මාස හතරකට පසුව රුපියල ඩොලරයට සාපේක්ෂව වාර්තා කළ ශක්තිමත්ම අගය වාර්තා කිරීමට අද සමත් විය.
මේ අනුව, විදේශ විනිමය වෙළඳ පොළේ ඩොලරයක මිල අද දිනයේ රුපියල් 128.90/129.00 ක් ලෙස වාර්තා විය.
මුදල් වෙළෙඳුන්ට අනුව විනිමය වෙළඳ පොළේ ඩොලරයක මිල රුපියල් 128.90 ක මට්ටමක අවසන් වරට තිබී ඇත්තේ පසුගිය මැයි 10 වනදායි.
මහ බැංකුව විසින් සියයට 9.71 ක පොලී අනුපාතයකට රුපියල් බිලියන 5.0 මුදලක් මුදල් වෙළඳ පොළට ඇතුළු කිරීමට කටයුතු කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=242883839