ලංකා බැංකුව විසින් නිකුත් කළ ඩොලර් මිලියන 500 ක වසර පහේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුව සඳහා ඩොලර් බිලියන 02 ක් වටිනා ලංසු ලැබුණු බවත් නිකුතුවේ පොලිය සියයට 5.325 ක් ලෙස තීරණය වූ බවත් බැංකුව කියයි.
මෙම ලංසු ලැබී තිබෙන්නේ යුරෝපයේ සහ ආසියාව පදනම් කරගත් ආයෝජකයින් 140 දෙනෙකුගෙන් බව ලංකා බැංකුව සඳහන් කරයි.
මෙම නිකුතුවේ ප්‍රධාන කළමනාකරු ලෙස UBS බැංකුව කටයුතු කළ අතර නිකුතුවෙන් සියයට 74 ක් පමණ මිලදීගෙන තිබෙන්නේ ආසියානු ආයෝජකයින් විසිනි. ඉතිරිය මිලදී ගෙන තිබෙන්නේ යුරෝපීය ආයෝජකයින් විසිනි.
මෙම බැඳුම්කර නිකුතුව ඇමරිකාව පදනම් කරගත් ආයෝජකයින්ට අලෙවි නොකිරීම විශේෂත්වයකි.
ලංකා බැංකුව ගිය වසරේද ඩොලර් මිලියන 500 ක් ජාත්‍යන්තර වෙළඳ පොළ හරහා රැස්කර ගත්තේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=783193688