FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» COCR IN TROUBLE?
by ApolloCSE Today at 2:01 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Yesterday at 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Yesterday at 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by LAMDA Mon Apr 22, 2024 12:58 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

» Sri Lanka: China EXIM Bank Debt Moratorium to End in April 2024
by DeepFreakingValue Tue Apr 16, 2024 11:22 pm

» Uncertainty over impending elections could risk Lanka’s economic recovery: ADB
by God Father Tue Apr 16, 2024 2:47 pm

» Sri Lanka's Debt Restructuring Hits Roadblock with Bondholders
by God Father Tue Apr 16, 2024 2:42 pm

» BROWN'S INVESTMENTS SHOULD CONSIDER BUYING BITCOIN
by ADVENTUS Mon Apr 15, 2024 12:48 pm

» Bank run leading the way in 2024
by bkasun Sun Apr 14, 2024 3:21 pm

» ASPI: Undoing GR/Covid19!
by DeepFreakingValue Thu Apr 11, 2024 10:25 am

» Learn CSE Rules and Regulations with the help of AI Assistant
by ChatGPT Tue Apr 09, 2024 7:47 am

» Top AI tools in Sri Lanka
by ChatGPT Tue Apr 09, 2024 7:21 am

» HDFC- Best ever profit reported in 2023
by ApolloCSE Mon Apr 08, 2024 12:43 pm

» WAPO 200% UP
by LAMDA Sun Apr 07, 2024 10:41 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

කොටස් වෙළදපොල සිංහලෙන්

+35
EquityChamp
ayesh84
Quibit
jsamarasinghe
sampath.anuradha
Eng Krishantha
rangananwr
IO3+O
NC
MAKARA
sajith.warushavithana
Roboticfx
serene
Lucas
NUINTH
milanka
chap
wappula
D.G.Dayaratne
manula
KDDND
CSE1
kalindusri
madhawa.h
SCR
keeper
nihal123
smallville
kavi84
Chinwi
NZ BOY
Slstock
LSE
notme
K.Haputantri
39 posters

Go to page : Previous  1, 2, 3, 4, 5  Next

Go down  Message [Page 2 of 5]

K.Haputantri


Co-Admin

සැමට ආයුබෝවන්! මැයි මස පලමුවැනිදා පොරොන්දුවූ පරිදි දෙවැනි සිංහල පාඩම පහත දැක්වේ.

ආයෝජන විවිධාංගකරණය (Diversification of Investments)

අප ‍මෙතෙක් සාකච්ජා කලේ කොටස් වෙළඳල ආයෝජනයට පෙර සිදුකලයුතු පෙර සූදානම ගැනය. උක්ත සාකච්ජාවෙන් පැහැදිළිවූ ආකාරයට පෙර සූදානමක් ඇතිව ආයෝජන විවිධාංගකරණය නුවනැති පියවරකි. ආයෝජන විවිධාංගකරණය සිරස් සහ තිරස් (Verticle & Horizontal) වශයෙන් ක්‍රම දෙකකට කල හැකිය.

සිරස් විවිධාංගකරණය

සිරස් විවිධාංගකරණය යටතේ තම ඉතිරි කිරීම් සියල්ල එකම ප්‍රතිලාභ සහ අවදානම ඇති ආයෝජන අංශයක හෝ අංශවල පමණක් ආයෝජනය නොකොට තම කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන මුදල් අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන්ද එක් එක් ආයෝජන අංශවල ඇති හඳුනාගත් අවදානම් මට්ටමද ප්‍රතිලාභයන් ද සැලකිල්ලට ගෙන විවිධ ප්‍රතිලාභ සහ අවදානම ඇති අංශ අතර කිසියම් සැලැස්මකට අනුව ඉතිරි කිරීම් බෙදා ආයෝජනය කෙරේ.

සිරස් විවිධාංගකරණයට විකල්පයක් ලෙස අවදානමක් ඇත්තේම නැති රාජ්‍ය සුරැකුම්පත් වල පමණක් ආයෝජනය කලහොත් ලැබෙන ප්‍රතිලාභ ඉතා අවම වනු ඇත. නොඑසේව දැඩි අවදානම් සහිත කොටස් වෙළඳපලෙහි පමණක් තම සියලු ධනය යෙදවිණි නම් ප්‍රතිලාභ ඉහල වියහැකි වුවත් විශාල අවදානමක් දැරීමට සිදුවනු ඇත. එවිට තම කෙටිකාලීන සහ මැදිකාලීන මුදල් අවශ්යාතා සපුරා ගැනීමට ද අපහසු වනු ඇත. වාණිජ බැංකු පොලිය මූල්‍ය සමාගම් පොලියට වඩා අඩුවන නමුත් අවදානම අඩුය. එබැවින් තම එදිනෙදා සහ අනාගත මුදල් අවශ්‍යතාවන්ද අවදානම් මට්ටමද සැලකිල්ලට ගෙන තම ධනය විවිධ ආයෝජන අවස්ථා අතර බෙදාහැර ආයෝජනය කිරීමට සිරස් ලෙස විවිධාංගකරණයෙහිදී ප්‍රථමයෙන් සැලකිලිමත් විය යුතුය. පහත දැක්වෙන පයි ප්‍රස්තාර සටහ‍නෙහි ආදර්ශ සිරස් ආයෝජන සංකලනයන් දක්වා ඇත.

ප්‍රස්තාරය 01
ආදර්ශ සිරස් ආයෝජන සංකලනයන්

කොටස් වෙළදපොල සිංහලෙන් - Page 2 Screen13

මේ අනුව ඉඩම් ගොඩනැගිලි වැනි ස්ථාවර වත්කම්වල තම ධනයෙන් 25%ක්ද, වාණිජ බැංකු ස්ථාවර තැන්පතුවල 15% ක්ද, භාණඩාගාර බිල්පත් වල 15% ක්ද, ඉතිරිකිරීමේ ගිණුම්වල 20%ක්ද සහ කොටස් වෙළඳපලෙහි 25%ක්ද ආයෝජනය කිරීමට යෝජනා කර ඇත.
මෙවන් සිරස් ආයෝජන විවිධාංගකරණයක් මගින් එක් එක් ආයෝජන ක්‍රමවල ඇති නෛසර්ගික අවදානම් සහගත භාවය අවම කිරීම සහ තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අරමුදල් අපහසුවකින් තොරව අවශ්‍ය විට සම්පාදනය තහවුරැ කිරීම සහ අපේක්ෂිත ප්‍රතිලාභ ලැබීමේ සම්භාව්යවතාවය වැඩි කිරීම සිදුකර ඇත. යම් අයෙකුගේ ධනයේ ප්‍රමාණය අනුව මෙසේ වෙන් කිරීමේදී කොටස් වෙළඳපල ආයෝජනය සඳහා වෙන් කල හැක්කේ යෝජිත ප්‍රමාණයට වඩා ඉතා සුලු ප්‍රතිශතයක් නම් එපරිදි මෙම සැලැස්ම සංශෝධනය කරගත හැකිය. යමෙකුගේ එදිනෙදා අවශ්‍යතා සියල්ල සැලකිල්ලට ගත් කල කොටස් වෙළඳපල ආයෝජනය සඳහා කොටසක් වෙන් කල නොහැකි නම් වඩාත් ඥාණාන්විත වන්නේ තම ආර්ථික තත්ත්වය යහපත් වනතෙක් එම ආයෝජනය පසුවට කල් දැමීමය.

සිරස් විවිධාංගකරණයේදී කොටස් වෙළඳාම සඳහා මෙහිලා යෝජිත ප්‍රතිශතය තමන්ට වෙන් කිරීම ප්‍රයෝගිකව අපහසු නමුත් ඉතාම සුලු මුදලක් වෙන් කරගැනීමට හැකියාව තිබේ නම් කිසියම් නාමික මුදලකින් එය ඇරඹීමටද පිළිවන. කොළඹ කොටස් වෙළඳපලෙහි වර්තමාන රෙගුලාසි අනුව කොටස් 100ක අවම ඇනවුම් සීමාව ඉවත් කර ඇති හෙයින් සහ කුඩා ඇනවුම් සඳහා නියමිත ස්ථාවර අවම අයකිරීම අත්හැරදමා ඇති හෙයින් රැපියල් 10.00 වැනි ඉතා සුලු මුදලත් අත ඇති අයෙකුට වුවද එම මුදලට එක් කොටසක් හෝ මිලට ගත හැකිය. මෑතකදී සුරැකුම්පත් සහ විණිමය කොමිෂන් සභාව විසින් ගනු ලැබූ ඉතා වැදගත් තීරණයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මේ නිසා මිල මුදල් එතරම් අත නොගැවසෙන සිසුන් පවා තම ඉතුරැ කිරීම් වලින් කොටස් කිහිපයක් මිලට ගත් අවස්ථාද වාර්තා වී ඇත. මෙ මගින් ප්‍රමාණවත් ලාභයක් ලබාගත නොහැකි වුවද ඉන් අනාගත ආයෝජකයෙකුට අවැසි ප්‍රයෝගික පලපුරැද්ද නිසැකවම ලබාගත හැකිය. යමෙකුට එතරම් අවධානමක් නොමැතිව කොටස් වෙළඳාම ගැන ප්‍රයෝගික පලපුරැද්දක් ලබා ගැනීමට මෙ මගින් මහඟූ අවස්ථාවක් ලැබී ඇත.

අවවාදයයි:- ආධුනික ආයෝජකයකු විසින් කුමන හේතුවක් නිසා හෝ කිසිදු අවස්ථාවක හෝ තම එදිනෙදා අවශ්‍යතා සඳහා වෙන්කල අරමුදල් හෝ ණයට ගත් අර මුදල් හෝ කොටස් වෙළඳපලෙහි ආයෝජනය නොකල යුතුය. එවන් අනුවණ ක්‍රයාවකින් සදහටම පසුතැවිලි වියහැකි ප්ර තිඵල අත්විය හැකිය.

මෙහි දක්වා ඇත්තේ සියලු දෙනාටම ගැලපෙන වෙනස්කල නොහැකි ආදර්ශයක් නොවේ. එක් එක් ආයෝජකගේ ආයෝජන අවශ්‍යතා සහ රැචි අරැචිකම් අනුව තමන්ටම ආවේනිකවූ ආයෝජන විවිධාංගකරණ සැලැස්මක් සකස් කර ගැනීමේ නම්යචතාව හා හැකියාව ඇත. අවශ්‍ය වන්නේ සකස් කෙරෙන සැලැස්ම තම අවශ්‍යතාවන්ට අනුකූල වීම, ‍පෙර සූදානම හා ඒ අනුව නොවලහා ක්රිේයා කිරීම පමණි.

කොටස් වෙළඳපල ප්‍රයෝගික තත්ත්වයට බෙහෙවින් සමාන පල පුරැද්දක් හා දැනුමක් ලබාදෙන ක්‍රඩාවන් ද ඇතැම් වෙබ් අඩවි මගින් ඉදිරිපත් කර ඇත. මේ සඳහා මුදල් අවශ්‍ය නැත. මෙ මගින් ප්‍රයෝගික තත්ත්වයට බෙහෙවින් සමාන අත්දැකීමක් ලබාගත හැකි නමුදු සත්යෙ මුදල් ආයෝජනය කිරීමේදී ඇතිවන ආවස්ථික වැය (opportunity cost මින් අදහස් කරන්නේ තමා සතු සීමිත ධනය වෙනත් ආර්ථික කටයුත්තක නොයොදවා කොටස් වෙළඳපොලෙහි යෙදවීම හේතු කොටගෙන නැති විය හැකි ප්‍රතිලාභයන්ය) සහ සත්‍ය අවදානම දැරීම හේතුකොටගෙන ලැබෙන ලාභ පාඩු පිළිබඳ ප්‍රයෝගික මානසික අත්දැකීම එමගින් නොලැබේ.

තිරස් විවිධාංගකරණය

තිරස් විවිධාංගකරණය යනු සිරස් විවිධාංගකරණය යටතේ තෝරාගත් එක් එක් ආයෝජන අවස්ථාව සඳහා වෙන් කර ඇති තම ධනය නැවත තිරස් අතට විවිධාංගකරණය කිරීම පිණිස විවිධ ආයෝජන අවස්ථා යටතේ නැවත වර්ගීකරණය කිරීමය.

උදාහරණයක් වශයෙක් ඉහතින් දක්වන ලද බැංකු තැන්පතු සඳහා වෙන්කල 15%ක ධනය තම මාසික මුදල් උවමනාවන් පිරිමසා ගැනීම සඳහා මාසික පොලී ලැබෙන ස්ථාවර ගිණුම් ඇරඹීම කලයුතු නම් එම අරමුදල් සුදුසු අනුපාතයකට රාජ්‍ය බැංකු, වාණිජ බැංකු හා මූල්යය සමාගම් අතර වෙන් කොට සුදුසු කාල පරාසයන් තීරණය කොට තැන්පත් කිරීම මින් අදහස් කෙරේ. වඩාත් නුවනැති ක්‍රමය වන්නේ ඉන් වැඩි කොටසක් රාජ්‍ය හා වාණිජ බැංකුවල ද ඉතා සුලු ප්‍රමාණයක් මූලය්‍ය සමාගම් වලද තැන්පත් කිරීමය. මූල්‍ය සමාගම් වල සුලු ප්‍රමාණයක් තැන්පත් කිරීම සුදුසු වන්නේ වැඩි පොලියක් ලැබෙන නමුත් අවදානම තරමක් ඉහල බැවිනි. ඔබට වැඩි අවදානමක් අපහසුවකින් තොරව දැරිය හැකි නම් පමණක් වැඩි අවදානම් සහගත වැඩි ප්‍රතිලාභ ගෙන දෙන මූල්‍ය සමාගම් වල වැඩි මුදලක් තැන්පත් කල හැකිය.

