලොක් පාර, කිරුලපන, මයුර පෙදෙස, ගෝතමී පාර, ආනන්ද රාජකරුණා මාවත, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ජේතවන පාර, ශාන්ත ජෝන් වීදිය, කෙටවලමුල්ල, මැසෙන්ජර් වීදිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලිය විසන්ධි කෙරේ. ප.ව 1.00 සිට ප.ව 3.15 අතර කාලයේ කොළඹ අවට යෝක් වීදිය, පළවන හා දෙවන හරස් වීදිය, චැතම් වීදිය, සර් බාරොන් ජයතිලක මාවත, ගාලුමුවදොර කොටසක්, යුනියන් පෙදෙස, ධර්මපාල මාවත, ලිබර්ටි ප්ලාසා, කොල්ලූපිටිය වෙළඳ සංකීර්ණය, බම්බලපිටිය, ඇල්විටිගල මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත, පුංචි බොරැල්ල, දෙමටගොඩ, බේස්ලයින් පාර, බෝධිරාජ මාවත, සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ටෙක්නිකල් හන්දිය, වරාය අවට විදුලිය විසන්ධි කෙරේ. සවස 3.15 සිට 5.30 දක්වා අතර කාලයේ ක්‍රෙස්කැට් නිවාස, එන්.ඩී.බී බැංකු සංකීර්ණය, නවම් මාවත, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයල වැල්ලවත්ත සහ අවට, ඇල්බට් චන්ද්‍රවංකය, කේම්බ්‍රිජ් පෙදෙස, සර් මාකස් ප්‍රනාන්දු මාවත, විජයරාම පාර, බෞද්ධාලෝක මාවත, වනාතමුල්ල, මැනිං වෙළඳ සංකීර්ණය, ඕල්කට් මාවත, පිටකොටුව, කොටහේන, අල්විස් පෙදෙස සහ ඒ අවට ප්‍රදේශවල විදුලි විසන්ධි කිරීමට භාජනය කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි.
එම එක් එක් කාණ්ඩ වලට පිළිවෙලින් සවස 6.30 – 7.15 අතර කාලයේත්,7.15 – 8.00 අතර කාලයේත් 8.00 – 8.45 අතර කාලයේත්, 8.45 – 9.30 අතර කාලයේත් විදුලිය විනාඩි 45 කට විසන්ධි කිරීමට සිදුවන බව ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා අවධාරණය කරයි.
මේ පිළිබඳව කඩිනමින් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාර්යාල හරහා සියළුම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල දැනුවත් කිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට උදෑසන 9.00 න් පසුව තම ප්‍රදේශයේ විදුලි බිඳවැටීම් පිළිබඳව ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු කාර්යාලයෙන් විස්තර ලබාගත හැකි බව ලංවිම පෙන්වා දෙයි. එමෙන්ම ලංවිම ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය - 1987 අංකය ඇමතීමෙන් මේ පිළිබඳව වැඩි විස්තර ලබාගත හැකි බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
http://sinhala.adaderana.lk/news.php?nid=26002