ෆිච් විසින් මෙම ණය ශ්‍රේණිය සහතික කිරීම තුළින් පිළිඹිබු වන්නේ සමාගමේ ප්‍රධාන ආයෝජනයන් තුළින් අඛණ්ඩව ලැබෙන ශක්තිමත් ලාභාංශ හා එහි එහි පහළ මූල්‍ය තෝලනයයි. (මුදල් සංචිත අඩුකළ සංශෝධිත ණය/ පොලී, බදු, ක්ෂ්‍යවීම්, ක්‍රමක්ෂය හා බදුකුලී වලට පෙර ඉපැයීම් (adjusted debt net of cash/operating EBITDAR)).
2012 මාර්තු අවසානයේදී ජෝන් කීල්ස් සමාගම සතුවූ මුදල් සංචිතය එහි ණය ප්‍රමාණයට වඩා වැඩිවූ අතර මේ නිසා, එහි තෝලන අනුපාතය (leverage ratio) සෘණ 0.94x ක අගයක් විය.
මීට අමතරව, සමාගමේ ප්‍රධාන, ලාභාංශ ගෙවන වත්කම් බොහෝමයක ණය ප්‍රමාණය අඩු නිසා ජෝන් කීල්ස් සමාගමේ ණය හිමියන්ට පරිපාලිත සමාගම් වල වත්කම් වලට ඇති හිමිකම වැඩි වීම, නව ව්‍යාපෘති හා පුළුල් කිරීම් සඳහා මුදල් සැපයීමට සිය කොටස් කරුවන්ට ඇති කැමැත්ත හා හැකියාව හේතුවෙන් ආරක්ෂාකාරී ප්‍රාග්ධන ව්‍යුහයක් පවත්වාගෙන යාමේ ඉතිහාසය හා සමාගමේ ඉහළ ද්‍රවශීලතාවය මෙම ණය ශ්‍රේණිය මගින් අඛණ්ඩව පෙන්නුම් කරයි.
2012 මාර්තු වලින් අවසන් වන මුදල් වසරේදී ජෝන් කීල්ස් සමාගමට අයත් ප්‍රධාන අනුබද්ධ සමාගම්වල ඉපැයීම් තවදුරටත් ශක්තිමත්ව වර්ධනය විය. .
සමාගමේ ඒකාබද්ධ පොලී, බදු, ක්ෂ්‍යවීම්, ක්‍රමක්ෂය හා බදුකුලී වලට පෙර ඉපැයීම් (EBITDAR) ආන්තිකය 2012 මාර්තු අවසානයේදී සියයට 13.85 ක් දක්වා දියුණුවී තිබෙන අතර (මෙය 2011 මාර්තු අවසානයේදී සියයට 11.55 කි.) සියයට 27 කින් වාර්ෂික ආදායම් වැඩිවීම මෙයට සහයෝගයක් වී ඇත.
මෙම වර්ධනයට වැඩිම දායකත්වය සංචාරක හා පාරිභෝගික ආහාර (සිල්ලර වෙළඳ අංශයද ඇතුළත්ව) යන අංශ මඟින් ලැබී ඇති අතර, සමාගමට අයත් හෝටල් හා සංචාරක නිකේතන රැසක් නවීකරණය කිරීමත් අළුතින් හෝටල් කාමර එකතු කිරීමත් පාරිභෝගික හා සිල්ලර වෙළඳ අංශයේ ධාරිතාවය වර්ධනය කිරීමත් මෙම වර්ධනයට රුකුලක් වී ඇත.
වසරේ වැඩි කාලයක් පුරා පැවති හිතකර දේශීය සාර්ව ආර්ථික පරිසරයද සමාගමේ ආදායම් වැඩිවීමට පිටිවහලක් විය. මුදල් වසරේ අවසාන භාගයේදී රුපියල විශාල වශයෙන් අව ප්‍රමාණය වීමද විශේෂයෙන් සමාගමේ ප්‍රවාහන හා සංචාරක අංශවල වර්ධනයට උපකාරයක් වී ඇත.
ෆිච් ආයතනය බලාපොරොත්තු වන්නේ ඉහළ දේශීය උද්ධමන පීඩනය නිසා 2012 මුදල් වසරට සාපේක්ෂව 2013 මුදල් වසරේදී ජෝන් කීල්ස් සමාගම් සමූහයේ ක්‍රියාකාරීත්වය යම් මට්ටමක් දක්වා පහළවැටිය හැකි බවයි.