මෙම තිරස් විවිධාංගකරණය තවදුරටත් පුලුල් කරමින් වෙළඳ පොලේ ඇති විවිධ ඉතිරිකිරීම් ක්‍රම අධ්‍යයනය කොට තම කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන මුදල් අවශ්ය තා සපුරාගත හැකි ලෙස සුදුසු ආයෝජන ක්‍රමය තෝරා ගත හැකිය. උදාහරණයක් ලෙස මාසිකව පැමිනෙණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව පොලී ගෙවන ස්ථාවර තැන්පතුවක්ද, වසර පහකින් එළඹෙන තම දරැවාගේ උසස් අධ්යාීපන කටයුතු සඳහා අවශ්‍ය මුදල සපුරා ගැනීම සඳහා වසර පහ අවසානයේදී ඉහල පොලී අනුපාතයක් ගෙවන වසර පහක ස්ථාවර තැන්පතුවක්ද තම හදිසි එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉහලම පොලියක් ලැබෙන මුදල් ආපසු ගැනීම පිළිබඳ සීමා නොමැති සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක්ද වශයෙන් තම ආයෝජනයන් විවිධාංගකරණය කල හැකිය.

කොටස් වෙළඳපල ආයෝජනය

යමෙකු කොටස් වෙළඳ පලෙහි ආයෝජනය කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා ඉහත උදාහරණයෙහි වෙන්කර ඇති 25% ක අරමුදල වෙනත් කිසිදු කාර්යකට හදිසියේ අවශ්‍ය නොවන ඉතුරැකිරීම් විය යුතුමය. මෙම ප්‍රතිශතය ආයෝජනය කිරීමෙන් පසුව හඳුනා ගන්නා හදිසි මුදල් අවශ්‍යතා අනුව මෙම ප්‍රතිශතය වරින්වර සංශෝධනය කල හැකි වුවද වෙළඳපල තත්ත්වයන් අනුව එවැනි හදිසි වෙනස්කම් කිරීමට යාමෙන් පාඩු සිදුවිය හැකිය.

කිසි දිනෙක ණයට මුදල් ගෙන හෝ වෙනත් අවශ්යසතා සඳහා වෙන්කල මුදල් තාවකාලික මට්ටමින් හෝ ලබාගෙන කොටස් වෙළඳ ‍පොලෙහි ආයෝජණය නොකල යුතුය. එවැනි හැඟීමක් ඔබට යන්තමින් හෝ ඇති වූයේ නම් එය ඔබ කොටස් වෙළඳපල ආයෝජනයට ඇබ්බැහි වෙමින් පවතින තැනැත්තෙක් බවට කෙරෙන ඉඟියකි. එය වහා සුව කරගත යුතු යම්කිසි මට්ටමක මානසික ව්යානධියකි. එලෙස කොටස් මිලට ගැනීම දැඩි අවදානම් සහිත සූදුවකට සමානය. මෙහිලා ඔබ විසින් කල යුතුව ඇත්තේ එම හැඟීම වහාම ප්‍රතික්ෂෙප කොට සිත දැඩි කොටගෙන ආයෝජනය තම සැලසුමට පමණක් සීමා කිරීමය.

කොටස් වෙළඳපල තිරස් විවිධාංගකරණය- පලමු පියවර

තිරස් විවිධාංගකරණයේ පලමු පියවර ලෙස, කොටස් වෙළඳපල ආයෝජනයේදී ආයොජන විවිධාංගකරණය සඳහා සුදුසු වෙළඳපල ආර්ථික කොට්ඨාශ (Economic Sectors) තෝරාගෙන ඒවා අතර වෙන්කර ඇති 25% ක අරමුදල සුදුසු අනුපාතයකට යලි බෙදාහල හැකිය. එක් කොට්ඨාශයක පමණක් සියලු මුදල් ආයෝජනය නොකොට කොට්ඨාශ කිහිපයක එක් එක් කොට්ඨාශය සඳහා වෙන්කරන ලද අරමුදල ආයෝජනය කිරීම නුවනැති ක්‍රියාවකි. එමගින් ආයෝජනවල අවදානම් සහගත භාවය අඩු කෙරේ.

උදාහරණයක් ලෙස බැංකු හා රක්ෂණය, ආහාර හා බීම වර්ග, නිෂ්පාදනය, තොරතුරැ තාක්ෂණය, හෝටල් හා සංචාරක කර්මාන්තය වැනි විවිධ කොට්ඨාශ අතර මෙම බෙදා හැරීම කිරීමේදී එක් එක් කොට්ඨාශවල කර්යසාධකතාව (Performance) සැලකිල්ලට ගත හැකිය. මෙහිලා එක් එක් කොට්ඨාශවල කර්යසාධකතාව (Performance) මැණ ගැනීම පිණිස ඒ පිළිබඳව පලකොට ඇති පර්යේෂණ වාර්තා ආදිය ගැන වැටහීමක් ලබා ගත යුතුය. ඒ සඳහා තැරැව්කාර ආයතන වල තමන්ට අනුයුක්ත සුදුසුකම් ලත් ආයෝජන උපදේශක වරයාගේ සහාය ලබාගත හැකිය. මූලධර්මමය විශ්ලේෂණය (Fundamental Analysis) පිළිබඳ මනා වැටහීමක් ලබාගත් පසුව ඔබටද මෙම දක්ෂතාව ඇතිවනු ඇත. ඒ පිළිබඳව විස්තරාත්මකව පසුව සාකච්ජා කරනු ලැබේ.

ඒ අනුව ඉහල කාර්සාධකතාවක් පෙන්නුම් කරන කොට්ඨාශයෙහි වැඩි ප්‍රතිශතයක්ද අවම කාර්යසාධකතාවක් පෙන්වන කොට්ඨාශයෙහි අඩු ප්‍රතිශතයක්ද වශයෙන් වෙන්කර ඇති අරමුදල බෙදා ආයෝජනය කල යුතුය. මෙහිලා සිහි තබාගත යුතු වැදගත් කරැණ වන්නේ මෙම කාර්යසාධකතා තත්ත්වයන් සැමදා එකම විධියකට නොපවතින බවද, සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල වෙනස්කම් හා ආර්ථික සංවර්ධනයේ ත්‍රිවෘරතා සහ ප්‍රමුඛතා වෙනස්වන අවස්ථාවල විවිධ ආර්ථික කෝට්ඨාශවල කාර්යසාධනයද දැඩි වෙනස්කම් වලට ලක්වීමට ඉඩ ඇති බවය. එවිට නව තත්ත්වයන්ට ගැලපෙන ලෙස තම ආයෝජන සංයෝජනය නැවත නැවත සකස් කර ගැතීම පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ.

කොටස් වෙළඳපල සඳහා ඉහත සටහනෙහි වෙන් කරන ලද 25% ක මුදල යලි කොටස් වෙළඳපල ආයෝජන කොට්ඨාශ අනුව තිරස් විවිධාංග කරණය කල හැකි ආදර්ශයක් පහත පයි ප්‍රස්තාර සටහනෙහි දක්වා ඇත.

ප්‍රස්තාරය 02 - තිරස් විවිධාංග කරණය කල හැකි ආදර්ශයක්

කොටස් වෙළදපොල සිංහලෙන් - Page 2 Screen14

ඒ අනුව වෙන් කර ඇති 25% න් බැංකු හා රක්ෂණ අංශයේ සමාගම් වල 25% ක කොටසක්ද, ආහාර හා පාණීය වර්ග අංශයේ සමාගම් වල 25% ක කොටසක්ද, නිෂ්පාදන අංශයේ සමාගම් වල 15% ක කොටසක්ද, හෝටල් හා සංචාරක අංශයේ සමාගම් වල 15% ක කොටසක්ද සහ තොරතුරැ තාක්ෂණ අංශයේ සමාගම් වල 20% ක කොටසක්ද වශයෙන් ඒ ඒ ආර්ථික කොට්ඨාශවල පසුගිය කාල පරිච්ජේදයේ කාර්යසාධකතාව අනුව ආයෝජන කිරීම සැලසුම් කර ඇත.

සාමාන්‍යයෙන් එක් අංශයක ආයෝජනය සමස්ථ ආයෝජනයෙන් 30% නොඉක්මවිය යුතුය යන සරල නියමය හැම විටම අනුගමනය කිරීම ඉතාම සුදුසු ය. තම අත්දැකීම එක් එක් අංශවල අතීත කාර්ය්‍යසාධනය සහ අනාගත උපනතීන් කෙරෙහි සැලකිලිමත් වෙමින් මෙම ආයෝජන සංකලනය තම අවශ්‍යතා අනුව වරින් වර වෙනස් කරගත හැකිය.

කොටස් වෙළඳපල තිරස් විවිධාංගකරණය- දෙවැනි පියවර

තිරස් විවිධාංගකරණයේ දෙවැනි පියවර ලෙස, මෙම සටහනේ එක් එක් කොට්ඨාශ සඳහා වෙන් කර ඇති අරමුදල් ප්‍රමාණ එම කොට්ඨාශය යටතේ කොටස් වෙළඳපලෙහි ලැයිස්තුගත කර ඇති තෝරාගත් සමාගම් කිහිපයක් අතර ඒවායෙහි කාර්යසාධකතාවය අනුව නැවත බෙදා ආයෝජනය කළ හැකිය. උදාහරණයක් ලෙස බැංකු සහ රක්ෂණ අංශය සඳහා වෙන්කල 25% ක මුදල කාර්යසාධනය මත තෝරාගත් බැංකු හා රක්ෂණ සමාගම් කිහිපයක් අතර නැවත වෙන් කොට මෙම විවිධාංගකරණය තවදුරටත් පුලුල් හා අර්ථාන්විත බවට පත්කල හැකිය. එපරිදිම අනෙකුත් අංශ සඳහා වෙන්කල මුදල් ද නැවත එක් එක් අංශයේ සුදුසු සමාගම් කාර්යසාධනය මත තෝරාගෙන විවිධාංගකරණයකට ලක් කල හැකිය. මෙහිලා සැලකිලිමත් විය යුතු වන්නේ තමන්ට පාලනය කරගත හැකි ආයතන කිහිපයක් පමණක් තෝරා ගැනීමය. උවමණාවට වඩා ඉහල ආයතන සංඛ්යාගවක ආයෝජනය කල හොත් ඒ පිළිබඳව කිට්ටු අධීක්ෂණයක් කිරීම තරමක් දුෂ්කර වනු ඇත. සාමාන්ය යෙන් එක් අංශයක ආයෝජනය සමස්ථ ආයෝජනයෙන් 30% නොඉක්මවිය යුතුය යන සරල නියමය මෙහිදී ද අනුගමනය කිරීම ඉතාම සුදුසු ය.

ආයෝජකයන් දෙදෙනෙකු එකිනෙකට වෙනස් ලෙස තම විවිධාංග කරණ සැලැස්ම සකසා තිබෙන්නට පිළිවන. මෙම සංයුතිය එක් එක් ආයෝජකයාගේ වෙළඳපල පිළිබඳ දැණුම, රැචි අරැචිකම් හා විශ්වාසය අනුව ‍වෙනස් කර ගත හැකිය. නිරන්තර අධ්‍යයනය, පෙර සූදානම සහ නිසි කලට නිසි තීරණ ගැනීම ඉතාම වැදගත් ය. ආයෝජනය සඳහා සුදුසු සමාගම් තෝරා ගැනීම ඉතා සංකීර්ණ ක්‍රිදාමයකි. ඒ පිළිබඳ පුලුල් සාකච්ජාවක් ඉදිරි පාඩම්වලදී උදාහරණ සහිතව යොදා ඇත. එයට ප්‍රථමයෙන් මෙහි විස්තර කරන ලද ආයෝජනය පිළිබඳ මූලික ක්‍රමෝපාය පිළිබඳව පුලුල් දැනීමක් ලබා ගැනීම සුදුසුය.



Last edited by K.Haputantri on Mon Jun 03, 2013 12:21 pm; edited 1 time in total

nihal123


Manager - Equity Analytics
Manager - Equity Analytics

Thank you sir
I read it "eka husmata"
niyama article eka
ohoma idriyata yan
Very Happy

KDDND


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

K.Haputantri!

Pls accept my sincere thanks and appreciation for your contribution for people like us - beginners......

its like giving a hand when we moving in a dark.....
learned a lot from this article... good knowledge, strategies, steps, defense and path....
surely will adopt it with the time.... once I get time shift to from current combinations to your proposed method with the time as things goes....

I here by respectfully saying you..... you became one of my teacher today...

Aryubowan!
Issthuthi! cheers

manula


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Thanks Hpau..great stuff. Today only seen the thread. Very easy to understand. good that u keep in same thread so any one miss can refer the previous notes. will be happy if possible can post in twice a month good for the new comers.. and in front of Sinhala term if u can mention the English term will be easy,to understand (Like තිරස් විවිධාංගකරණය = ??) . This is only suggestions .Once again thanks for your hard work.

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

I appreciate your effort

This country need more people like you

Congratulation!

K.Haputantri

K.Haputantri
Co-Admin

Thanks Nihal, KDDND, Manula & Daya for your positive comments. Please await the two colourful Pie Graphs missing to be inserted by GMnet.

K.Haputantri

K.Haputantri
Co-Admin

Manula, I have edited the lesson with english words as you proposed. Thank you for the positive comments. Now that Pie Charts are included by GMnet, its more user friendly.

K.Haputantri

K.Haputantri
Co-Admin

ආයුබෝවන්! පොරොන්දුවූ පරිදි ජූලි මාසයේ පලමු දිනම තුන්වැනි පාඩම පලකිරීමට නොහකි වූයේ මා කොළඹින් බැහැරව සිටි හෙයිනි. සිදුවූ අපහසුව ගැන කනගාටු වෙමි.

