අවුන් සාන් සූකීට 'ජනාධිපති විය හැකියි'
2012 සැප්තැම්බර් 30 ඉරිදා - 16:41 GMT
අද දෙරණ
බහුතර ජනතාවගේ ඡන්දය ලබා ගත හොත්, විපක්ෂ නායිකා අවුන් සාන් සූකි බුරුමයේ මීළඟ ජනාධිපතිවරිය ලෙස පිළිගැනීමට තමන් සුදානම් බව බුරුමයේ වත්මන් ජනාධිපති තෙයින් සෙයින් ප්‍රකාශ කරයි.
අවුන් සාන් සූකි තම සමග අත්වැල් බැඳගෙන කටයුතු කරන අතර බුරුමයේ දේශපාලන ප්‍රතිසංස්කරණයක් සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමට තම කැප වන බවටද ඔහු ප්‍රතිඥා දුන්නේය.
ජනාධිපති තෙයින් සෙයින් බුරුමයේ මර්දනකාරී හමුදා පාලනයේ කොටස් කරුවෙකු වශයෙන් කටයුතු කළ අතර අවුන් සාන් සූකි වසර විස්සකට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ රඳවා තිබුණි.
නමුත් මේ වන විට ජනාධිපති තෙයින් සෙයින් බුරුම දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පුදුමාකාර අන්දමේ නියමුවෙකු බවට පත්වෙමින් සිටින බවයි ඔහු සමග සාකච්ඡා කළ බීබීසී වාර්තාකරු ස්ටීවන් සකුර් පවසන්නේ.