සමාගමේ මධ්‍යකාලීන අවදානම් අතර ප්‍රධාන එකක් ලෙස මේ වනවිට කොළඹ දකුණු වරායේ ගැඹුරු නැව් වලට පැමිණිය හැකි නව බහාලුම් පර්යන්තයක් හඳුන්වාදීම සැලකිය හැකිය.. ක්ෂේත්‍රයේ ඇස්තමේන්තු වලට අනුව 2013 වසර අවසානයේදී හෝ 2014 වසර මුලදී මෙම බහාලුම් පර්යන්තයේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, බහාලුම් හැසිරවීමේ ධාරිතාවය වැඩිවන විට එම ව්‍යාපාරයේ දැනටමත් සිටින, ජෝන් කීල්ස් සමාගමට සියයට 42 ක කොටස් අයත් සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) සමාගමද ඇතුළත්ව අනිකුත් සමාගම්වල ලාභ ආන්තිකයට පීඩනයක් ඇතිවිය හැකි අතර සමාගම්වල වෙළඳපොල කොටස අඩුවීමට පුළුවන.
මෙම පීඩනය අඩු කරන සාධක ලෙස අනිකුත් වරාය පර්යන්ත මෙහෙයුම් කරුවන්ට සාපේක්ෂව සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) සමාගමේ ඉහළ මෙහෙයුම් කාර්යක්ෂමතාවය හා අනිකුත් සමාන ඉන්දියානු වරායන්ට වඩා කොළඹ වරාය කළාපීය ප්‍රධාන නාවික මාර්ග වලට සමීපයෙන් පිහිටා තිබීම සැලකිය හැක.
මධ්‍යකාලීනව සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) සමාගමේ ලාභ විශාල පසු බෑමකට ලක්වුණු අවස්ථාවක වුවද ජෝන් කීල්ස් සමාගම සමූහ සමාගම් මට්ටමේදී ආරක්ෂාකාරී ප්‍රාග්ධන ව්‍යුහයක් පවත්වාගෙන යන තාක් එහි ණය ශ්‍රේණිගත කිරීමේ ආකෘතීන් (credit metrics) යම් මට්ටමක ඔරොත්තු දීමක් ඇතැයි ෆිච් ආයතනය ඇස්තමේන්තු කර තිබේ.
2012 මුදල් වසරේ ජෝන් කීල්ස් සමාගමේ ලාභාංශ ආදායමෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයකට (2011 මුදල් වසරේ එය සියයට 59 කි.) සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) සමාගම දායකවී ඇත.
මධ්‍ය කාලීනව ජෝන් කීල්ස් සමාගමේ අනිකුත් ප්‍රධාන අංශවල ලාභාංශ දියුණු වී සිය ලාභාංශ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් එම අංශ විසින් සපයනු ඇතැයි ජෝන් කීල්ස් සමාගම
බලාපොරොත්තු වේ. ජෝන් කීල්ස් සමාගමේ ණය ශ්‍රේණිය වෙනස් කිරීමට කුමක් හේතුවිය හැකිද ?
ඍණාත්මක : තනිව හෝ සාමූහික වශයෙන් ණය ශ්‍රේණිය පහළ දැමීමට හේතුවිය හැකි අනාගත සිදුවීම්:
- ජෝන් කීල්ස් සමාගමේ සමූහ සමාගම් මට්ටමේ තෝලන අනුපාතය (leverage ratio) 1.5x කට වඩා අඛණ්ඩ පදනමකින් වැඩි වීම.
- සමූහ සමාගම් මට්ටමේ දළ ණය ප්‍රමාණය, පුනරාවර්තන නොවන ලාභාංශ ප්‍රවාහයන් හැර සමස්ත ලාභාංශ ආදායමට අනුපාතයක් ලෙස 4.0x කට වඩා වැඩි වීම.. ( 2012 මාර්තු අවසානයේදී මෙය: 1.56x)
- අක්‍රමවත්ව ණය කල්පිරීම නිසා ද්‍රවශීලතාවය දුර්වල වීම. මෙය ප්‍රති මූල්‍යන අවදානම් සඳහා හේතුවේ.
- නව ආයෝජන හා පුළුල් කිරීම් සඳහා මුදල් යෙදවීමේ කළමනාකාරීත්වයේ ආරක්ෂාකාරී ප්‍රවේශය අහිතකර ආකාරයට වෙනස් කරන කොටස් කරුවන්ගේ යම් ආකාරයක සංකේන්ද්‍රණය වැඩිවීමක්.
ජෝන් කීල්ස් සමාගම 1986 වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළේ ලැයිස්තුගතකර තිබෙන අතර කොළඹ කොටස් වෙළඳ පොළේ වැඩිම ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම මෙයයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=775869105