පාඩම 3 - කොටස් වෙළඳපල ආයෝජන මූලික ක්‍රමෝපාය

අයෝජන විවිධාංගකරණ තීරණ ගැනීමෙන් පසු එලඹෙන්නේ බොහෝ ආයෝජකයන් ඉතා පහසු කර්තව්්‍යයක් යයි සිතා නිතරම වරද්දා ගන්නා වැදගත්ම පියවර වන කුමන සමාගම් වල කොටස් කුමන වේලාවට කුමන මිලට මිලදී ගත යුතුද යන තීරණය ගැනීමය. තීරණය ගෙන ක්‍රියාත්මක කල පසුව එය වැරදුනි නම් එය පාඩු නොලබා නිවරද කිරීම එතරම් පහසු නැත.

ආයෝජනය සඳහා තීරණ ගැනීමේ දී පහත විස්තර කෙරෙන මූලික ක්‍රමෝපාය නිර්දය ලෙස අනුගමනය කල යුතු වෙයි. එය සෑම අවස්ථාවකදීම දිව්‍ය මන්ත්‍රයක් සේ සිහි තබාගෙන ඒ අනුව ක්‍රියාත්මක විය යුතුය.

මූලික ක්‍රමෝපායක අත්‍යාවශ්‍යව අංගයන් වන්නේ නිසි ආයෝජන වල නිසි කලට නිසි මිල මට්ටමේදී මුදල් යෙදවීම සහ තම හැඟීම් හා කෑදර කම පාලනය කර ගනිම්න් නිසි වේලාවට නිසි මිලට ලඟාවූ විට ලාභය අතට ලබා ගැනීමය.

මෙහිලා නිසි ආයෝජන යනු සුදුසු අධ්‍යයනයකින් පසුව තෝරා ගන්නා අනාගතයේ දී අගය ඉහල යාමට ඉඩ ඇති වැඩෙමින් පවතින සමාගම් වල කොටස්ය. මේ පිළිබඳ විස්තරාත්මක සාකච්ජාවක් පසුවට කෙරෙන හෙයින් මෙහිදී ඔබගේ අවධානය අනෙකුත් අනෙකුත් මූලික ආයෝජන ක්‍රමෝපාය සහ ඇතැම් වෙළඳපල අනීතික පරිචය (Illegal market practices) කෙරෙහි පමණක් යොමුකර ඇත. මෙහි සාකච්ජා කෙරෙනුයේ දිගු කාලීන ආයෝජක පරිචයකි(Long Term Investment Practice). කෙටිකාලීන ලාභ අපේක්ෂාවෙන් නවක ආයෝජකයන් තම මුදල් නොයෙදවිය යුතු වන්නේ එය ඉතා අවදානම් සහගත ක්‍රියාවක් බැවිනි.

නිසි කලට නිසි මිලට යනුවෙන් අදහස් කරන්නේ රටෙහි අනාගත ආර්ථික සංවර්ධනය පිළිබඳ යහපත් බලාපොරොත්තු ඇති කෙරෙන සමාජ ආර්ථික ප්‍රතිපත්ති මුල්බැසගෙන ඇති පසුබිමෙක කිසියම් හේතුවක් නිසා ඇතිවූ තාවකාලික වෙළඳපල පසුබෑමක් වැනි කරැණක් හේතුකොටගෙන අප විසින් ආයෝජන විවිධාංගකරණ සාකච්චාවේදී විස්තර කර ඇති පරිදි තෝරාගත් සමාගමේ වල කොටස් මිල පහත බැස ඇති අවස්ථාවේදී අවම මිලට කොටස් මිලයට ගැනීමය. වඩාත්ම සුදුසු අවස්ථාව නම් වෙළඳපල පතුලටම බැස ඇති අවස්ථාවේදී මිලට ගැනීමය.

වෙළඳපල පතුල (Market Bottom) නිර්ණය කිරීම එතරම් ලෙහෙසි පහසු කරැණක් නොවේ. එහිලා තම පලපුරැද්ද සහ විවිධ තාක්ෂණික විශ්ලේශණ පාවිච්චි කල හැකිය. එහෙත් කිසිදු ආකාරයකට වෙළඳපල පතුල කුමන අවස්ථාවක එළඹ තිබේද යන්න කිසිවෙකුට ස්ථිර ලෙස ප්‍රකාශකල නොහැකිය. වෙළඳපල පතුල කිවහැකි පළිඟු බෝලයක් (Cristal Ball) තවමත් කිසිටවෙකු නිපදවා නොමැති බව සිහි තබාගත යුතුය. එවැනි දැණුම ඇති බවට ප්‍රකාශ කරන අයවලුන්ගෙන් ප්‍රවෙසම් වීමට ආයෝජකයන් වග බලාගත යුතුය. එවැනි දැනුමක් ඇත්නම් ඔවුනට එම දැණුම යොදා කෝටිපතියන් වියහැකි බවත් ලොවට ප්‍රකාශ නිකුත් නොකරන බවත් සිහිතබා ගත යුතුය.

කෙසේ වෙතත් දෛනික වෙළඳපල වාර්තාවල එක් එක් කොටස්වල මිල පිළිබඳ ඉතිහාසය මත පදනම්වූ නිවැරදි තත්ත්ව පිළිබඳ දත්ත වාර්තා කෙරේ. උදාහරණයක් ලෙස පසුගිය වසර තුල අවම කොටස් මිලට යම් කොටසක් ලඟාවූ විට එම කොට‍සෙහි මිල දැඩි ලෙස පහල බැස ඇති බවට සාමාන්‍යයෙන් නිගමනය කල හැකිය. එබැවින් එම අවස්ථාව මිල පහල බැස ඇති සමාගමේ කොටස්වල ආයෝජනයට ඉතාම සුදුසු අවස්ථාවකැයි කිව හැකිය. කෙසේ වෙතත්, එකී මිල පහල යාමට හේතුවූ එකී සමාගමට විශේෂිත හේතුවක් තිබුණිදැයි සොයා බැලීමද වැදගත්ය. උදාහරණ වශයෙන් කිසියම් සමාගමක ඉපයීමේ හැකියාව හීන කෙරෙන නැවත සිදුවෙතැයි අනපේක්ෂිත කිසියම් හදිසි සිදුවීමක් නිසා හෝ ලඟදී මුදල් අය නොකොට කොටස් ප්‍රමාණයක් යම් අනුපාතයක් අනුව නැවත බෙදාහැරීම (Share Split) නිසා සංසරණයවන කොටස් පුමාණය දෙගුණ තෙගුණ වීම නිසාවන මිල පහල යාමක් මෙහිලා නොසලකා හැරිය යුතු වෙයි.

කිසියම් සමාගමක කාර්යසාධකතාව සහ අනාගත ඉපයුම් පිලිබඳ සැක සංකා ඇතිවූ විට ද ඉල්ලුම පහල ගොස් සැපයුම ඉහල යාමෙන් (විකුණුම් කරැවන් අධික වීමෙන්) කොටස් මිල අවම වූ අවස්ථාවක වෙනත් නිර්නායක අධ්‍යයනය නොකොට එම කොටස් මිලට ගැනීම අවාසිදායක විය හැකිය. ඇතැම් විට හදිසි මිල පහල යාමක් කොටස් දෙකඩ/තෙකඩ කිරීම (Share Split) හේතු කොට ගෙන සිදුවිය හැකිය. එවැනි අවස්ථාවලදී ද මිලට අමතරව වෙනත් නිර්ණායකද සැලකිල්ලට නෙගෙන මිලදී ගැනීමේ තීරණ නොගත යුතුය.

සමාන්‍යයෙන් අප උනන්දුවක් දක්වන ව්්‍යාපාර වස්තුවෙහි මිල අඩුතරමින් එහි නෛසර්ගික වටිනාකමට (Intrinsic Value) හෝ ඊට අඩුවූ විට කොටස් මිලට ගැනීම ඥානාන්විතය. ව්‍යාපාර වස්තුවක නෛසර්ගික අගය නිර්ණය පිළිබඳව විස්තරාත්මකව පසුව සාකචිජා කෙරේ.

කොටස් වෙළඳපල තුල ක්‍රියාත්මක වන පුම්බා අත් හැර දැමීම (Pump & Dump) වැනි ඇතැම් අනීතික පරිචයන් හේතු කොටගෙනද කිසිදු මූලධර්ම මය හේතුවක් නොමැතිව අස්වාභාවික ලෙස කොටස්වල මිල කෙටිකාලීනව උච්ජාවචනය විය හැකිය. මෙම අනීතික ක්‍රියාව වෙළඳපල තුල සංවිධානාත්මකව ක්‍රියාත්මක වන සුලු පිරිසක් විසින් නවක ආයෝජකයන් ඉලක්ක කොට කෙරෙන හෙයින් ඒ පිළිබඳ මනා අවධානයෙන් සිටිය යුතුය.

මෙම අනීතික කටයුත්ත සඳහා ඔවුන් තෝරා ගන්නේ වටිනාකමින් අඩු කොටස් සහිත සමාගම් ය. කොටස් මිල පිම්බීමේ පලමු පියවර (First stage of pumping shares) ලෙස එම කොටස් අවම මිලට ගන්නා මෙම කණඩායම පසුව සමාගම පිළිබඳව මාධ්ය මගින් ප්‍රචාරයක් ලබාදී ඔවුනොවුන් අතර කොටස්මිල ක්‍රමානුකූලව වැඩිකරමින් ගනුදෙනු කරති. මෙම මිල වැඩිවීම දෙවැනි පියවරේදී (Second stage of pumping shares) සමපේක්ෂක ආයෝජකයන්ගේ (Speculative Investors) අවධානය ලබා ගැනීමට සමත් වෙයි. ඔවුහු මෙය කෙටිකාලීන ආයෝජන අවස්ථාවක් සේ සලකා විශාල වශයෙන් මිලට ගැනීමට තැත් කරති. එහි ප්‍රතිඵලයක් ලෙස කොට‍සෙහි මිල තව දුරටත් ඉහල යයි. තුන්වන පියවරෙහිදී (Third stage of pumping shares) මෙම තත්ත්වය නවක ආයෝජකයන්ගේ ද අවධානයට ලක් වෙයි. මේ වන විට ඇතිවන අධික ඉල්ලුම හේතු කොටගෙන කොටසෙහි මිල තවදුරටත් අසීමිත ලෙස ඉහල යයි.

දැන් එළඹ ඇත්තේ මූලික කණඩායම තම කොටස් වෙළඳ පලෙහි අත්හරින අවස්ථාවයි (Dumping stage). ඔවුහු තමන් අඩු මිලට ගත් කොටස් ක්‍රමාණුකූලව ඉහල මිලකට මෙම අවස්ථාවේ දී විකුණා අසීමිත ලාභයක් ලබති. මේ සමගම අදාල කොටසේ මිල දැඩි ලෙස පහල යන බැවින් මෙම කොටස් ඉහල මිලකට ගෙන රඳවා ගන්නා තැනැත්තන්ට ඉමහත් පාඩු සිදු වෙයි. අවසානයේදී මිල පහල යන විට මිලට ගන්නා අයට වුවද ලාභයක් ලැබීමට ඉතා දීර්ඝ කාලයක් බලා සිටින්නට සිදු වෙයි. එබැවින් නවක ආයෝජකයන් මෙම උගුලෙහි හසු නොවීමට ප්‍රවේසම් විය යුතුය.

නිසි වෙලාවට නිසි මිලට ලඟාවීම යන්නෙන් අදහස් කරන්නේ තමන් සතු කොටස්වල මිල තමන් කලින් අපේක්ෂිත මිල මටිටමට ලඟාවූ විටය. හැඟීම් සහ කෑදරකම තම තීරණ කෙරෙහි බරපතල ලෙස හරස් වන්නේ මෙම තීරණය ගන්නා විටදී ය. එබැවින් පෙර සැලැස්මකට අනුව නිර්ලෝභීව තීරණ ගැනීමට ආයෝජකයකුට හැකිවිය යුතුය. වෙළඳපල උච්චතම අවස්ථාවට තම කොටස් විකිණිය හැකිනම් ඉහලම ප්‍රතිලාභ ලබාගත හැකි වුවද එම අවස්ථාව කිසිවෙකුට කලින් කිව නොහැකි ය. දෛනික වෙළඳපල වාර්තාවල පසුගිය වසර තුල උපරිම මිලට යමි කොටසක් ලඟාවූ විට වාර්තා කෙරේ. එවිට බොහෝ ආයෝජකයෝ තම ආයෝජන විකිණීමට පෙළඹෙති. සමහර විට අධික ලෙස කොටස් විකිණීමේ ප්‍රනතාව හේතුකොටගෙන කොටස් මිල සීඝ්‍රයෙන් පහල බසින්නටද ඉඩ තිබේ. එබැවින් නුවනැති ක්‍රියාව වන්නේ තම දැනුම පලපුරැද්ද අනුව කලින් නිගමණය කල ඉලක්කයට මිල ලඟාවූවිට අතැති ආයෝජන විකිණීමය.

මෙම මිල මට්ටම නිගමනය කිරීමට බොහෝ විට කොටසක නෛසර්ගික අගය යොදා ගැනීම සුදුසු යයි විශ්වාස කෙරේ. එනම් අප මිලදීගෙන ඇති ව්‍යාපාර වස්තුව එහි නෛසර්ගික අගයට වැඩි වූ විට තම කොටස් විකුණා ලාභ ලබා ගැනීම සුදුසුය.

මෙහිලා විස්තර කරන ලද්දේ දිගුකාලීන ආයෝජනයෙහි යෙදෙන අක්‍රීය ආයෝජක පරිචයකි (Passive investor practice). මෙහිදී කෙටිකාලීනව වෙළඳපල තුල ඇතිවන උච්ජාවචන නොසලකා හරිනු ලැබේ. මේ හේතු කොටගෙන අක්‍රීය ආයෝජකයාට කෙටිකාලීනව වෙළඳපල තුල ඇතිවන ආයෝජන අවස්ථා රාශියක් මඟහැරෙන බවට සහ ආවස්තික පිරිවැයක්ද (Opportunity Cost) දරන්නට සිදුවන බවට විවේචන එල්ල කෙරේ. එනමුදු නවක ආයෝජකයකුට අවදානම අඩු සහ ඉතාම සුදුසු ආයෝජන පරිචය අක්‍රීය ආයෝජනයයි. දැනුම සහ පලපුරැද්ද ලබාගත් පසුව නවකයෙකුට වඩාත් ලාභ ගෙන දෙන අවදානම් සහගත ක්‍රම වේද උරගා බැලිය හැකිය.

සක්‍රීය ආයෝජන පරිචයෙහි (Active investor practice) යෙදෙන ආයෝජකයෝ කෙටිකාලීන හා මධ්යඋකාලීන ආයෝජන පරාසයක තම ආයෝජන මෙහෙයවමින් කොටස්වල මිල තමන් ගත් මිලට වඩා 10% ක් යම් හෙයකින් අඩු වූ විට පාඩු පිට විකුණා දමා පාඩුව අවම කර ගනිති. මෙ මගින් කොටසේ මිල තව තවත් පහතට යාමෙන් ඇති වියහැකිව තිබූ පාඩුව වලකා මිල බෙහෙවින්ම පහලට ගිය විට නැවත මිලට ගනිති. එවිට විකුනන ලද කොටස් සංඛ්යාකවට වඩා වැඩි කොටස් සංඛ්යාවක් අතැති මුදලින් ගත හැකිබව ඔවුහු විශ්වාස කරති. ඔවුන් සැම විටම මුදලේ ආවස්තික පිරිවැය කෙරෙහි සැලකිලිමත් වෙති. මෙය පලපුරැදු ආයෝජකයෙකුට මිස නවකයෙකුට උචිත ආයෝජන පරිචයක් නොවන හෙයින් නවකයන් පරෙස්සම් විය යුතුය.

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics

ස්තුති ඔබගේ පාඩම සරලව ඉදිරිපත් කර ඇත
"කොටසක නෛසර්ගික අගය"
english තේරුම මොකක්ද ?

ස්තුතියි
අති විශිෂ්ඨයි සර්

wappula

wappula
Manager - Equity Analytics
Manager - Equity Analytics

බොහෝම පිං හපුතන්ත්‍රි මහත්තයා ඔබ තුමාට,
පුළුවන්නම් මේ ලිපි ටික පත්තරේක දාන්න
,මීට වැඩිය සිය දහස් ගුණයක් වටිනවා....Very Happy 

wappula

wappula
Manager - Equity Analytics
Manager - Equity Analytics

nihal123 wrote:
"කොටසක නෛසර්ගික අගය"
english තේරුම මොකක්ද ?


intrinsic value

K.Haputantri

K.Haputantri
Co-Admin

Thanks, Nihal & Wappula for your positive comments. කොටසක නෛසර්ගික අගය = Intrinsic Value of a share.
මෙම අගය ගණන් බැලීමේ ක්‍රම ගැන පසුව සාකච්ජා කරමි.

chap


Senior Equity Analytic
Senior Equity Analytic

දිගටම කරන් යන්න..Very Happy 

K.Haputantri

K.Haputantri
Co-Admin

අගැයීම ගැන ස්තූතියි chap.

milanka

milanka
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

K.Haputantri wrote:අගැයීම ගැන ස්තූතියි chap.

Some time back (3,4 yrs ago ) , I did search for books on this subject at reputed book shops in Colombo. Couldn’t find any books for beginners.

You are doing a great service. Keep it up.

http://forum.srilankaequity.com/u188

K.Haputantri

K.Haputantri
Co-Admin

milanka wrote:
K.Haputantri wrote:අගැයීම ගැන ස්තූතියි chap.

Some time back (3,4 yrs ago ) , I did search for  books on this subject at reputed book shops in Colombo. Couldn’t find any   books for beginners.

You are doing  a great service. Keep it up.
ස්තූතියි. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි, තවත් විස්තර සහිතව පොතක් හැටියට පසුව එලි දක්වනවා.

K.Haputantri

K.Haputantri
Co-Admin

ආයුබෝවන්! මේ මස පලමු දිනම මෙම පාඩම පල කිරීමට නොහැකිවූයේ මා කොළඹින් බැහැර සිටි හෙයිනි. ඒ ගැන කනගාටු වෙමි. මේ ගැන මතක් කොට පණිවුඩ එවූ අයට ස්තුතියි.

පාඩම 4 - කොටස් වෙළඳපල ආයෝජන මූලික ක්‍රමෝපාය

අයෝජන විවිධාංගකරණ තීරණ ගැනීමෙන් පසු එලඹෙන්නේ බොහෝ ආයෝජකයන් ඉතා පහසු කරතව්‍යයක් යයි සිතා නිතරම වරද්දා ගන්නා වැදගත්ම පියවර වන කුමන සමාගම් වල කොටස් කුමන වේලාවට කුමන මිලට මිලදී ගත යුතුද යන තීරණය ගැනීමය. තීරණය ගෙන ක්‍රියාත්මක කල පසුව එය වැරදුනි නම් නිවරද කිරීම එතරම් පහසු නැත. මූලික කොටස් නිකුතු වලදීද (Primary Market) දවිතීයක වෙළඳපලෙහිදීද (Secondary Market) ලැයිස්තුගත සමාගම්වල කොටස් මිලට ගත හැකි අවස්තා එළඹෙයි.

මූලික කොටස් නිකුතුවලට ප්‍රථමයෙන්ද ඇතැම් සමාගම් පෞද්ගලික මට්ටමින් කොටස් නිකුත් කරනු දකින්නට ලැබෙයි (Private Placements). බොහෝ විට පෞද්ගලික මට්ටමින් කොටස් නිකුත් කෙරෙනුයේ අධ්‍යකෂ මණඩලය විසින් තෝරාගත් පිරිසක් අතර බැවින් එය සාමාන්‍ය ආයෝජකයාට විවෘත නැත. එහෙත් ඒ පිළිබඳ අවබෝධයක් ආයෝජකයාට තිබිය යුතු වන්නේ මූලික කොටස් නිකුතුවෙහිදී මහජනයාට කොටස් නිකුත් කරන මිලට වඩා බොහෝ අඩු මුදලකට පෞද්ගලික මට්ටමින් කොටස් නිකුතුවලදී තෝරාගත් පිරිසකට පමණක් කොටස් නිකුත් කරන හෙයින් සාමාන්‍ය ආයෝජකයනට බලවත් අසාධාරණයක් ඇතිවන හෙයින් සහ පාඩුද ඇතිවිය හැකි හෙයිනි. නව නීති අනුව මෙසේ පෞද්ගලික මට්ටමින් නිකුත්කරන කොටස් නිකුත්කල දින සිට වසරක කාලයක් ද්විතීයක වෙළඳපොලෙහි විකිනීම වලකා ඇති නමුදු එම කොටස් හිමියන්ටම අයත් අනෙකුත් කොටස් විකිනීමේ කිසිදු තහනමක් නොමැති හෙයින් මෙම නීතියෙහි බරපතල හිඩැසක් තිබෙන බව පෙනේ.

උදාහරණයක් වශයෙන් සමාගම ලැයිස්තුගත කිරීමට ප්‍රථමයෙන් එම සමාගමේ කොටස් 150,000 ක් කොටසක් රැ:10.00 බැගින් මිලට ගත් අයෙකු පෞද්ගලික මට්ටමින් කොටස් නිකුතුවේදී තවත් කොටස් 100,000 ක් රැ: 12.00 බැගින් මිලට ගත් විට ඔහුට වසරක් යන තෙක් විකිනීමට නොහැක්කේ කොටස් 100,000 ක් පමනි. ඉතිරි කොටස් 150,000 අවශ්‍ය විටෙක විකිනිය හැකිය. මූලික කොටස් නිකුතුවේදී කොටසක් රැ: 35.00 බැගින් නිකුත් කරන විට ඔහුගේ කොටස්වල සාමාන්‍ය වියදම රැ: 35.00 ට වඩා බොහෝ අඩු බැවින් (රැ: 10.80ක් පමන) මූලික කොටස් නිකුතුවෙන් පසුව ගණුදෙනු ඇරඹෙන ප්‍රථම දිනයේදීම රැ: 35.00 ට වඩා අඩු මිලකට තම කොටස් වලින් 150,000 ක්ම විකුණා ඉහල ලාභයක්ද ලැබීමට ඔහුට පිළිවණ.

මේ හේතු කොටගෙන මෑතකදී මූලික කොටස් නිකුතු වලදී කොටස් මිලට ගත් ආයෝජකයනට මහත් පාඩු විඳින්නට සිදුවිය. එබැවින් මෑතකදී පලමු ගනුදෙනු දිනයේදීම මූලික කොටස් නිකුතු මිලට වඩා අඩු මිලකට කොටස් මිලට ගැනීමට හැකි අවස්තා උදාවිය. මේගැන අප පරෙස්සම් විය යුත්තේ එබැවිනි.
 
ආයෝජනය සඳහා තීරණ ගැනීමේ දී පහත විස්තර කෙරෙන මූලික ක්‍රමෝපාය නිර්දය ලෙස අනුගමනය කල යුතු වෙයි. එය සෑම අවස්ථාවකදීම දිව්‍ය මන්ත්‍රයක් සේ සිහි තබාගෙන ඒ අනුව ක්‍රියාත්මක විය යුතුය.

මූලික ක්‍රමෝපායක අත්‍යවශ්‍ය අංගයන් වන්නේ නිසි ආයෝජන වල නිසි කලට නිසි මිල මට්ටමේදී මුදල් යෙදවීම සහ තම හැඟීම් හා කෑදර කම පාලනය කර ගනිම්න් නිසි වේලාවට නිසි මිලට ලඟාවූ විට ලාභය අතට ලබා ගැනීමය.


මෙහිලා නිසි ආයෝජන යනු සුදුසු අධ්‍යනයකින් පසුව තෝරා ගන්නා අනාගතයේ දී අගය ඉහල යාමට ඉඩ ඇති වැඩෙමින් පවතින සමාගම් වල කොටස් මිලට ගැනීමය. මේ පිළිබඳ සාකච්ජාවක් පසුවට කෙරෙන හෙයින් මෙහිදී ඔබගේ අවධානය අනෙකුත් අනෙකුත් මූලික ආයෝජන ක්‍රමෝපාය සහ වෙළඳපල අනීතික පරිචය කෙරෙහි පමණක් යොමුකර ඇත. මෙහි සාකච්ජා කෙරෙනුයේ දිගු කාලීන ආයෝජක පරිචයකි. කෙටිකාලීන ලාභ අපේක්ෂාවෙන් සමපේක්ෂණය කරමින් (Speculation) නවක ආයෝජකයන් තම මුදල් නොයෙදවිය යුතු වන්නේ එය ඉතා අවදානම් සහගත ක්‍රියාවක් බැවිනි.

නිසි කලට නිසි මිලට යනුවෙන් අදහස් කරන්නේ රටෙහි අනාගත ආර්ථික සංවර්ධනය පිළිබඳ යහපත් බලාපොරොත්තු ඇති කෙරෙන සමාජ ආර්ථික ප්‍රතිපත්ති මුල්බැසගෙන ඇති පසුබිමෙක කිසියම් හේතුවක් නිසා ඇතිවූ තාවකාලික වෙළඳපල පසුබෑමක් වැනි කරැණක් හේතුකොටගෙන අප විසින් ආයෝජන විවිධාංගකරණ සාකච්චාවේදී විස්තර කර ඇති පරිදි තෝරාගත් සමාගමේ වල කොටස් මිල පහත බැස ඇති අවස්ථාවේදී අවම මිලට කොටස් මිලයට ගැනීමය. වඩාත්ම සුදුසු අවස්ථාව නම් වෙළඳපල පතුලටම බැස ඇති අවස්ථාවේදී මිලට ගැනීමය.

වෙළඳපල පතුල (Market Bottom) නිර්ණය කිරීම එතරම් ලෙහෙසි පහසු කරැණක් නොවේ. එහිලා තම පලපුරැද්ද සහ විවිධ තාක්ෂණික විශ්ලේශණ පාවිච්චි කල හැකිය. එහෙත් කිසිදු ආකාරයකට වෙළඳපල පතුල කුමන අවස්ථාවක එළඹ තිබේද යන්න කිසිවෙකුට ස්ථිර ලෙස ප්‍රකාශකල නොහැකිය. වෙළඳපල පතුල කිවහැකි පළිඟු බෝලයක් (Cristal Ball) තවමත් කිසිටවෙකු නිපදවා නොමැති බව සිහි තබාගත යුතුය. එවැනි දැණුම ඇති බවට ප්‍රකාශ කරන අයවලුන්ගෙන් ප්‍රවේසම් වීමට ආයෝජකයන් වග බලාගත යුතුය. එවැනි දැනුමක් ඇත්නම් ඔවුනට එම දැණුම යොදා කෝටිපතියන් වියහැකි බවත් ලොවට ප්‍රකාශ නිකුත් නොකරන බවත් සිහිතබා ගත යුතුය.

කෙසේ වෙතත් දෛනික වෙළඳපල වාර්තාවල එක් එක් කොටස්වල මිල පිළිබඳ ඉතිහාසය මත පදනම්වූ නිවැරදි තත්ත්ව පිළිබඳ දත්ත වාර්තා කෙරේ. උදාහරණයක් ලෙස පසුගිය වසර තුල අවම මිලට යම් කොටසක් ලඟාවූ විට එම කොට‍සෙහි මිල දැඩි ලෙස පහල බැස ඇති බවට සාමාන්‍යයෙන් නිගමනය කල හැකිය. එබැවින් එම අවස්ථාව මිල පහල බැස ඇති සමාගමේ කොටස්වල ආයෝජනයට ඉතාම සුදුසු අවස්ථාවකැයි කිව හැකිය. කෙසේ වෙතත්, එකී මිල පහල යාමට හේතුවූ එකී සමාගමට විශේෂිත හේතුවක් තිබුණිදැයි සොයා බැලීමද වැදගත්ය. උදාහරණ වශයෙන් කිසියම් සමාගමක ඉපයීමේ හැකියාව හීන කෙරෙන නැවත සිදුවෙතැයි අනපේක්ෂිත කිසියම් හදිසි සිදුවීමක් නිසා හෝ ලඟදී මුදල් අය නොකොට කොටස් ප්‍රමාණයක් යම් අනුපාතයක් අනුව ලබාදීම (Bonus Issue) හෝ කොටස් විභේදනය (Share Split) හෝ නිසා සංසරණයවන කොටස් පුමාණය දෙගුණ තෙගුණ වීම නිසාවන මිල පහල යාමක් මෙහිලා නොසලකා හැරිය යුතු වෙයි.
 
කිසියම් සමාගමක කාර්ය්‍යසාධකතාව සහ අනාගත ඉපයුම් පිලිබඳ සැක සංකා ඇතිවූ විට ද ඉල්ලුම පහල ගොස් සැපයුම ඉහල යාමෙන් (විකුණුම් කරැවන් අධික වීමෙන්) කොටස් මිල අවම වූ අවස්ථාවක වෙනත් නිර්නායක අධ්‍යයනය නොකොට එම කොටස් මිලට ගැනීම අවාසිදායක විය හැකිය. ඇතැම් විට හදිසි මිල පහල යාමක් කොටස් විභේදනය කිරීම (Share Split) හේතු කොට ගෙන සිදුවිය හැකිය. එවැනි අවස්ථාවලදී ද මිලට අමතරව වෙනත් නිර්ණායක සැලකිල්ලට නෙගෙන මිලදී ගැනීමේ තීරණ නොගත යුතුය.

සමාන්‍යයෙන් අප උනන්දුවක් දක්වන ව්‍යාපාර වස්තුවෙහි මිල අඩුතරමින් එහි නෛසර්ගික වටිනාකමට (Intrinsic Value) හෝ ඊට අඩුවූ විට එම කොටස් මිලට ගැනීම ඥානාන්විතය. ඒ පිළිබඳව විස්තරාත්මකව පසුව සාකචිජා කෙරේ.

කොටස් වෙළඳපල තුල ක්‍රියාත්මක වන පුම්බා අත් හැර දැමීම (Pump & Dump) වැනි ඇතැම් අනීතික පරිචයන් හේතු කොටගෙනද කිසිදු මූලධර්මමය හේතුවක් නොමැතිව අස්වාභාවික ලෙස කොටස්වල මිල කෙටිකාලීනව උච්ජාවචනය විය හැකිය. මෙම අනීතික ක්‍රියාව වෙළඳපල තුල සංවිධානාත්මකව ක්‍රියාත්මක වන සුලුපිරිසක් විසින් නවක ආයෝජකයන් ඉලක්ක කොට කෙරෙන හෙයින් ඒ පිළිබඳවද මනා අවධානයෙන් ඹබ සිටිය යුතුය.

මෙම අනීතික කටයුත්ත සඳහා ඔවුන් තෝරා ගන්නේ වටිනාකමින් අඩු කොටස් සහිත සමාගම් ය. කොටස් මිල පිම්බීමේ පලමු පියවර (First stage of pumping shares) ලෙස එම කොටස් අවම මිලට ගන්නා මෙම කණඩායම පසුව සමාගම පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදී ඔවුනොවුන් අතර කොටස් මිල ක්‍රමානුකූලව වැඩිකරමින් ගනුදෙනු කරති. මෙම මිල වැඩිවීම දෙවැනි පියවරේදී (Second stage of pumping shares) සමපේක්ෂක ආයෝජකයන්ගේ (Speculative Investors) අවධානය ලබා ගැනීමට සමත් වෙයි. ඔවුහු මෙය කෙටිකාලීන ආයෝජන අවස්ථාවක් සේ සලකා විශාල වශයෙන් මිලට ගැනීමට තැත් කරති. එහි ප්‍රතිඵලයක් ලෙස කොට‍සෙහි මිල තව දුරටත් ඉහල යයි. තුන්වන පියවරෙහිදී (Third stage of pumping shares) මෙම තත්ත්වය නවක ආයෝජකයන්ගේ ද අවධානයට ලක් වෙයි. මේ වන විට ඇතිවන අධික ඉල්ලුම හේතු කොටගෙන කොටසෙහි මිල තවදුරටත් අසීමිත ලෙස ඉහල යයි.

දැන් එළඹ ඇත්තේ මූලික කණඩායම තම කොටස් වෙළඳ පලෙහි අත්හරින අවස්ථාවයි (Dumping stage). ඔවුහු තමන් අඩු මිලට ගත් කොටස් ක්‍රමාණුකූලව ඉහල මිලකට මෙම අවස්ථාවේ දී විකුණා අසීමිත ලාභයක් ලබති. මේ සමගම අදාල කොටසේ මිල දැඩි ලෙස පහල යන බැවින් මෙම කොටස් ඉහල මිලකට ගෙන රඳවා ගන්නා තැනැත්තන්ට ඉමහත් පාඩු සිදු වෙයි. අවසානයේදී මිල පහල යන විට මිලට ගන්නා අයට වුවද ලාභයක් ලැබීමට ඉතා දීර්ඝ  කාලයක් බලා සිටින්නට සිදු වෙයි. එබැවින් නවක ආයෝජකයන් මෙම උගුලෙහි හසු නොවීමට ප්‍රවේසම් විය යුතුය.

නිසි වෙලාවට නිසි මිලට ලඟාවීම යන්නෙන් අදහස් කරන්නේ තමන් සතු කොටස්වල මිල තමන් කලින් අපේක්ෂිත මිල මටිටමට ලඟාවූ විටය. හැඟීම් සහ කෑදරකම තම තීරණ කෙරෙහි බරපතල ලෙස හරස් වන්නේ මෙම තීරණය ගන්නා විටදී ය. එබැවින් පෙර සැලැස්මකට අනුව නිර්ලෝභීව තීරණ ගැනීමට ආයෝජකයකුට හැකිවිය යුතුය. වෙළඳපල උච්චතම අවස්ථාවට තම කොටස් විකිණිය හැකිනම් ඉහලම ප්‍රතිලාභ ලබාගත හැකි වුවද එම අවස්ථාව කිසිවෙකුට කලින් කිව නොහැකි ය. දෛනික වෙළඳපල වාර්තාවල පසුගිය වසර තුල උපරිම මිලට යමි කොටසක් ලඟාවූ විට වාර්තා කෙරේ. එවිට බොහෝ ආයෝජකයෝ තම ආයෝජන විකිණීමට පෙළඹෙති. සමහර විට අධික ලෙස කොටස් විකිණීමේ ප්‍රවනතාව හේතුකොටගෙන කොටස් මිල සීඝ්‍රයෙන් පහල බසින්නටද ඉඩ තිබේ. එබැවින් නුවනැති ක්‍රයාව වන්නේ තම දැනුම පලපුරැද්ද අනුව කලින් නිගමණය කල ඉලක්කය ලඟාවූවිට ආයෝජන විකිණීමය. මෙම මිල මට්ටම නිගමනය කිරීමට බොහෝ විට කොටසක නෛසර්ගික අගය යොදා ගැනීම සුදුසු යයි විශ්වාස කෙරේ. එනම් අප මිලදීගෙන ඇති ව්යාසපාර වස්තුව එහි නෛසර්ගික අගයට වැඩි වූ විට තම කොටස් විකුණා ලාභ ලබා ගැනීම සුදුසුය.
මෙහිලා විස්තර කරන ලද්දේ දිගුකාලීන ආයෝජනයෙහි යෙදෙන අක්‍රීය ආයෝජක පරිචයකි (Passive investor practice). මෙහිදී කෙටිකාලීනව වෙළඳපල තුල ඇතිවන උච්ජාවචන නොසලකා හරිනු ලැබේ. මේ හේතු කොටගෙන අක්‍රීය ආයෝජකයාට කෙටිකාලීනව වෙළඳපල තුල ඇතිවන ආයෝජන අවස්ථා රාශියක් මඟහැරෙන බවට සහ ආවස්තික පිරිවැයක්ද (Opportunity Cost) දරන්නට සිදුවන බවට විවේචන එල්ල කෙරේ. එනමුදු නවක ආයෝජකයකුට අවදානම අඩු සහ ඉතාම සුදුසු ආයෝජන පරිචය අක්‍රීය ආයෝජනයයි. දැනුම සහ පලපුරැද්ද ලබාගත් පසුව නවකයෙකුට වඩාත් ලාභ ගෙන දෙන අවදානම් සහගත ක්‍රමවේද උරගා බැලිය හැකිය.  

සක්‍රීය ආයෝජන පරිචයෙහි (Active investor practice) යෙදෙන ආයෝජකයෝ කෙටිකාලීන හා මධ්යයකාලීන ආයෝජන පරාසයක තම ආයෝජන මෙහෙයවමින් කොටස්වල මිල තමන් ගත් මිලට වඩා 10% ක් යම් හෙයකින් අඩු වූ විට පාඩු පිට විකුණා දමා පාඩුව අවම කර ගනිති. මෙ මගින් කොටසේ මිල තව තවත් පහතට යාමෙන් ඇති වියහැකිව තිබූ පාඩුව වලකා මිල බෙහෙවින්ම පහලට ගිය විට නැවත මිලට ගනිති. එවිට විකුනන ලද කොටස් සංඛ්‍යාකවට වඩා වැඩි කොටස් සංඛ්‍යාවක් අතැති මුදලින් ගත හැකිබව ඔවුහු විශ්වාස කරති. ඔවුන් සැම විටම මුදලේ ආවස්තික පිරිවැය කෙරෙහි සැලකිලිමත් වෙති. මෙය පලපුරැදු ආයෝජකයෙකුට මිස නවකයෙකුට උචිත ආයෝජන පරිචයක් නොවන හෙයින් පරෙස්සම් විය යුතුය.

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics

දිගටම ඉදිරියට යන්න

ස්තුතියි
අති විශිෂ්ඨයි සර්

K.Haputantri

K.Haputantri
Co-Admin

උගෙනීමට ඇති ඔබගේ උනන්දුව අගයමි. study Very Happy 

K.Haputantri

K.Haputantri
Co-Admin

පාඩම 5-

ලොව ප්‍රකට විද්වතුන්ගේ ආයෝජන උපායමාර්ග


වරන් බුෆෙ (Warren Buffett), පීටර් ලින්ච් (Peter Lynch), සහ බෙනජමින් ග්‍රෙහැම් (Benjamin Graham) ලොව සුපතල සාර්ථක ආයෝජකයෝ වෙති. ඔවුන්ගේ ආයෝජන උපායක්‍රම අද බොහෝ ආධුනිකයෝ අනුගමනය කරති. මෙම පාඩම මගින් ඒ පිළිබදව කෙටි හැදින්වීමක් කිරීමට අදහස් කලේ වැඩිදුර අධ්‍යයනය සදහා ඔබ පොලඹවාලීමේ අටියෙනි.



අමෙරිකා එක්සත් ජනපදයේ ඔමාහා ප්‍රදේශයේ වෙළඳපල පිළිබඳ අනාවැකි කියන්නා ලෙස (Oracle of Omaha USA) විරැදාවලි ලත් වරන් බුෆෙ (Warren Buffett) වටිනාකම මත ආයෝජනය කිරීම (Value Investing) පිළිබඳව ආයෝජකයන්ගේ අවධානය යොමු කල විද්වතෙකි. වරක් ඔහු තම උපාය ක්‍රමය ඉතා සරලව පහත දැක්වෙන ප්‍රකාශයෙන් හකුලා දැක්වීය.


බොහෝ කලකට පෙර බෙන් ග්‍රෙහැම් මට උගැන්වූ පරිදි ඔබ ගෙවන්නේ මිලකි. ඔබට ලැබෙන්නේ වටිනා කමකි.’  එහෙයින් අප මිලදී ගන්නේ කොටස් හෝ වේවා මේස් කූටිටමක් හෝ වේවා, ඉහලම තත්ත්වයේ භාණඩ අවම මිලට ලකුණුකර ඇතිවිට පමණක් මිලට ගැනීමට මම කැමතිවෙමි.
 
මෙයින් අදහස් වන්නේ ආයෝජකයන් තම ඉතුරැ කිරීම් ආයෝජනය කිරීමට කලබල නොවී ඉවසීමෙන් යුතුව හා පරීක්ෂාකාරීව කාර්යසාධකතාව මත තෝරාගත් සමාගමේ කොටස් මිල පහල මට්ටමට එනතෙක් බලා සිටිය යුතු බවය. කොටස් මිලට ගැනීමට ඉතා නිවැරදිම වේලාව නම් තමන් කල් ඇතිව හඳුනාගත් සමාගමේ කොටස් ම්ල අවශෙෂ සමාගම්වල කොටස් හා සැසඳූ කල වට්ටමක් සහිතවූ මිලක් වන විටය.


වරන් බුෆේ ගේ තවත් සුප්‍රසිද්ධ කියමනක් නම් වෙනත් ආයෝජකයන් භීතියට පත්වූ කල ඔබ කෑදර විය යුතුය (Be greedy when others are fearful.) යන්නයි. මෙහි සරල තේරැම නම් වෙනත් ආයෝජකයන් බියට පත්ව වෙළඳපල කුනාටුවෙන් පලායන විට උකුසු ඇසින් නිරීක්ෂණය කොට අයෝජකයකු ලෙස කේවල් කිරීමේ මිලට කොටස් ගැනීමේ අවස්ථාවන් ඔබට උදාවන හෙයින් එවන් අවස්ථාවලින් මහඟු ඵල නෙලා ගත යුතු බවය.


කෙසේ වෙතත් බොබ් ෆෙරල් (Bob Farrel) වරක් ප්‍රකාශ කල පරිදි සාමාන්‍ය ආයෝජකයෝ බොහෝ විට කොටස් මිල ඉහල මට්ටමක පවතිනවිට වැඩිවශයෙන් මිලට ගැනීමටද මිල පහල මට්ටමක පවතින විට අඩුවශයෙන් මිලට ගැනීමටද පෙළඹෙති. එහෙයින් සාර්ථක ආයෝජනයක් සඳහා අවශ්‍ය වන්නේ මෙම සාවද්‍ය උපනතිය ආපසු හැරවීමය.


වරන් බුෆෙ වරෙක මෙසේද පැවසීය. මම අඩි හතේ දුශ්කර කඩුලු පැනීමට බලාපොරොත්තු නොවෙම්: මා සොයම්න් සිටින්නේ මට පහසුවෙන් පියවර එසවිය හැකි අඩියක පමණ වූ කඩුලුය. මෙම ප්‍රකාශයෙන් ද ඔහු මතුකර දක්වන්නේ කොටස් මිල පහලටම පැමිණි විට සුදුසු සමාගම් වල කොටස් කේවල් කිරීමේ මිලට ගැනීම ඔහුගේ උපායක්‍රමය බවය. එමෙන්ම, මිල ඉහල ගියවිට කොටස් විකුනා ලාභ අතට ගැනීමටද පසුබට වියයුතු නොවේ. නොඑසේව, මිල අසාමාන්‍ය ලෙස ඉහල යනවිට දිගින් දිගටම මිලට ගැනීම හෝ මිලටගත් කොටස් තබාගෙන සිටීම හෝ විනාශකාරී ප්‍රතිඵල ඇති කරන්නක් වෙයි. හේතුව, මිල පහලට එනවිට තම සියලු ලාභ ඒ සමගම දියවී යන හෙයිනි. එය වරන් බුෆේ ප්‍රකාශකල පරිදි නිරැවත්ව පිහිනන්නේ කවුරැන්ද යන්න පැහැදිලි වන්නේ වඩදිය බැස ගිය විට පමණි.


ඔහු තම ආයෝජන දීර්‍ඝකාලීන යෙදවුම් (Long Term Investments) ලෙස සැලකීය. කෙටිකාලීන ලාභ (Short term Profits) සඳහා සමපෙකෂණය (Speculation) ඔහු නිර්දේශ නොකලේය. වරක් ඔහු ප්‍රකාශකල පරිදි කිසිවකු අද ගසක් යට සෙවනේ හිඳගෙන සිටින්නේ යමෙක දිගු කලකට පෙර එම ගස සිටවූ හෙයිනි. කොටස්වල ආයෝජනය කෙටිකාලීනව මුදල් ඉපයීමේ මාර්ගයක් නොවේ. එය දිගුකාලීනව මුදල් ඉපයීමේ යාන්ත්‍රණයකි.


ඔහුගේ අදහස අනුව පහල කාර්යසාධකතාවක් ඇති සමාගමක් විශ්මයජනක ලෙස අඩු මිලකට ගන්නවාට වඩා විශ්මයජනක ලෙස ඉහල කාර්යසාධකතාවක් ඇති සමාගමක් සාධාරන මිලකට ගැනීම වටනේය. මින් අදහස් කරන්නේ මිල අඩු වුවත් ප්‍රමාණවත් කාර්යසාධකතාවක් පෙන්නුම් නොකරන දුර්වල සමාගම්වල කොටස් පසුපස හඹායාම වැනි සමපෙක්ෂණ ගනුදෙනු ඔහු අනුමත නොකරන බවය.


කොටස් වෙළඳපල ආයෝජනයේදී පර්යේෂණ ඇසුරැ කිරීම අත්‍යවශ්‍යවෙයි. ඔහු ඉතා විචිත්‍රව ප්‍රකාශ කර ඇති පරිදි පර්යෙෂණ ඇසුරැ නොකොට ආයෝජනය කිරීම හරියට කඩදාසි අත දෙස නොබලාම බොරැ විලාසිතාවට මෙන් පෝකර් ක්‍රීඩාව කිරීම හා සමාන ය.


පීටර් ලින්ච් (Peter Lynch) ගේ ආයෝජන දර්ශණය අනුව තම මුදල් ආයෝජනය කිරීමෙන් කිසියම් අවදානමකට මුහුණදීමට ප්‍රථම කිසියම් සමාගමක මූල්‍ය තත්ත්වය හොඳින් හඳුනා ගතයුතු වන්නේ සමාගමේ ද්‍රවශීලතාව ඉතා වැදගත් කරැණක් වන බැවිනි. ඔහු වරක් ප්‍රකාශ කල පරිදි සෑම කොටසක් පිටුපසම සමාගමක් ඇත. එම සමාගම කරන්නේ කුමක්දැයි සොයා බලන්න. ජීවිතකාලයක් තුල කරන ලද ආයෝජන අර්ථාන්විත හා ලාභදායී වීමට අවශ්‍ය වන්නේ සාර්ථක සමාගම් කිහිපයක් පමණි. තම මුදල් සාර්ථක සමාගම් කිහිපයක පමණක් අයෝජනය කිරීමේ වැදගත් කම හා අධ්‍යයනයකින් පසුව එකී සමාගම් හඳුනා ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කරයි.


බෙන්ජමින් ග්‍රෙහැම්ගේ (Benjamin Graham) ආයෝජන දර්ශණය වන නිරායාස අගය හෙවත් නෛසර්ගික අගය (Intrinsic Value) යන්නෙන් අදහස් කරන්නේ මුදල් (Currency) වට්ටම්කල මිලකට (Discounted Value) හෝ ශුද්ධ වර්තමාන අගයට හෝ (Net Current Asset Value) මිලට ගැනීමය. එමගින් ආයෝජකයනට කිසිදු පාඩුවක් ඇති නොවේ. කිසියම් පොදු සමාගමක කොටසක් එකී සමාගමේ කාරක ප්‍රාග්ධනයෙන් තුනෙන් දෙකකට හෝ ඊට අඩු මිලකට හෝ මිලට ගතහැකිනම් ද, සමාගමේ ඉපයුම් වාර්තා යහපත් නම් හා සමාගමේ අනාගත දියුණුව සතුටුදායක නම් ද ආයෝජකයාට තමන් ආයෝජනයකල මුදලට වඩා ඉහල ප්‍රතිලාභ ලැබෙතැයි විශ්වාස කිරීමට තරම් ශක්තිමත් හේතු තිබේ.



ග්‍රෙහැම්ගේ මෙම ආයෝජන මූලධර්‍මය කලක් තිස්සේ ලාභාංශ ලබාදෙන සමාගම් වල විශෙෂයෙන් වසර 20ක් පමන නොවලහා ලාභාංශ ලබාදුන් සමාගම් වල ආයෝජනය කිරීම නිර්දේශ කරයි. එවිට කොටස් වෙළඳපල තාවකාලික පසුබෑමනට ලක්වුවද ආයෝජකයාට ලාභාංශ ලෙස ප්‍රතිලාභ ලැබෙන දිනයක් ස්ථිරවම තහවුරැ වෙයි.


ඔහුට අනුව ආයොජන මෙහෙයුමක් යනු දැඩි විශ්ලේශනයකින් පසුව කෙරෙන, ප්‍රමාණවත් ආදායමක් නිශ්චිතව ලැබෙන බවට සහතිකවන, යොදවනු ලබන මුලු මුදලේ ආරක්ෂාව සැලසෙන මුදල් යෙදවීමකි. මෙම නිර්නායක සතුටට පත් නොකෙරෙන ආයෝජන මෙහෙයුම් සියල්ල සමපෙක්ෂණයන් (Speculations) වෙති. ග්‍රෙහැම්ගේ මෙම සංකල්පනාවෙන් පැහැදිලි කරන්නේ නිසි අධ්‍යයනයකින් හඳුනාගන්නා සමාගම්වල වටිනා කොටස් වල (Value Stocks) ආයෝජනයෙහි ඇති වැදගත් කමය.       


කොටස් වෙළඳපල තුල ඇතිවන මිල ඉහල පහල යාම ගැන ඔහුගේ අදහස් හඳුනා ගැනීම වටනේය. වෙළඳපල මිල මට්ටම ඉහල පහල යාම පිළිබඳව සත්‍ය ආයෝජකයාට ඇත්තේ එක් වැදගත් තේරැමක් පමණි. මිල දැඩිලෙස පහල ගිය විට නැනවත්ව කොටස් මිලට ගැනීමටද මිල දැඩිලෙස ඉහල ගිය විට තම ආයෝජන නැනවත්ව විකිණීමටද ඔහුට ඉන් මහඟු අවස්ථා සැලසෙයි. එබැවින් මිල ඉහල පහල යාම් අප සැලකිය යුත්තේ අප විසින් සකසා ඇති ඉලක්ක ලඟාකර ගැනීම සඳහා ලැබෙන මහඟු අවස්ථාවන් ලෙසය.


මිල මට්ටම පහල යනවිට අසන්නට ලැබෙන සුපුරැදු අවලාද වලින් පැහැදිලි වන්නේ බොහෝ ආයෝජකයෝ සමපේක්ෂනයෙහි යෙදෙන කෙටිකාලීන ආයෝජකයන් බවය. සමපේක්ෂණයෙහි යෙදිය හැක්කේ තාක්ෂණික විශ්ලේෂණයෙහි හසල දැණුමක් ඇති අයට පමණි. නවකයනට එය සුදුසු නොවේ.

NUINTH


Senior Equity Analytic
Senior Equity Analytic

Thanks Hapu your effort & time for educate us. It is very easy to understand with our mother language & simple sentences.

LSE

LSE
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ඔබතුමාගේ මෙම විශිෂ්ඨ සේවය ඉතා අගයකොට සලකමි. නොදන්නා බොහෝ දෑ සියල්ලන්ගේම දැන ගැනීම පිණිස සරලව අපේ භාෂාවෙන් ඉදිරිපත් කිරීම ඉතා අගනේය.

එමෙන්ම නම් වශයෙන් සදහන් නොකලත් තමන් ගේ වටිනා කාලය ෆොරම් එක වෙනුවෙන් කැප කරන  අනෙකුත් මහත්වරුන්ටත් මාගේ ස්තූතිය පල කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.

ස්තූතියි.

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics

On Time sir
ස්තුතියි
Very Happy Very Happy Very Happy

K.Haputantri

K.Haputantri
Co-Admin

නිහාල්- ඔබගේඅදහස් දැක්වීම ගැන මගේ සතුට.
එල්එස්ඊ- මා ඇතුලුව අධ්‍යාපනික ලිපි පල කරන්නන් ගැන ඔබගේ ප්‍රසාදාත්මක අදහස් අගයමි.

විවෘතව අදහස් නොදැක්වුවද මෙම ලිපි බොහෝ දෙනා කියවන බව දනිමි. ඒ සැමට මගේ තුතිය. උගෙනීම මිනිසා සම්පූර්ණ කරයි.study study study 

K.Haputantri

K.Haputantri
Co-Admin

පාඩම - 6 - පලමු කොටස


ආයෝජණ විශ්ලේෂණය හඳුන්වා දීමක්

ප්‍රධාන ආයෝජන විශ්ලේෂණ විධි ක්‍රම කවරේද?


කිසියම් ආර්ථික කොට්ඨාශයක ඇති සමාගම් රැස අතරින් ආයෝජනය සඳහා සුදුසු සමාගමක් තෝරා ගැනීම එතරම් පහසු කරැණක් නොවේ. ඒ සඳහා එම ආර්ථික කොට්ඨාශය සහ එයට අයත් සමාගම් සියල්ලම ගැන නිසි අධ්‍යයනයක් සහ විශ්ලේෂණයක් කල යුතුම වෙයි. මන්ද, එය ඉතා දුශ්කර කටයුත්තක් බැවිනි. නොඑසේව, තම සිතැඟි වලට වහල්වී වෙළඳපල ගෝෂාවට සහ ප්‍රචාරක උපක්‍රම වලට නතුවී ආයෝජන තීරණ ගැනීම බලවත් අණුවන කමකි. සකසුරැ කමින් ඉතා අපහසුවෙන් ඉතිරි කල තම අරමුදල් බරපතල අවදානමකට ලක් කිරීමකි. එහෙත් නිසි විශ්ලේෂණ ක්‍රම මගින් හඳුනා ගත් සුදුසු ව්‍යාපාර වස්තු සුදුසු මිලට ලඟාවූ විට මිලට ගැනීමටද සුදුසු කලට සුදුසු මිලට පැමිණි විට විකිනීමට ද කටයුතු කරන්නේ නම් තම ආයෝජන අවදානම අවම කර ගැනීමටත් ලාභ ලැබීමේ සම්භාව්‍යතාව වැඩිකර ගැනීමටත් නිසැකවම ඔබට පිළිවණ. මෙම අධ්‍යයන සහ විශ්ලේෂණ විධික්‍රම පහක දැක්වෙන පරිදි සම්ප්‍රදායිකව ප්‍රධාන කොටස් දෙකකට වෙන්කර දැක්වනු ලැබේ;


(අ) මූලධර්‍මමය විශ්ලේෂණය (Fundamental Analysis), සහ


(ආ) තාක්ෂණික විශ්ලෙෂණය (Technical Analysis).


කෙසේ වෙතත්, මෙම විධි දෙකෙහිම දක්නට ලැබෙන අඩුපාඩු මඟහරවා ගෙන, අපගේ විශ්ලේෂණය වඩාත් විශ්වසණීය බවට පත් කර ගැනීම සඳහා, මෙයට ඌනපූරණයක් ලෙස,



(ඇ) අභ්‍යන්තර හා බාහිර පසුබිම් විශ්ලෙෂණය (Internal & External Background Analysis) ද එක් කිරීමට මම අදහස් කලෙමි. මෙය පලමු සහ දෙවැනි විශ්ලේෂණ විධි දෙකට වඩා වෙනස් වනුයේ මෙහිදී ගණිතමය සූත්‍ර භාවිත නොකොට සමාගමෙහි අභ්‍යන්තර සහ බාහිර පරිසරයද, වෙළඳපල තුල දැනට සමාගම අත්කරගෙන ඇති තරගකාරී ස්ථානයද, සමාගමේ අනාගත සැලසුම් සහ ක්‍රමෝපායද සැලකිල්ලට ගන්නා බැවින් සහ ආයෝජකයන්ට මෙම තත්ත්වයන් විවිධ ආකාරයට අර්ථ නිරෑපණය කිරීමට නිදහස ඇති බැවිනි. මෙහිදී ජය ගනුයේ අන්‍යයන්ට නොපෙනෙන, නුවනැත්තන්ට පමණක් පෙනෙන අනාගත ව්‍යාපාරික අවස්තා සහ උපනති සාර්ථක ලෙස විණිවිද දකීන දක්ෂතාව ඇති හුරැබුහිටි ආයෝජකයා (Smart Investor) ය.    
එක් එක් ආයෝජන අධ්‍යයන/විශ්ලේෂණ විධිවල ඒවාටම ආවේනික වූ ප්‍රයෝජන ඇති අතර දුර්‍වලතා ද ඇත. ඒ පිළිබඳව පහත දැක්ටවන සාකච්ජාවේ දී ඔබ හොඳින් දැනුවත් වනු ඇත. එබැවින් මෙම ආයෝජන අධ්‍යයන/විශ්ලේෂණ විධි තුනම හොඳින් අධ්‍යයනය කොට ඒවායෙහි ඇති ප්‍රයෝජනවත් අංශ තේරැම් ගෙන අවශ්‍ය විටෙක ඒවායෙහි සංකලනයක් තීරණ ගැනීම පිණිස යොදා ගැනීම ඉතා ප්‍රයෝජනවත්ය.


අවාසනාවකට මෙන් බොහෝ දේශීය ආයෝජකයෝ මින් එක් ක්‍රමයන් වත් හරිහැටි යොදා නොගනිති. ඇතැම් ආයෝජකයෝ එක් විධික්‍රමයකට පමණක් කොටු වී තීරණ ගනිති. මෙය ඔවුනගේ තීරණවල ගුණාත්මක භාවය අවම නිරීමට ද, අවදානම් සහගත බව වැඩි කිරීමට ද ලාභදායීත්ත්වය අඩු කිරීමට ද බෙහෙවින් හේතු වී ඇත.


දැනට යමි පමණකට විධිමත් විශ්ලේෂණ විධි භාවිත කරනුයේ ආයතනික ආයෝජකයන් සහ විදේශ ආයෝජකයන්ය. සෙසු පිරිස කරනුයේ අන්‍යයන් අනුකරණය කිරීම සහ වෙළඳපල හඹා යාමය. ඇත්ත වශයෙන් වෙළඳපල හඹා යාම බරපතල අනුවන කමකි. ආයෝජන පිළිබඳව අඳුරේ තීරණ ගැනීමකි. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මන්ද, ඔවුන්ගේ ගනුදෙනුවල ලාභදායීත්ත්වය බොහෝ විට වාසනාව මත පමණක් තීරණය වන සූදුවකදී ලැබෙන අහඹු වාසි හා සමානය. ඔවුන්ගේ ආයෝජන වල අවදානම ඉතා ඉහල හෙයින් අපේක්ෂිත ලාභ නොලද විට අන්‍යයනට දොස් පැවරීම නිරතුරැවම දක්නට ලැබෙන ලක්ෂණයකි. මෙම තත්ත්වය වඩාත් භයානක වන්නේ ඇතමුන් ණයට ගත් මුදල් පවා මේ සඳහා යොදවමින් තම ධනය විනාශ කරගත් අවස්තා බහුලව ඇති බැවිනි.


මෙම පාඩමින් උත්සාහ ගෙන ඇත්තේ විවිධ විශ්ලේෂණ විධි අතර වැදගත් විධි පිළිබඳව හඳුන්වා දීමත්, එමගින් වැඩිදුර අධ්‍යයනය සඳහා උනන්දුවක් ඇති කිරීමත්, කොටස් වෙළඳපල ආයෝජන අවදානම යම් පමණකට අඩුකර ගැනීමට ආයෝජකයනට සහාය වීමත් සහ ආනුබුද්ධික (Rational) හෙවත් සිහිබුද්ධියෙන් යුතුව වඩාත් නිවැරදි තීරණ ගැනීමට හැකි නිවැරදි මාවත එලි පෙහෙලි කර දීමත්ය.


මෙම විධි ක්‍රම ප්‍රායෝගිකව යොදා ගන්නා අතර ඒවා තවදුරටත් වැඩි දියුණු කිරීමට ද නව විධි ක්‍රම හඳුන්වා දීමට ද ඔබට හැකි වුවහොත් එය මෙම ව්‍යායාමයෙහි අතුරැ ඵලයක් ලෙස දකිමි.   


මූලධර්‍මමය විශ්ලෙෂණය යනු කුමක්ද?


මූලධර්‍මමය විශ්ලෙෂණය යනු සවිමත් ආයෝජනයක පදනම ලෙස හැඳින්විය හැකිය. කිසියම් ව්‍යාපාරයක මූලික මූල්‍යමය දත්ත මැනවින් පරීක්ෂා කිරීමෙන් එහි ස්ථාවර භාවය සහ අනාගත දියුණුව පිළිබඳව යම් පමණකට නිවැරදි ලෙස නිර්ණය කිරීමට ඔබට හැකි වනු ඇත. මෙහිදී වැදගත්වන මූලික මූල්‍යමය දත්ත වනුයේ සමාගමෙහි ලාභ අලාභ තත්ත්වය දැක්වෙන ආදායම් සහ වියදම් ප්‍රකාශ, ශෙෂ පත්‍ර සහ අනාගත සැලසුම් වැනි සමාගමෙහි ආර්ථික සවිමත් බව හඳුනාගත හැකි වෙනත් දත්ත වෙති. කිසියම් සමාගමක කොටස් මිල අවතක්සේරැව ඇත්ද යන්න හෝ අධි තක්සේරරැව ඇත්ද යන්න හෝ නිගමනය කිරීමට මෙම දත්ත ආයෝජකයන් විසින් බහුල ලෙස භාවිතා කරනු ලැබේ.


මූලධර්‍මමය විශ්ලෙෂණය කිසියම් සමාගමක මූලික මූල්‍යමය දත්ත ඇසුරෙන් ඇරඹුනද එය එකී සමාගම අයත් ආර්ථික ‍කෙෂත්‍රයේ අනෙකුත් සමාගම් හා සසඳන කල තරඟකාරී තත්ත්වයක සිටින්නේද යන්න සහ වෙනත් ආර්ථික කෙෂත්‍ර හා සසඳනකල එකී ආර්ථික කෙෂත්‍රය වර්ධනය වන්නේද හැකිලෙන්නේද යන්න හඳුනා ගැනීමට ද එය උපකාරී වනු ඇත. වෙළඳපල පුල් වීමත් විවිධ කෙෂත්‍ර යටතේ විවිධ සමාගම්වල කොටස් මිලට ගැනීමට අවස්ථාව ලැබීමත් හේතු කොටගෙන වඩාත් වාසි අත්වන්නේ කුමන කෙෂත්‍රවල කුමන සමාගම්වල කුමන කොටස්වල ආයෝජණය කිරීමෙන්ද? යන ප්‍රශ්ණයට වඩාත් අර්ථාන්විත පිළිතුරක් ලබා ගැනීමට මූලධර්‍මමය විශ්ලෙෂණය මහඟු පිටිවහලක් වෙනු ඇත.
වඩාත් ශක්තිමත් මූලධර්‍මමය විශ්ලේෂණ දත්ත පෙන්නුම් කෙරෙන සමාගමක කොටස් මිල කාලයාගේ ඇවෑමෙන් ඉහල යාමේ ප්‍රවනතාවක්ද දුර්‍වල මූලධර්‍මමය විශ්ලේෂණ දත්ත පෙන්නුම් කෙරෙන සමාගමක කොටස් මිල කාලයාගේ ඇවෑමෙන් පහල යාමක්ද පෙන්නුම් කරනු ඇත. මෙහිලා වෙළඳපලෙහි ඇති විය හැකි කෙටිකාලීන මිල උච්ජාවචන නොසලකා හරිනු ලැබේ. මේ හේතුකොටගෙන දිගුකාලීන ආයෝජකයනට සාර්ථක ලෙ යොදාගතහැකි ඉතා වටිනා මෙවලමක් බවට මූලධර්‍මමය විශ්ලෙෂණය අද හඳුනාගෙන ඇත.


මූලධර්‍මමය විශ්ලේෂණය සහ තාක්ෂණික විශ්ලේෂණය අතර ඇති මූලික වෙනස් කම් කවරේද?


මූලධර්‍මමය විශ්ලෙෂණය තාක්ෂණික විශ්ලෙෂණයෙන් වෙනස් වනුයේ ඒවා සඳහා භාවිතවන දත්ත එකිනෙකට වෙනස්වන හෙයිනි. මූලධර්‍මමය විශ්ලෙෂණයෙහිදී කිසියම් සමාගමක මූලික කර්‍ය්‍යසාධක දත්ත ඇසුරැ කෙරන නමුදු තාක්ෂණික විශ්ලෙෂණයෙහිදී එම දත්ත භාවිතා නොකෙරේ. ඒ වෙනුවට කොටස්වල මිල වෙනස් වීම, එකී මිල වෙනස ප්‍රස්ථාරවල පෙන්නුම් කරන විවිධ මාදිලි හා ආකාර සහ විවිධ ප්‍රස්ථාර මගින් පුරෝකථනය කෙරෙන අනාගත මිල උපනතීක් සහ මිල විචලන ආදිය මෙහිලා භාවිත කෙරේ. මෙය වෙන් වෙන් සමාගම් පිළිබඳව පමණක් නොව එකී සමාගම අයත් ආර්ථික කෙෂත්‍රය සහ සමස්ථ වෙළඳපල හැසිරීම පිළිබඳවද පරීකෂාකල හැකි සහ පුරොකථනය කල හැකි විශ්ලෙෂණයක් වන හෙයින් එය මූලධර්‍මමය විශ්ලෙෂණය තරම්ම ප්‍රයොජනවත් සහ ජනප්‍රිය එහෙත් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් විධි ක්‍රමයක් වෙයි.


තාක්ෂණික විශ්ලෙෂණ කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ආයෝජකයනට ප්‍රයෝජනවත් වන නමුදු බෙහෙවින් කෙටිකාලීන සහ මධ්‍ය කාලීන ආයෝජනයේදී යොදා ගැනේ.


මූලධර්‍මමය විශ්ලෙෂණයෙහි වැදගත් කම


කිසියම් සමාගමක තම මුදල් ආයෝජනය කිරීම යහපත් ආයෝජන තීරණයක්ද අයහපත් ආයෝජන තීරණයක්ද යන්න අපහසුවකින් තොරව සහ ඉහල නිවැරදිතාවයකින් යුතුව නිර්ණය කිරීමට මූලධර්‍මමය විශ්ලෙෂණය ආයෝජකයකුට උපකාර කරයි. යම් හෙයකින් මූලධර්‍මමය විශ්ලෙෂණයෙහි කිසියම් බරපතල අඩුපාඩුවක් සිදුවිණි නම් බරපතල පාඩු විඳීමට සිදුවන සම්භාව්‍යතාව ඉතා ඉහලවන අතර එය නිවැරදිව අඩුපාඩු රහිතව කරනලද නම් ඉතා ඉහල ප්‍රතිලාභ ලබාගැනීමේ සම්භාව්‍යතාවද වැඩිය.


උදාහරණයක් වශයෙන්, මොහොතකට කොටස් වෙළඳපල අමතක කොට, කිසියම් බැංකුවක් කිසියම් සමාගමකට හෝ පුද්ගලයෙකුට අවශ්‍ය ණය මුදලක් නිශ්චිත සුරැකුමක් නොමැතිව අනාගත ඉපැයුම් මතම ප්‍රධානය කරන අවස්තාවක් විමසා බලමු. බැංකුව ණය දීමට ප්‍රථම එම සමාගමේ හෝ පුද්ගලයාගේ අනාගත ඉපැයුම් සහ ලාභ අලාභ තත්ත්ව පිළිබඳව දැඩි විශ්ලෙෂණයක් කල යුතු බව අප දනිමු. මන්ද එකී සමාගමට හෝ පුද්ගලයාට ණය වාරික සහ පොලිය නියමිත පරිදි ගෙවීමට හැකි වන්නේ සමාගමේ හෝ පුද්ගලයාගේ අනාගත ඉපැයුම් පිලිබඳ බලාපොරොත්තු තබාගත හැකිනම් පමණි. යම් හෙයකින් එම බලාපොරොත්තු බිඳ වැටුන හොත් එම ණය මුදල බොල් ණයක් ලෙස කපා හැරීමට බැංකුවට සිදු වනු ඇත.


මෑතකදී අමෙරිකා එක්සත් ජනපදයේ බැංකු ගණනාවක්ම බුන්වත් බවට පත්වූයේ නිවාස ණය දීමේදී නිවාස දේපල අධිතක්සේරැ කොට ප්‍රමාණවත් සුරැකුම් නොමැතිව ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව කරනලද මූලධර්‍මමය විශ්ලෙෂණයෙහි අඩුපාඩු ඇති බව නොදැන ණය ලබාදුන් හෙයිනි. බැංකු බලාපොරොත්තු නොවූ පරිදි නිවාස දේපල වටිනාකම පහත බැසීම හේතු කොටගෙන සුරැකුම් ලෙස තබාගත් දේපල, ණය ආවරණය කිරීමට ප්‍රමාණවත් නොවූ හෙයින් ඇතැම් බැංකු බුන්වත් විය.


ව්‍යාපාර වස්තු වෙළඳ පලෙහි සමාගම් කොටස්වල ආයෝජනයේදීද එය මුදල් ණයට දීමක් හා සමාන නොවුවද ඒ හා යම් තරමකට සමාන හෝ ඊට වැඩි අවදානමකට ආයෝජකයා මුහුණ දෙයි. මූලධර්‍මමය විශ්ලෙෂණය සියයට සියයක්ම නිවැරදි ක්‍රමවේදයක් නොවුවද ඉන් ආයෝජනයේ අවදානම බොහෝදුරට අවම කරගත හැකිබව අප අවබෝධ කරගත යුතුව ඇත. මන්ද හැඟීම් වලට වහල්වී කිසිදු විශ්ලෙශණයකින් තොරව ඝණ අඳුරේ සිට තීරණ ගන්නවාට වඩා මූලධර්‍මමය විශ්ලෙෂණය මගින් සමාගමේ කාර්‍ය්‍යසාධකතාව පිළිබඳව යම් පමණක ආලෝකයක් සහ ආත්ම විශ්වාසයක් ආයෝජකයාට ලැබෙන බැවිනි.


කොටස් වෙළඳපලෙහි කොටස් මිලට ගැනීම හා බැංකුවක් සුරැකුම් නොමැතිව මුදල් ණයට දීම අතර ඇති සමාන අසමාන කම් සලකා බැලීම මෙම උදාහරණය මැනවින් තේරැම් ගැනීමට උපකාර වනු ඇත. අවස්ථා දෙකෙහිම ඉතා ඉහල අවදානමක් ඇත. ඇතැම්විට සම්පූර්ණ ආයෝජනයම නැතිවීමට ඉඩ ඇත. කොටස් මිලට ගැනීම එකී සමාගමට සුරැකුම් නොමැතිව දෙන ණයකට වඩා අවදානම් සහගතය. මන්ද ණය මුදලක් නම් නඩුවක් පවරා හෝ අයකර ගත හැකි අතර කොටස්වල ආයෝජිත මුදල් ආපසු ගෙවීමක් සිදු නොවන හෙයිනි. තම ආයෝජන නැවත මුදල් කර ගත හැක්කේ දවිතීය වෙළඳපලෙහි කොටස් විකිනීමෙනි.


කොටස්මිල ඉහල ගියහොත් ප්‍රාග්ධන ලාභ ඇතිව කොටස් විකිණිය හැකිය. ලාභාංශ අමතර වාසියකි. එහෙත් මෙම ප්‍රතිලාභ පිළිබඳ සහතිකයක් හෝ සුරැකුමක් හෝ නොලැබේ. එබැවින් ආයෝජන තීරණය ගැනීමේදී ආයෝජකයා අදාල සමාගම පිළිබඳව මනා දැනුවත් කමකින් සන්නද්ධ විය යුතුය. මෙම මනා දැනුවත්කම ලබාගත හැක්කේ මූලධර්‍මමය විශ්ලෙෂණය වැනි ක්‍රමවේදයක් නිවැරදිව යොදා ගැනීමෙන් පමණි. මෙහිලා ආයෝජනය කිරීමට අපේක්ෂිත සමාගමෙහි පහත දැක්වෙන නිශ්චිත කරැණු පිළිබඳව අවධානය යොමු කිරීම ඥාණාන්විතය.


(අ) සමාගම නිරතුරැවම ලාභ උපයයිද? මෙහිදී හදිසි අස්වාභාවික ලාභ සහ කෙටිකාලීන පසුබෑම් නොතකා හරිනු ලැබේ.


(ආ) දිගුකාලීනව ලාභ වර්ධනය වන්නේද ඌණ වන්නේද?


(ඇ) තරඟකාරීත්වය හමුවේ සමාගම තම ස්ථානය රැක ගැනීමට සමත්වීද? සමාගම අදාල කෙෂත්‍රයෙහි ප්‍රමුඛයාද? සමස්ථ ආර්ථිකය හා සසඳනකල අදාල කෙෂත්‍රය වර්ධනය වනනේද හැකිලෙන්නේද?


(ඈ) සමාගමෙහි ණය ගෙවීමේ හැකියාව. යම් හෙයකින් සමාගම විසුරැවා හැරීමට තීරණය කලහොත් එහි වත්කම්වල නෛසර්ගික අගය එහි වගකීම් සැලකිල්ලටගත් කල කොපමණද?


මූලධර්‍මමය විශ්ලෙෂණය සඳහා අවැසි දත්ත සහ ඒවා ලබාගන්නා ආකාරය


සමාගමක කොටස් හිමියෙකුට වාර්ශික, අර්ධවාර්ශික සහ තෛමාසික ගිණුම් ප්‍රකාශණ මුද්‍රිතව හෝ සංයුක්ත තැටි වශයෙන් හෝ (කොටස් හිමියාගේ කැමැත්ත අනුව) එවීමට සමාගම් බැඳී සිටිති. අමතරව මෙම ප්‍රකාශණ සාමාන්‍ය ජනයාගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ පුවත්පත්වල පල කිරීමටද කොළඹ කොටස් වෙළඳපල ‍‍අන්තර්ජාල අඩවියෙහි පල කිරීමටද සමාගමි නීතියෙන් බැඳී සිටිති. අමතරව ඒ ඒ සමාගම්වල අන්තර් ජාල අඩවි වලද මෙම ගිණුම් ප්‍රකාශ පල කරනු ලැබේ.


යම් හෙයකින් මෙම වගකීම පැහැර හැරිය හොත් ප්‍රශ්ණ ගත සමාගමෙහි කොටස් වෙළඳ පල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සුරැකුම්පත් සහ විණිමය නියාමණ කොමිෂන් සභාව (SEC) විසින් කටයුතු කරනු ලැබේ. නැවත ලැයිස්තුගත කරනු ලබන්නේ සුරැකුම්පත් සහ විණිමය නියාමණ කොමිෂන් සභාව (SEC) සෑහීමට පත්වන ආකාරයට අදාල ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්නම් පමණි.


මෙම ගිණුම් ප්‍රකාශණ වල ආයෝජකයනට ප්‍රයෝජනවත් ඇතැම් දත්ත සහ දර්ශක සාරාංශමය වශයෙන් වාර්තාව ආරම්භයේම සංඛ්‍යා සහ ප්‍රස්තාර ස්වරෑපයෙන් දැක්වීම කරනු ලැබේ.


සමාගම් පණතේ විධිවිධාන අනුව සියලුම වාර්ශික ගිණුම් වරලත් ගණකාධිකාරී වරයකු විසින් විගණනය කොට ඔහුගේ වාර්තාවද වාර්ශීක වාර්තාවට අඩංගු කල යුතුය. මෙම විගණක වාර්තාවද පරිශීලනය කලයුතු වැදගත් ලියවිල්ලකි.


මෙම ලියවිලි අතරින් අඩු තරමින් වසර පහක පමණ කාලයක සමාගමේ ශෙෂ පත්‍ර, ලාභ අලාභ ගිණුම් ප්‍රකාශණ සහ මූළ්‍ය ප්‍රවාහ ප්‍රකාශණ සපයා ගෙන ගැඹුරින් අධ්‍යයනය කිරීම මගින් සමාගමෙහි මූල්‍යමය සෞඛ්‍යය මනාව පිරික්සිය යුතුය.


මෙම ලියවිලි පරිශීලණය කිරීමෙන් පසුව ආයෝජකයනට පැණ නගින ගැටලු පිළිබඳව වාර්ශික මහා සභා රැස්වීමේ දී වාචිකව සාකච්ජා කිරීමට ද සුලු හෝ මහා පරිමාණ ආයෝජකයනට පිළිවන. අවාසනාවකට මෙන් එක්කෝ මෙම අවස්ථාව බොහෝ සුලු පරිමාණ ආයෝජකයෝ පැහැර හරිති නැත්නම් යම් හෙයකින් ප්‍රශ්ණ මතුකල හොත් අධ්‍යකෂ මණඩල ඒවා නොතකා හරිති. මන්ද සුලු පරිමාණ ආයෝජකයාගේ හඬ තීරණ ගැනීමේදී එතරම් වැදගත් නොවන හෙයිනි. කෙසේ වෙතත් මෙම මහඟු අවස්ථාව නිසි ලෙස භාවිත කිරීම මගින් බොහෝ ගැටලු විසඳාගත හැකිබව පැහැදිලිය.


ශෙෂ පත්‍රය- හඳුනා ගැනීම 


මෙම ලියවිල්ලෙහි නම යෝජනා කරන පරිදිම එහි අන්තර්ගතය තේරැම් ගැනීම පහසුය. සමාගමෙහි වත්කම් හෙවත් සමාගමට ලබාගෙන ඇති වටිනාකම්, එකී සමාගම විසින් වෙනත් අයවලුනට ගෙවිය යුතු දෑ හෙවත් සමාගමේ වගකීම්, සමාගමෙහි ප්‍රාග්ධනය සහ සංචිත සමග තුලනය කරන්නේ කෙසේද යන්න ශෙෂ පත්‍රයෙහි දැක්වේ. සමාගමේ වගකීම් වලට එහි ප්‍රාග්ධනය සහ සංචිත එකතු කල විට ලැබෙන අගය එහි වත්කම් වලට සමාන වන විට මෙම ගිණුම් ප්‍රකාශය තුලනය වෙතැයි පැවසේ.


කොළඹ කොටස් වෙළඳ පල අන්තර් ජාල අඩවිය වන www.cse.lk හි සියලු ලැයිස්තු ගත සමාගම් වල ගිණුම් සහ වාර්ශික වාර්තා පලකර ඇත. එහි ඇති වාර්තා පරීක්ෂා කිරීමෙන් ශෙෂ පත්‍රයක් ඔබට දැකිය හැකිය.


මෙරට සමාගම් නීතිය සහ වරලත් ගණකාධිකාරී ආයතනයේ උපදෙස් අනුව ශේෂ පත්‍රයක වත්කම් දකුණු පසට ද වගකීම් සහ ප්‍රාග්ධනය වම් පසටද යොදා තිරස් අතට ගිණුම තුලණය කල හැකි අතර ඊට විකල්පයක් වශයෙන් සිරස් අතට එනම් වත්කම් ප්‍රථමයෙන් දක්වා එයට යටින් එකී වත් කම් නියෝජණය වන අන්දම දක්වමින් වගකීම්, ප්‍රාග්ධනය සහ සංචිත වෙන වෙනම දැක්විය හැකිය. කුමන ක්‍රමයට ඉදිරිපත් කලත් වත්කම් වල එකතුවට සමාන අගයක් වගකීම්, ප්‍රාග්ධනය සහ සංචිත එකතු කල විට ලැබී ගිණුම තුලණය වෙයි.


ගිණුම් තබන්නන් විසින් සෑම ගණුදෙනුවක් සම්බන්ධයෙන්ම සටහන් දෙකක් ගිණුම් දෙකක හර සහ බැර වශයෙන් තබන හෙයින් වසර අවසානයේදී සියලු ගිණුම් තුලනය කල විට හර ගිණුම් ශේෂ වල එකතුව බැර ගිණුම් ශේෂ වල එකතුවට සමාන විය යුතු බැවින් මෙය තේරැම් ගත නොහැකි අරැමයක් නොවේ.


මෙය තේරැම් ගැනීමට ගණකාධිකරණය පිළිබඳව දැනුමක් අවශ්‍ය නොවේ.

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics

දිගටම ඉදිරියට යන්න

ස්තුතියි

අති විශිෂ්ඨයි සර්

Very Happy  Very Happy  Very Happy 

K.Haputantri

K.Haputantri
Co-Admin

ඔබගේ දිරිගැන්වීම් ඉතා ඉහලින් අගයමි.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Hapu, ඔබගෙ ව්‍යයාමය මහත් සේ අගයමි. 
පහත කරුණ ඔබ දන්නවා යයි සිතෙන නමුත් සටහන් කරමි : 

අපි මේ ලියන්නෙ යුනි කෝඩ් වලින් බැවින් මෙය යම් දිනෙක මුද්‍රිත මගට ගන්නට ගියහොත් ගැටලුවක් විය හැක​. 
මුද්‍රන පෙජ් සෙටින් කරන අය යුනි කෝඩ් වලින් දෙන දේ  ඔවුනගේ කාරියට නොගැලපෙන බව පවසති. ප්‍රතික්ශේප කරති.
 පිටු සිය ගණනම එක වරම නැවත ලියන්නට සිදුවීම එපා වෙන සුලුය​.  නැතහොත් ටයිප් කරන දරුවකු ලවා නැවත ලියවා ගන්නට සිදුවේ . එයටද කාලයක් වැයවේ. බොහෝ වැරදි ද එකතු වේ.

එම නිසා ඔවුන් භාවිතා කරන ෆන්ට් එකකිනුත් හෙමිහිට මෙය ලියා එකතුකර ගැනීම හොඳයි. විවිධ ආයතන විවිධ ෆන්ට් හා සිංහල ප්‍රොග්‍රැම් භාවිත කරති.  

Chin

K.Haputantri

K.Haputantri
Co-Admin

ඔබට ස්තුතියි. මීට පෙර මෙය මා දැන සිටියේ නැහැ. රාජ්‍ය ආයතනයක් (ICTA) නිර්දේශකල හෙයින් මෙය සුදුස් යයි සිතා භාවිත කලෙමි.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

K.Haputantri wrote:ඔබට ස්තුතියි. මීට පෙර මෙය මා දැන සිටියේ නැහැ. රාජ්‍ය ආයතනයක් (ICTA) නිර්දේශකල හෙයින් මෙය සුදුස් යයි සිතා භාවිත කලෙමි.
එසේ නම් කරුණාකර ප්‍රෙස් එකෙකින් හොයා බලන්න​. මම දන්න තැන් වලින් එසේ කිව්ව .

Sponsored content



Back to top  Message [Page 2 of 5]

Go to page : Previous  1, 2, 3, 4, 5  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum