FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Today at 1:50 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Yesterday at 9:07 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Yesterday at 8:39 pm

» Sri Lanka: Country Information Report
by God Father Yesterday at 6:52 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Yesterday at 6:42 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Yesterday at 1:51 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 11:21 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 2:19 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 11:01 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 4:51 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 1:31 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Tue Apr 30, 2024 1:10 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 11:54 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 11:52 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 10:56 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Thu Apr 25, 2024 12:55 am

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Thu Apr 25, 2024 12:53 am

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 10:39 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 12:10 pm

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 12:08 pm

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 11:50 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 10:07 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 10:58 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Fri Apr 19, 2024 12:54 am

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Thu Apr 18, 2024 12:00 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

කොටස් වෙළදපොල සිංහලෙන්

+35
EquityChamp
ayesh84
Quibit
jsamarasinghe
sampath.anuradha
Eng Krishantha
rangananwr
IO3+O
NC
MAKARA
sajith.warushavithana
Roboticfx
serene
Lucas
NUINTH
milanka
chap
wappula
D.G.Dayaratne
manula
KDDND
CSE1
kalindusri
madhawa.h
SCR
keeper
nihal123
smallville
kavi84
Chinwi
NZ BOY
Slstock
LSE
notme
K.Haputantri
39 posters

Go to page : Previous  1, 2, 3, 4, 5  Next

Go down  Message [Page 3 of 5]

nihal123


Manager - Equity Analytics
Manager - Equity Analytics

දිගටම ඉදිරියට යන්න

ස්තුතියි

අති විශිෂ්ඨයි සර්

Very Happy  Very Happy  Very Happy 

K.Haputantri


Co-Admin

ඔබගේ දිරිගැන්වීම් ඉතා ඉහලින් අගයමි.

Chinwi


Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Hapu, ඔබගෙ ව්‍යයාමය මහත් සේ අගයමි. 
පහත කරුණ ඔබ දන්නවා යයි සිතෙන නමුත් සටහන් කරමි : 

අපි මේ ලියන්නෙ යුනි කෝඩ් වලින් බැවින් මෙය යම් දිනෙක මුද්‍රිත මගට ගන්නට ගියහොත් ගැටලුවක් විය හැක​. 
මුද්‍රන පෙජ් සෙටින් කරන අය යුනි කෝඩ් වලින් දෙන දේ  ඔවුනගේ කාරියට නොගැලපෙන බව පවසති. ප්‍රතික්ශේප කරති.
 පිටු සිය ගණනම එක වරම නැවත ලියන්නට සිදුවීම එපා වෙන සුලුය​.  නැතහොත් ටයිප් කරන දරුවකු ලවා නැවත ලියවා ගන්නට සිදුවේ . එයටද කාලයක් වැයවේ. බොහෝ වැරදි ද එකතු වේ.

එම නිසා ඔවුන් භාවිතා කරන ෆන්ට් එකකිනුත් හෙමිහිට මෙය ලියා එකතුකර ගැනීම හොඳයි. විවිධ ආයතන විවිධ ෆන්ට් හා සිංහල ප්‍රොග්‍රැම් භාවිත කරති.  

Chin

K.Haputantri


Co-Admin

ඔබට ස්තුතියි. මීට පෙර මෙය මා දැන සිටියේ නැහැ. රාජ්‍ය ආයතනයක් (ICTA) නිර්දේශකල හෙයින් මෙය සුදුස් යයි සිතා භාවිත කලෙමි.

Chinwi


Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

K.Haputantri wrote:ඔබට ස්තුතියි. මීට පෙර මෙය මා දැන සිටියේ නැහැ. රාජ්‍ය ආයතනයක් (ICTA) නිර්දේශකල හෙයින් මෙය සුදුස් යයි සිතා භාවිත කලෙමි.
එසේ නම් කරුණාකර ප්‍රෙස් එකෙකින් හොයා බලන්න​. මම දන්න තැන් වලින් එසේ කිව්ව .

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ඔයාගේ වැඩේ ගොඩක් හොදය්,ඔයාට දිගටම මේ වැඩේ කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල සුබපතනවා,එසේම warranties ,Right issues ගැනත් විස්තර ලියන්න පුලුවන්නම් ගොඩක් වටිනවා,All the best....

smallville

smallville
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Chinwi wrote:
K.Haputantri wrote:ඔබට ස්තුතියි. මීට පෙර මෙය මා දැන සිටියේ නැහැ. රාජ්‍ය ආයතනයක් (ICTA) නිර්දේශකල හෙයින් මෙය සුදුස් යයි සිතා භාවිත කලෙමි.
එසේ නම් කරුණාකර ප්‍රෙස් එකෙකින් හොයා බලන්න​. මම දන්න තැන් වලින් එසේ කිව්ව .
ඔව් මුද්‍රණ මාද්යට යනවිට මෙය ගැටලුවක් විය හැකියි. එය සොයා බලන්න. ලිපි පෙල ඉතා අගනෙය. ස්තුතියි.

K.Haputantri

K.Haputantri
Co-Admin

keeper wrote:ඔයාගේ වැඩේ ගොඩක් හොදය්,ඔයාට දිගටම මේ වැඩේ කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල සුබපතනවා,එසේම warranties ,Right issues ගැනත් විස්තර ලියන්න පුලුවන්නම් ගොඩක් වටිනවා,All the best....
අදහස් දැක්වීම ගැන ස්තූතියි. ඉඩකඩ ලැබෙන හැටියට යෝජිත මාතෘකා ඇතුලත් කරන්නම්.

K.Haputantri

K.Haputantri
Co-Admin

smallville wrote:
Chinwi wrote:
K.Haputantri wrote:ඔබට ස්තුතියි. මීට පෙර මෙය මා දැන සිටියේ නැහැ. රාජ්‍ය ආයතනයක් (ICTA) නිර්දේශකල හෙයින් මෙය සුදුස් යයි සිතා භාවිත කලෙමි.
එසේ නම් කරුණාකර ප්‍රෙස් එකෙකින් හොයා බලන්න​. මම දන්න තැන් වලින් එසේ කිව්ව .
ඔව් මුද්‍රණ මාද්යට යනවිට මෙය ගැටලුවක් විය හැකියි. එය සොයා බලන්න. ලිපි පෙල ඉතා අගනෙය. ස්තුතියි.
ඔබ සැමගේ අගය කිරීම් සහ කාලීණ උපදෙස් පිළිබදව ස්තුතියි. දැනටමත් Copy Past කිරීමේදී යම් යම් ගැටලු තිබෙනවා (උදාහරණ: බැදි අකුරැ ලිහීයාම වැනි). ඒවා ICTA ආයතනයට දන්වා නිරවුල් කර ගත නොහැකි වුවහොත් ඔබ සැම යෝජිත අයුරැ විකල්පයක් සොයන්ට වෙනවා.

K.Haputantri

K.Haputantri
Co-Admin

Thanks Chinvi & Small. What you said is correct. The following page from ICTA Web says it all. Still they havent developped print compliant UNICODE fonts, though they wanted to do so in 2009.

"Unicode compliant local language fonts
2009 ජූලි 14 වෙනි අඟහරුවාදා, 14:50
කොටස් වෙළදපොල සිංහලෙන් - Page 3 PrintButtonකොටස් වෙළදපොල සිංහලෙන් - Page 3 Pdf_button
 
 ICTA spearheaded the development of Sinhala fonts based on the standard Unicode, and at the inception  partnered with several organizations in getting a few Unicode compliant Sinhala fonts developed.
 
The objective was to generate accurate Sinhala documents with the use of the full complement of characters facilitated in the Sri Lanka Standard Sinhala Character Code for Information Interchange, SLS 1134 : 2004 and to propagate the use of aesthetically correct Sinhala character glyphs in government documents and web sites.  It is also intended to discourage the continued use of legacy fonts that are not compliant with SLS 1134 : 2004.
 
To meet the above objectives ICTA is now developing a standard-based Sinhala font, භාෂිත, which meets the conditions given in SLS 1134 for a Level 2 font. Viz. Level 2 fonts are intended for general applications such as documents, books, etc. 
 
The Level 3 භාෂිත font will also be developed by end June.  With Level 3 fonts it will be possible to type touching letters needed especially in Buddhist texts.  Level 3 fonts are intended for advanced publications and printing applications, especially for supporting Pali and Sanskrit text written in Sinhala script, and for historical documents.
 
ICTA’s භාෂිත font is compatible with the MS Windows XP and MS Windows Vista, and Linux operating systems.
 
A program is also underway to train font developers and to provide font developers with the knowledge and expertise on how to develop standards based, aesthetically correct Sinhala fonts of good quality, in order to upgrade the skill and knowledge in this area.
 
It is also intended to develop a standards- based Tamil font."
 



Last edited by K.Haputantri on Sun Oct 20, 2013 4:15 pm; edited 1 time in total

LSE

LSE
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ඔබතුමාගේ, මෙම විශිෂ්ඨ සේවාව මම නිරතුරුවම අගය කරමි. කොටස් වෙළදපොල පිලිබදව උනන්දුවක් දක්වන සියලුම පාඨකයන්ගේ දැනුම තව තවත් වර්ධනය කිරිම පිණිස මෙම කෘතිය හැකි ඉක්මනින් එළිදැක්වීමට අවැසි ශක්තිය  ධෙර්යය ඔබතුමාට නිතැතින්ම ලැබේවා...!
study study study 

ස්තුතියි.

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics

LSE wrote:ඔබතුමාගේ, මෙම විශිෂ්ඨ සේවාව මම නිරතුරුවම අගය කරමි. කොටස් වෙළදපොල පිලිබදව උනන්දුවක් දක්වන සියලුම පාඨකයන්ගේ දැනුම තව තවත් වර්ධනය කිරිම පිණිස මෙම කෘතිය හැකි ඉක්මනින් එළිදැක්වීමට අවැසි ශක්තිය  ධෙර්යය ඔබතුමාට නිතැතින්ම ලැබේවා...!
study study study 

ස්තුතියි.
LSE
Apith enna kiyaida?

K.Haputantri

K.Haputantri
Co-Admin

LSE & nihal
ඔබගේ දිරිගැන්වීම් අගයමි. දොරට වැඩීමේ උත්සවයක් තිබිබොත් එන්න කියන්නම්.

K.Haputantri

K.Haputantri
Co-Admin

ආයුබෝවන්! සුපුරැදු පරිදි මාසයේ පලමුදාම අපගේ පාඩම ඉදිරිපත් කිරීමට හැකිවීම සතුටට කරැණකි. ඔබට ජය පතමි.study 

පාඩම - 6

ආයෝජණ විශ්ලේෂණය හඳුන්වා දීමක් - දෙවැනි කොටස

ශේෂ පත්‍රය හඳුනා ගැනීම- වත්කම්

සියලු වත්කම් ගිණුම් ශේෂ හර ශේෂ වෙති. වත්කම් එහි ප්‍රයෝජනය ගන්නා කාලය සහ මුදල් බවට පත් කිරීමේ පහසුව අනුව ස්ථාවර වත්කම් හා ජංගම වත්කම් ලෙස වර්ග දෙකකටද පියවි ඇසට පෙනෙන නොපෙනෙන කරැණ අනුව අස්පෘශ්යජ වත්කම් (කීර්තිනාමය වැනි වත්කම්) සහ ස්පර්ශ වත්කම් (යන්ත්‍රෝපකරණ වැනි වත්කම්) ලෙසද යලි වර්ග දෙකකටද විවිධාකාරයෙන් විස්තර කල හැකිය.

දිගුකාලීන පැවැත්මක් ඇති ඉඩම්, ගොඩනැගිලි, යන්ත්රප සූත්‍ර ආදිය ස්ථාවර වත්කම් ලෙස සැලකෙන අතර ඒවායෙහි වාර්ශික ක්ෂයවන ප්‍රමාණය පමණක් අදාල කාලය සඳහා දැරෑ වියදම ලෙස ගනන් ගනු ලැබේ. ශේෂ පත්‍රවල මෙම සමුච්චිත ක්ෂය ප්‍රමාණය අදාල ස්ථාවර වත්කමෙහි මුල් අගයෙන් අඩු කොට දක්වන්නේ එහෙයිනි. මෙසේ කරනු ලබන්නේ ස්ථාවර වත්කම සම්පූර්ණයෙන්ම ක්ෂයවී සේවයෙන් ඉවත් කල විට නව ස්ථාවර වත්කමක් ප්‍රතිසම්පාදනය කිරීම පිණිස ලාභයෙන් කොටසක් වෙන් කර තැබීමටය. ස්ථාවර වත්කම් සම්පූර්ණයෙන්ම ක්ෂයවූ පසුව ගිණුම්වල පෙන්වන්නේ නාමික අගයක් බවද ඇතැම්විට එම වත්කම අපහරණය කිරීමෙන් එකී නාමික අගයට වඩා වැඩි මුදලක් ලබා ගත හැකි බවද මෙහිලා මතක තබා ගත යුතුය. විශෙෂයෙන් වත්කම් ගිණුම් පරීක්ෂා කිරීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඒවා යලි තක්සේරැකොට වටිනාකම පුම්බා තිබිය හැකි හෙයිනි. එවැනි අවස්තාවලදී ශෙෂ පත්‍රය තුලනය කිරීම පිණිස ස්ථාවර වත් කමෙහි අගය ඉහල දමන වටිනාකමට සමාන වටිනාකමක් ඇති සංචිත ප්‍රමානයක් බැර සටහනක් ලෙස තබනු ලැබේ. එවැනි අවස්තාවල තීරණ ගැනීමේදී ඹබ නොමග නොයා යුතු බව අවධාරනය කරමි.
නිරතුරැව වෙනස්වන නමුදු ද්‍රවශීල ත්ත්වයෙහි පවත්නා මුදල් හා ආයෝජණද වත්කම් ගණයට වැටේ. අමතරව ජංගම වත්කම් ලෙස පහසුවෙන් මුදල් බවට පත් කලහැකි වෙළඳ තොගය සහ ණය ගැතියන් ගණන් ගනු ලැබේ. ආපසු අයකර ගැනීම අපහසු යයි අපේක්ෂා කෙරෙන ණය ගැතියන්ගේ ඇස්තමේන්තුගත අගය බොල් ණය ප්‍රතිපාදනය ලෙස සලකා ණය ගැති අගයෙන් අඩුකොට පෙන්වනු ලැබේ. මෙම ගිණුම් පරිචය ක්ෂයවීම් ස්ථාවර වත්කම්වල අගයෙන් අඩුකර දැක්වීම හා සමානය. ඇතැම් ආයතනවල කීර්ති නාමය ද අස්පෘශ්යව වත්කමක් ලෙස දක්වනු ලැබේ.

ශේෂ පත්‍රය හඳුනා ගැනීම- වගකීම්

වගකීම් යනු බාහිර පාර්ශව විසින් සමාගමට සපයන ලද දෑ (භාණඩ හා සේවාවන්) සඳහා ගෙවිය යුතු ණය මුදල්ය. ණය හිමියන්, ගෙවිය යුතු බදු මුදල්, ගෙවිය යුතු විදුලි බිල් සහ බැංකු අයිරාව ආදිය උදාහරන වේ. මෙම වගකීම් ඉතා කෙටි කලකින් ගෙවා නිම කිරීමට නියමිත හෙයින් ජංගම වගකීම් යනුවෙන්ද හැඳින් වේ.

දීර්ඝත කාලයක් තුල ගෙවීමට නියමිත වගකීම් දිගුකාලීන වගකීම් හෙවත් දිගුකාලීන ණය ලෙසද හැඳින් වේ. බැංකු ණය බැඳුම්කර ආදිය මේ ගණයට වැටේ.

මෙහිලා තේරැම් ගත යුතු වැදගත් කරැණක් නම් මෙම කිසිදු ණයකරැවකුට සමාගම පිළිබඳ අයිතියක් නොමැති බවය. එබැවින් නියමිත දිනට ණය ගෙවීමට සමාගම අපොහෙසත් වන්නේනම් සිවිල් නඩුවක් පවරා එම මුදල් අය කර ගැනීමට ඔවුනට සිදුවේ.

ශේෂ පත්‍රය හඳුනා ගැනීම- කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය

සාර්ථක ලෙස පවත්වාගෙන යන සමාගමක වත්කම් වල අගය වගකීම්වල අගයට වඩා වැඩි විය යුතුමය. වත්කම් වල අගයෙන් වගකීම් අඩු කල විට ලැබෙන අගය ප්‍රාග්ධනය සහ ඉදිරියට ගෙන ආ ලාභ සහ සංචිත වල එකතුවට සමාන වන හෙයින් ශේෂ පත්‍රය තුලනය වෙයි. අප ඉහත සාකච්ජා කල වත්කම් යලි තක්සේරැ කිරීමේදී ඇති ඇති කෙරෙන සංචිතද, වත්කම් ක්ෂය සංචිතද, බොල් ණය සංචිතද මෙයට අයත්ය.

ඉහත ද සාකච්ජා කල පරිදි ප්‍රාග්ධනය යනු දීගුකාලීන සහ කෙටිකාලීන ණය හිමියන් ‍ගෙන් ලද අරමුදල් වලට හාත්පසින්ම වෙනස් වූ සංඛ්යාවකි. දිගුකාලීණ ණය හිමියන් ‍ගෙන් ලද අරමුදල් ගිවිසුම් ප්‍රකාරව නිශ්චිත පොලියක්ද සමග ආපසු ගෙවීමට සමාගම බැඳී සිටී. කෙටිකාලීන නයහිමි ශෙෂද නියමිත කාලයක් තුල බේරැම් කල යුතුය. නමුත් ප්‍රාග්ධනය කොටස් හිමියන්ට ආපසු ගෙවීමක් අපේක්ෂා නොකෙරේ. වරණීය කොටස් හැරැන විට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සඳහා ලාභාංශ ගෙවනුයේ සමාගම ලාභාංශ ප්‍රකාශ කලහොත් පමණි.

ප්‍රාග්ධනය යනු සමාගමක් ආරම්භ කිරීමේදී සහ පසුව අවස්ථානු කූලව එහි පැවැත්ම සඳහා කොටස් හිමියන් විසින් යොදවනලද අරමුදල්ය. මෙම පොත් අගය කොටස්වල වෙළඳ අගයට වඩා අඩු හෝ වැඩි විය හැකිය. සමාග‍මේ කාර්යසාධකතාව ඉහල මට්ටමක පවතී නම් ප්‍රාග්ධන අගයට වඩා වැඩි වෙළඳ අගයක් එහි කොටස්වලට ඇති අතර එහි කාර්යක්ෂමතාව පහල මට්ටමක පවතීනම් ප්‍රාග්ධන අගයට වඩා පහල අගයක් කොටස්වලට වෙළඳපල තුල හිමිවනු ඇත.

වෙනත් විධියකට ප්‍රකාශ කරනවානම් කොටස්වල නාමික අගය (ප්‍රාග්ධනය ලෙස ගිණුම් පොත්වල දැක්වෙන) එහි වෙළඳ අගයට වඩා හාත්පසින්ම වෙනස් සංඛ්යාවකි. නාමික අගය බොහෝ විට ස්ථිතික තත්ත්වයක් ගන්නා අතර වෙළඳ අගය ගතික තත්ත්වයක් ඇතිකර ගන්නා හෙයින් කොටස් වෙළඳපල තුල ආයෝජකයන්ට විවිධ ආයෝජන අවස්ථා නිර්මාණය වෙයි.

ප්‍රාග්ධනය සමගම පෙන්වනු ලබන ඉදිරියට ගෙන ආ ලාභ සහ ලාභ සංචිත ප්‍රාග්ධනයට සමාන ගති ලක්ෂණ ඇති මුත් ඒවා සමාගමේ කොටස් හිම්යනට ඉදිරියේදී ලාභාංශ ගෙවීමේ කටයුතු සඳහා හෝ ප්‍රසාද කොටස් නිකුත් කිරීම සඳහා හෝ නැවත ආයෝජනය කිරීම සඳහා හෝ භාවිත කිරීමට පිළිවණ. එතෙක් මෙම අගය ලාභාංශ සංචිත ලෙස ප්‍රාග්ධනයට සමාන්තරව ගිණුම්වල පෙන්වනු ලැබේ.

කිසියම් සමාගමක බොහෝ ලාභාංශ සංචිත පෙන්නුම් කරන්නේනම් එහි කොටස්වල වෙළඳ අගය නිරායාසයෙන්ම ඉහල මට්ටමක පවතී. සමාගමක ගෙවනලද ප්‍රාග්ධනයෙහි සහ රඳවා තබාගෙන ඇති ලාභාංශ සහ සංචිත වල එකතුව කොටස් හිමියන්ගේ ප්‍රාග්ධනය ලෙස හඳුන්වා දිය හැකිය.

මෙහිදී වෙනත් සංචිත වර්ග එනම් වත්කම් වල ක්ෂය සංචිත, වත්කම් යලි තක්සේරැකිරීමේ සංචිත, බොල්ණය සංචිත ආදිය හාත්පසින්ම වෙනස්වූ සංචිත බවත් රඳවාගත් ලාභාංශ සංචිත හා සමාන නොවන බවත් පැහැදිලිව තේරැම්ගත යුතුය. එවැනි වෙනත් සංචිත ශේෂපත්‍රවල පෙන්වනු ලබන්නේ අදාල වත්කම සමග ඉන් අඩු/වැඩි කර දක්වන වියදමක් ලෙසය. එහෙයින් ලාභාංශ ප්‍රකාශ කිරීමට හෝ ප්‍රසාද කොටස් නිකුත් කිරීම සඳහා හෝ මෙම සංචිත යොදාගනු නොලැබේ.

ශේෂ පත්‍රයක් තුලින් සමාගමක ගිණුම් වර්ෂ අවසන් දිණයේ දී පවත්නා තත්ත්වය හඳුනා ගතහැකි බව උක්ත සාකච්ජාවෙන් දුටිමු. මෙය එක් දිනක වත්කම් වගකීම් තත්ත්වය, වසරතුල වපාපාරික ලාභ අලාභ තත්ත්වය සහ කොටස් හිමියන්ගේ ප්‍රාග්ධණය සාරාංශ කොට දැක්වෙන ලියවිල්ලකි.

ඉන් වසර තුලදී සමාගමෙහි කාර්යසාධකතාව විස්තරාත්මකව නොදැක්වෙන හෙයින් ඇතැම්විට කියවන්නන් නොමග යාමට ද ඉඩ ඇත. ඇතැම් විට එවැනි සටහන් ශෙෂපත්‍රවල සිතාමතාම සටහන් වන අවස්තා නැත්තේ නොවේ. එවැනි අනිසි ගණකාධිකරණ පරිචය කවුලු සැරහුම් (Window Dressing) ලෙස හඳුන්වනු ලැබේ.

උදාහරණ වශයෙන් වත්කම් අසාමාන්‍ය ලෙස යලි තක්සේරැ කිරීම (Excessive revaluation of Assets) සහ මුදලු අයකර ගැනීම පිළිබඳ කිසිදු තහවුරැවක් නොමැතිව ලැබිය යුතු පොලී (Accrude Interest) වශයෙන් කිසියම් වත්කමක ප්‍රාග්ධන වියදම් පෙන්වීම දැක්විය හැකිය. මෙවැනි අනිසි පරිචය ආයෝජකයන් නොමග යවන සුලු හෙයින් පරෙස්සම් විය යුතුය. මෑතකදී කොටස් වෙළද පලට හදුන්වාදුන් සහ මූලික කොටස් නිකුතු කල ඇතැම් සමාගම් තම වත්කම් විශාල ලෙස යලි තක්සේරැකොට එමගින් ඇති කරන ලද සංචිත ප්‍රාග්ධන ගත කරමින් ප්‍රසාද කොටස් නිකුත් කර තිබූ අවස්ථා අනාවරනය විය. අවාසනාවකට මෙන් නියාමන ආයතන මෙහිදී නොසැලකිලිමත් ලෙස කටයුතු කරමින් මෙම හදුන්වාදීම් සහ මූලික කොටස් නිකුතු අනුමත කර තිබිණ. අදාල ගිණුම් ආදිය නිසි පරීක්ෂාවකට ලක් නොකොට සමාගම සහ නියාමන ආයතන කෙරෙහි පමණක් විශ්වාසය තබමින් එවැනි කොටස් මිලදී ගන්නන්ට බොහෝවිට ාඩු සිදු විය. මේ ගැන අප පරෙස්සම් විය යුත්තේ එහෙයිනි.

එහෙයින් කිසියම් සමාගමක ව්‍යාපාරික සෞඛ්‍යය නිසිලෙස හඳුනා ගැනීමට නම් ශෙෂ පත්‍රය විමර්ශණාත්මකව හැදෑරිය යුතු අතර ඒ සමගම අනෙකුත් ගිණුම් ලේඛණ පිළිබඳව ද විමර්ශනාත්මක අවබොධයක් ලබාගැනීමද අවශ්‍ය වෙයි. එහෙයින් සමාගමෙහි ලාභ අලාභ තත්ත්වය ඉහල හෝ පහල යන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා ආදායම් වියදම් පෙන්වන ලාභ අලාභ ගිණුම් මුදල් ප්‍රවාහ ප්‍රකාශ ආදියද පරීක්ෂා කල යුතු වෙයි.

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics

LSE & nihal
ඔබගේ දිරිගැන්වීම් අගයමි. දොරට වැඩීමේ උත්සවයක් තිබිබොත් එන්න කියන්නම්


bounce bounce bounce 

දිගටම ඉදිරියට යන්න

ඔබට ස්තුතියි සර්

chap


Senior Equity Analytic
Senior Equity Analytic

ස්තුතියි..study 

K.Haputantri

K.Haputantri
Co-Admin

නිහාල්123 ස්තූතියි.
චැප් ඹබටත් ස්තූතියි.
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා.study sunny

K.Haputantri

K.Haputantri
Co-Admin

ආයුබෝවන්! සුපුරැදු පරිදි මාසයේ පලමුදාම අපගේ පාඩම ඉදිරිපත් කිරීමට හැකිවීම සතුටට කරැණකි. ඔබට ජය පතමි.කොටස් වෙළදපොල සිංහලෙන් - Page 3 Icon_study 

පාඩම - 7

ආයෝජණ විශ්ලේෂණය හඳුන්වා දීමක් -
ලාභ අලාභ ගිණුම් හෙවත් ආදායම් වියදම් ප්‍රකාශ


සමාගමක ශේෂ පත්‍රයට අමතරව එහි ආදායම් වියදම් ප්‍රකාශ පරීක්ෂා කිරීමෙන් සමාගමෙහි කාර්යසාධකතාව වඩාත් සවිස්තරව පරීක්ෂා කිරීමට ආයෝජකයාට පිළිවණ. සාරාංශ ගත ශේෂ පත්‍රයෙහි දැක්වෙන විස්තරයට අමතරව සමාගමෙහි ආදායම් වියදම් ප්‍රවනතා මෙහි විස්තරාත්මකව දැක්වෙන හෙයින් සමාගම් කිහිපයක් අතුරින් ආයෝජනය සඳහා වඩාත් යෝග්‍ය සමාගම තම හැඟීම් වලට වහල් නොවී නිවැරදි ලෙස හඳුනා ගැනීමට හැකිවීම මෙහි ඇති ප්‍රයෝජනයයි. මෙහිදී ආයෝජකයා වඩාත් විමසිලිමත් වියයුත්තේ සමාගමට දිගුකාලීනව මුදල් ඉපයීමේ හැකියාවක් ඇත්ද යන්න කෙරෙහි ය. මෙම ප්‍රශ්ණයට පිලිතුර සොයා ගැනීමට නම් මෙම ආදායම් වියදම් ප්‍රකාශණවල සෑම තොරතුරක්ම විමසිලිමත්ව පරීක්ෂා කල යුතුය. අඩු තරමින් වසර දෙකකවත් තොරතුරැ අවසාන ගිණුමක සඳහන් වන හෙයින් කිසියම් සමාගමක දිශානතිය සොයාගැනීමට නම් වසර කිහිපයක ආදායම් වියදම් වාර්තා පිරික්සිය යුතුවේ.
ප්‍රථමයෙන්ම මෙම ගිණුම්වල පෙන්වනු ලබන්නේ දල විකුණුම් හෙවත් දල ආදායමය. මෙම අගයෙන් පෙන්වනු ලබන්නේ සමාගමෙහි ප්‍රධාන ආදායම් මාර්ගයෙහි ඇති වර්ධනය හෝ සංකෝචණයයි. මෙම අගයෙන් පසුගිය වසර කිහිපය තුල ක්‍රමික වර්ධනයක් පෙන්වනු ලබන්නේ නම් එය යහපත් කාර්‍ය්‍ය සාධනය පිළිබඳ සුභ ආරන්චියකි. දළ ආදායමෙහි සංකෝචනය අසුභ ආරන්චියකි. කෙසේ වෙතත් මෙම ප්‍රවනතාව පිළිබඳ නිශ්චිත හේතු පරීක්ෂා නොකොට ක්ෂණික තීරණ වලට එළඹීම නුසුදුසුය.
 
මීලඟට වැදගත් වන්නේ විකුණන ලද භාණඩ නිශ්පාදනය සඳහා දරන ලද වියදම්වල හැසිරීම පරීක්ෂා කිරීමය. මෙම වියදම් ඍජු සහ ඍජු නොවන වශයෙන් දෙයාකාරය. ඍජු වියදම් ලෙස නිශ්පාදනය සඳහා යොදන ලද ද්‍රව්‍ය පිරිවැය, නිශ්පාදන ශ්‍රම පිරිවැය ආදියද ඍජු නොවන පිරිවැය ලෙස ක්ෂයකිරීම්, බොල් ණය කපා හැරීම් සහ වත්කම් ප්‍රතිසම්පාදනය සඳහා වෙන් කිරීම් ආදියද ගනන් ගැනේ. වෙන් වෙන් වශයෙන් මෙම වියදම් වල හැසිරීම නිරීක්ෂණය කරන අතර ආයෝජන තීරණ ගැනීමේ කාර්යය සඳහා මෙම වියදම් එක් සංඛ්‍යාවක් ලෙස සලකා බැලේ.

මීලඟට සලකා බැලෙන වියදම් වර්ගය වන්නේ විකුණුම්, පොදු සහ පරිපාලන වියදම්ය. මෙම වියදම් විකුණුම් ප්‍රවර්ධණය සහ ආයතනික පරිපාලනය හා සම්බන්ධ වූ වියදම්ය. මෙම වියදම් වල හැසිරීම ආයතනයේ අනාගත කාර්‍සාධකතාවය ගැන පෙර නිමිති කීමට කල් ඇතිවම යොදාගත හැකි බැවින් ඒ ගැන විමසිලිවත් වීම වැදගත්ය.

ලාභ අලාභ ගිණුම් හෙවත් ආදායම් වියදම් ප්‍රකාශ - ලාභ තීරැව සහ ඉපයුම්


සමාගමක ලාභ තීරැව සහ ඉපයුම් පරීක්ෂා කිරීම ආයෝජකයකුට ඉතා වැදගත් වෙයි. ආදායමෙන් වියදම් අඩු කල විට දල ආදායම පෙන්වයි. මෙම සංඛ්‍යාව ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් කල දල ලාභ තීරැව කොපමනක්දැයි සොයාගත හැකිය. මේ සඳහා ගණකාධිකරනය පිළිබඳව ගැඹුරැ දැනුමක් අවශ්‍ය නොවේ. සමාගම්වල අවසාන ගිණුම්වල මෙම තොරතුරැ පැහැදිලිව පෙන්වන හෙයින් ගිණුම් විමසිලිමත්ව පරීක්ෂා කිරීමෙන් මෙම තොරතුරැ සොයා ගත හැකිය.


උදාහරනයක් වශයෙන් කිසියම් වසරක සමාගමෙහි ලාභ තීරැ ප්‍රතිශතය 35% ක් නම් මෙම සංඛ්‍යාව එම කෙෂත්‍රයෙහි ‍වෙනත් තරග කාරී සමාගම් සමග සැසඳීමෙන් තමන් පරීක්ෂා කරන සමාගමෙහි කාර්‍ය්‍යසාධකතාව පිළිබඳ නිවැරදි අදහසක් ඇතිකර ගත හැකිය. ඒ අනුව සිය තරග කරැවන්ගේ දල ලාභ තීරැ ප්‍රතිශතය 35% ට වඩා අඩුනම් නිසැකයෙන්ම ඔබ පරීක්ෂාකල සමාගම පෙරමුනෙහි සිටියි. තරග කරැවන්ගේ දල ලාභ තීරැ ප්‍රතිශතය 35% ට වඩා වැඩිනම් ඔබ පරීක්ෂාකරන සමාගමට වඩා ඉහල කාර්‍ය්‍යසාධකතාවෙන් යුතු තවත් සමාගම් ඇති බව පෙනෙන හෙයින් එම සමාගෙම් පිළිබඳවද විමසිලිමත් වීම අගනේය.
කෙසේ වෙතත් මෙවැනි එක් තොරතුරක් දුටු පමණින් ඉක්මන් විය යුතු නැත. මීලඟට ඔබ කල යුත්තේ මෙය මෙම වසරට පමණක් සීමාවූ තත්ත්වයක්ද නැතිනම් කාලයක් තිස්සේ පවතින තත්ත්වයක්ද යන්න සැක හැර දැනගැනීම සඳහා එකී සමාගමේ වසර කිහිපයක ගිණුම් පරීක්ෂා කිරීමය. මෙහිදී මෙම තත්ත්වය වසර ගණනාවක් තිස්සේම පවතින තත්ත්වයක් නම් අපගේ නිරීක්ෂණය තව දුරටත් තහවුරැ වෙයි. යම් හෙයකින් පසුගිය වසර පහ තුල සමාගමේ ලාභ තීරැ ප්‍රතිශතය ක්‍රමානුකූලව 40%, 39%, 38%, 37%, 38% හා 35% ලෙස යම් පසුබෑමක් පෙන්වයි නම් ඊට තුඩුදුන් පසුබිම් කරැණු ද සොයා බැලිය යුතුය.


මෙහිලා අදාල ‍කෙෂත්‍රයෙහිම කිසියම් පසුබෑමක් විණිදැයි පරීක්ෂා කිරීම ඉතා ප්‍රයෝජනවත්ය. මන්ද, අදාල කෙෂත්‍රයෙහිම පසුබෑමක් පෙන්නුම් කරයි නම් සමස්ථ ආයෝජන කෙෂත්‍රයම වෙනස් කිරීම සුදුසු හෙයිනි.


උදාහරණයක් වශයෙන් වාහන ආනයන බද්ද විශාල ලෙස අයවැයෙන් වැඩිකල විට වාහන වෙළඳාම හා සම්බන්ධ සමාගම්වල ලාභ තීරැව මෑතකදී බරපතල ලෙස පහල වැටුනි. එතෙක් එම සමාගම්වල ලාභය ඉතා ඉහල මට්ටමක පැවතිණ. මේ තත්ත්වය යටතේ අයවැය යෝජනාවලින් පසුව බොහෝ ආයොජකයෝ තම ආයෝජන කෙෂත්‍රයම වහාම වෙනස් කිරීමට පෙළඹුනහ. මන්ද ඉදිරියේදී එකී සමාගම්වල ලාභ තීරැව පහල යන බව ඔවුන් නිවැරදිව පුරෝකථනය කල හෙයිනි. එහෙත් මෙය නොවෙනස් වන රීතියක් ලෙස නොගත යුතුය. මන්ද, මෙවැනි දුශ්කර තත්ත්වයක් යටතේ වුවද තරගකාරීව ලාභ ඉපයීමට ඇතැම් සමාගම් වලට ශක්තිය ඇති හෙයිනි.
දල ආදායමෙන් විකුණුම් වියදම් සහ පරිපාලන වියදම් අඩුකල විට ක්‍රියාකාරී ආදායම පෙන්නුම් කරයි. මෙම අගය ආදායමෙහි ප්‍රතිශතයක් ලෙස ගත්කල ලැබෙන අගයද ආයෝජකයෙකුට ප්‍රයොජනවත්ය. මෙම සංඛ්‍යාවද අවසාන ගිණුම්වල පෙන්වන හෙයින් වෙනම ගනන් බැලීම අනවශ්‍යය. අවශ්‍ය වන්නේ මෙම අගය අදාල සමාගමේ වසර කිහිපයක සංඛ්‍යා සමග සහ අදාල කෙෂත්‍රයෙහි වෙනත් තරගකාරීන් සමග සැසඳීමය. තම අරමුදල් වඩාත් ආරක්ෂාකාරීව සහ ලාභදායීව ආයෝජනය කල හැක්කේ කුමන සමාගම් වලද යන්න නිසැකව සොයාගත හැක්කේ එවිටය.


ලාභ අලාභ ගිණුම් හෙවත් ආදායම් වියදම් ප්‍රකාශ - ඉපයුම් අනුපාත


මෙය ආයෝජකයන් අතර බහුලව පරිහරනය කෙරෙන ප්‍රියතම සංඛ්‍යා එකතුවකි. එයට හේතුව නම් මෙම අනුපාත කිසියම් සමාගමක කොටසක් සම්බන්ධයෙන් එහි වාර්ශික හෝ අර්ධවාර්ශික හෝ කාර්තුවක හෝ ඉපයුම් ප්‍රමාණය හැසිරෙන ආකාරය පිළිබඳව ඍජු අදහසක් ලබාදෙන හෙයිනි. වෙනත් කවර අනුපාත වලටත් වඩා මෙම අනුපාත බහුලව යොදාගනු ලබන්නේ ඉන් සමාගමේ කාර්‍ය්‍යසාධකතාව පිළිබඳව වඩාත් නිවැරදි වැටහීමක් ලැබෙතැයි විශ්වාස කරන හෙයිනි. බහුලව යෙදෙන ඉපයුම් අනුපාත තුන නම් කොටසක ඉපයුම් අගය (EPS= Earnings Per Share), මිල ඉපයුම් අනුපාතය (P/E= Price Earnings Ratio) සහ මිල ඉපයුම් වර්ධන අනුපාතය (PEG= Price Earnings Growth Ratio) වෙත්.


කොටසක ඉපයුම් අගය (EPS= Earnings Per Share) නම් වූ සංඛ්‍යාව අනුපාතයකට වඩා රැපියල් වලින් දැක්වෙන අගයකි. මෙම අගය ගනන් බලනු ලබන්නේ සමාගමෙහි බදු ගෙවීමෙන් පසු ඉතිරිවන වාර්ශික ශුද්ධ ලාභය නිකුත්කර ඇති කොටස් සංඛ්‍යාවෙන් බෙදීමෙන් එක් කොටසක් සඳහා අදාලවන ලාභ ප්‍රමාණය ගණන් බැලීමෙනි. මෙම අගය වසරක් වැනි දෙන ලද කාලපරිච්ජෙදයකට පමණක් වලංගුවන අතර වාර්ශිකව වෙනස්වන සුලුය. ගණන් බැලීමේදී අස්වාභාවික සහ එක් වරක් පමණක් යෙදෙන ලාභ ආදිය ඇත්නම් ඉවත් කල යුතු වන්නේ එසේ නොකලහොත් ලැබෙන අගය නොමග යවනසුලු සහ ප්‍රයෝජනවත් නොවන එකක් වන හෙයිනි. කෙසේ වෙතත් මෙය කොටසකට ගෙවනු ලබන ලාභාංශ අගය සමග පටලවා නොගත යුතු වන්නේ බොහෝවිට විට මීට වඩා වෙනස් මුදලක් ලාභාංශ වශයෙන් වෙන් කෙරෙන හෙයිනි.
උදාහරනයක් වශයෙන් X නමැති සමාගමෙහි වාර්ශික ශුද්ධ ලාභය රැපියල් ලක්ෂ 3 ක් හා නිකුත්කර ඇති කොටස් ප්‍රමාණය 100,000 ක් වන විට කොටසක ඉපයුම් අගය (EPS= Earnings Per Share) රැපියල් 3.00 ක් වෙයි. එවිට එක් කොටසකට ලැබෙන ලාභාංශ ප්‍රමාණය අධ්‍යක්ෂ මණඩලය තීරණය කරන අයුරැ එක්කෝ රැපියල් 1.00 ක් හෝ ඊට අඩු හෝ වැඩි හෝ මුදලක් විය හැකිය නැත්නම් කිසිදු ලාභාංශයක් ප්‍රකාශ නොකොට සම්පූර්ණ මුදලම අනාගත සංවර්ධනය සඳහා වෙන්කර තැබෙන්නටද පිලිවන. කොටසක ඉපයුම් අගයට වඩා වැඩි මුදලක් ලාභාංශ වශයෙන් ප්‍රකාශිත අවස්ථාද නැත්තේ නොවේ. එසේ කරනු ලබන්නේ පෙර වසරවල ඉතිරි ලාභ ප්‍රයෝජණයට ගැනීමෙනි. ඇතැම්විට මුදලින් ලාභාංශ නොගෙවා ප්‍රසාද කොටස් නිකුත් කිරීමට හෝ කොටසක් මුදලින් ගෙවා කොටසක් ප්‍රසාද කොටස් ලෙස නිකුත් කරන්නටද ඉඩ ඇත. මෙම සාකච්ජාව තරමක් සංකීර්ණ වුවත් ඒ ගැන ඔබ සැලකිය යුතු නැත. අවශ්‍ය වන්නේ ඉපයුම් අගය (EPS= Earnings Per Share) සහ කොටසකට ගෙවන ලාභාංශය යනු එකිනෙකට වෙනස් සංඛ්‍යා දෙකක් බව තේරැම් ගැනීම පමණි.


මිල ඉපයුම් අනුපාතය (P/E= Price Earnings Ratio) ගණන් බලනු ලබන්නේ කොටසක වෙළඳපල අගය එම කොටසෙහි ඉපයුම් අගයෙන් බෙදීමෙනි. ඉහත උදාහරණයෙහි දක්වන ලද X සමාගමේ කොටසක වත්මන් මිල රැපියල් 30.00 ක් නම් එහි මිල ඉපයුම් අනුපාතය 10 කි. මෙය වචන වලින් විස්තර කරනවා නම් එහි තේරැම වන්නේ X සමාගමේ කොටසක් එහි ඉපයුම් අගය මෙන් දහ ගුණයකට වෙළඳපලෙහි විකිණෙන බවය. එනම් එකී සමාගම පිළිබඳව ආයෝජක විශ්වාසය ඉතා ඉහල මට්ටමක ඇති බවය.
මෙම අනුපාතයම තරමක් වෙනස් විධියකට සහ වඩාත් අර්ථවත් ලෙස ප්‍රකාශ කරනවා නම් එකී X සමාගමේ ඉපැයුම් වල රැපියලක් සඳහා රැපියල් 10 ක් ගෙවීමට ආයෝජකයන් සූදානම් බවය. එබැවින් මෙම අගය අදාල ආර්ථික කේෂත්‍රයෙහි විවිධ සමාගම් සංසංදනය සඳහා පහසුවෙන් යොදා ගත හැකිය. උදාහරණයක් වශයෙන් Y නමැති සමාගමෙහි වාර්ශික ශුද්ධ ලාභය රැපියල් ලක්ෂ 2 ක් යයි ද එහි නිකුත් කරන ලද කොටස් සංඛ්‍යාව 50000 ක් යයිද සිතමු. එවිට රැ 200,000 මුදල 50,000 න් බෙදූවිට ලැබෙන අගය රැ: 4.00 කි. එම සමාගමේ කොටසක මිල රැ: 32.00 නම් එහි මිල ඉපයුම් අනුපාතය 8 කි. එනම් Y සමාගමේ රැපියලක ඉපයුම් සඳහා ආයෝජකයෙකු ගෙවිය යුතු වන්නේ රැපියල් 8.00 කි. ඒ අනුව X සහ Y සමාගම් සසඳන කල X සමාගමට වඩා ඉදිරියෙන් Y සමාගම සිටී. මන්ද, එහි රැපියලක ඉපැයුම් සඳහා ගෙවිය යුතු වන්නේ රැපියල් 8.00 ක් පමණි. යම් හෙයකින් X සමාගමෙහි කොටස් මිලට ගන්නේ නම් එහි රැපියලක ඉපැයුම් සඳහා රැපියල් 10.00 ක්ම ගෙවීමට සිදු වේ. මෙම වෙනස් විග්‍රහය තේරැම් ගැනීමට ඔබට දුශ්කරතාවක් ඇත් නම් මිල ඉපැයුම් අනුපාතය අඩු සමාගම ආයෝජනය සඳහා වඩාත් හොඳ සමාගම ලෙස තේරැම් ගැනීමේ වරදක් නොමැත.      


ඉහත දක්වන ලද අගය සහ අනුපාත දෙක අතරින් මුල් අගය සහ අනුපාතය එනම් කොටසක ඉපයුම් අගය (EPS= Earnings Per Share) සහ මිල ඉපයුම් අනුපාතය (P/E= Price Earnings Ratio) සමාගමෙහි අතීත කාර්‍ය්‍යසාධකතාව මත පමණක් රඳාපවතින අතර තෙවැන්න එනම් මිල ඉපයුම් වර්ධන අනුපාතය (PEG= Price Earnings Growth Ratio) සමාගමෙහි අනාගත ඇස්තමේන්තුගත කාර්‍ය්‍යසාධනය මත රඳා පවතී. මිල ඉපයුම් වර්ධන අනුපාතය (PEG= Price Earnings Growth Ratio) ගනන් බලනු ලබන්නේ ඉහත විස්තර කරන ලද මිල ඉපයුම් අනුපාතය (P/E= Price Earnings Ratio) එකී සමාගමේ ඉදිරි වසර වල ඇස්තමේන්තු ගත ඉපයුම් වර්ධන අනුපාතයෙන් බෙදීමෙනි. අප කලින් විස්තර කල X නමැති සමාගමෙහි කොටසක අනාගත ඉපයුම් වර්ධන අනුපාතය 50% ක් නම් එහි මිල ඉපයුම් අනුපාතය වන 10, 50 න් බෙදූ විට ලැබෙන අගය වන 1/5 හෝ 0.2 හෝ එම සමාගමේ මිල ඉපයුම් වර්ධන අනුපාතය (PEG= Price Earnings Growth Ratio) වෙයි. සාමාන්‍යයෙන් මෙම සංඛ්‍යාව 1 ට අඩුවන විට එකී කොටස අව තක්සේරැවී (Under Valued) ඇති බවත් එම සංඛ්‍යාව 1 ට වැඩිවන විට එකී කොටස අධිතක්සේරැව (Over Valued) ඇති බවත් කියනු ලැබේ. එකී අගය 1 ට සමාන නම් එම කොටස සමතක්සේරැව (Fairly Valued) ඇති බව කිව හැකිය. මෙම උදාහරණයෙහි සමාගමෙහි කොටසක ඉපයුම් වර්ධන අනුපාතය 50% ක් වන විට ලැබෙන අගය 1 ට අඩු හෙයින් එම කොටසේ මිල අව තක්සේරැවී (Under Valued) ඇති බව කිව හැකිය. යම් හෙයකින් අප කලින් විස්තරකල සමාගමෙහි කොටසක ඉපයුම් වර්ධන අනුපාතය 5% ක් නම් ලැබෙන අගය 2 වෙයි. එම අගය 1 ට වැඩි හෙයින් එම කොටසෙහි මිල අධිතක්සේරැව (Over Valued) ඇති බව කිව හැකිය. ඉහත සාකච්ජා කල y නමැති සමාගමෙහි අනාගත ඉපයුම් වර්ධන අනුපාතය 32% ක් නම් එහි මිල ඉපයුම් වර්ධන අනුපාතය 8/32 කි. එනම් 1/4 කි. එවිට එකී අගයද 1 ට වඩා අඩු හෙයින් එම කොටස් වර්ගයද අවතක්සේරැවී ඇති බව පෙනේ. එහෙත් 50% ක අනාගත ඉපයුම් වර්ධන අනුපාතයක් තිබූ, ඉහත සාකච්ජා කල X සමාගමෙහි මිල ඉපයුම් වර්ධන අනුපාතය වන 1/5 හා සසඳන කල Y හී මිල ඉපයුම් වර්ධන අනුපාතය වන 1/4 වඩාත් ඉහල අගයකි. ඉන් අදහස් කරන්නේ කොටස් දෙකෙහිම මිල අවතක්සේරැවී ඇති බවත් සංසංදනාත්මකව X සමාගමෙහි කොටස් මිල Y සමාගමෙහි කොටස් මිලට වඩා අව තක්සේරැවී ඇති බවත්ය.
උක්ත උදාහරණයෙහි මිල ඉපයුම් අනුපාතය අනුව Y සමාගමෙහි කොටස් මිලට ගැනීම වඩාත් වාසිදායක බව බැලු බැල්මට පෙනුනද මිල ඉපයුම් වර්ධන අනුපාතය ගණන් බැලූ විට හාත් පසින්ම වෙනස් ප්‍රතිඵලයක් ලැබී X සමාගමෙහි කොටස් මිලට ගැනීම වඩාත් වාසිදායක බව අපට අවබෝධ විය. මිල ඉපයුම් අනුපාතයට වඩා තරමක් ඉදිරියෙන් මිල ඉපයුම් වර්ධන අනුපාතය සිටින බව මෙම සාකච්ජාවෙන් ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි.    


සෑම විටම මිල අව තක්සේරැව ඇති කොටස් මිලට ගැනීම වාසිදායක වන අතර සමාගම් කිහිපයක මිල අව තක්සේරැවී ඇති බව පෙනෙන විට ඉහල මට්ටමකින් අවතක්සේරැව ඇති සමාගමේ කොටස් මිලට ගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙහිලා සාකච්ජාකල සංඛ්‍යා සහ අනුපාත අතරින් මිල ඉපයුම් වර්ධන අනුපාතය (PEG= Price Earnings Growth Ratio) විශෙෂ තැනක් ගනු ලබන්නේ ආයෝජකයෙකුට සමාගමේ අනාගත වර්ධනය ඉතා වැදගත් හෙයිනි.


සමාගමක කොටස් මිල තීරණය වන්නේ එකී සමාගමෙහි අනාගත වර්ධනය පිළිබඳව ආයෝජකයන්ගේ සිත් තුල ඇති කර ගන්නා සමාගමෙහි අනාගත ඉපයුම් පිළිබඳ බලාපොරොත්තු (Expectations) පදනම් කොට ගෙනය. මෙම කරැණ සම්බන්ධව බොහෝ ආයෝජකයන් විශ්වාසය තබන්නේ මිල ඉපයුම් වර්ධන අනුපාතය (PEG= Price Earnings Growth Ratio) වැනි විශ්වාදායී අනුපාත කෙරෙහිය. මන්ද, එමගින් අනාගතයේදී ඉහල කාර්‍ය්‍යසාධකතාවක් ඇති කොටස් නිසැකවම හඳුනාගත හැකිවන හෙයිනි.



Last edited by K.Haputantri on Thu Dec 12, 2013 2:14 pm; edited 1 time in total

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics

දිගටම ඉදිරියට යන්න

ඔබට ස්තුතියි සර්

study 

K.Haputantri

K.Haputantri
Co-Admin

nihal123 wrote:දිගටම ඉදිරියට යන්න

ඔබට ස්තුතියි සර්

study 
ඔබගේ දිරිගැන්වීම අගයමි.

Lucas

Lucas
Equity Analytic
Equity Analytic

ඔබගේ මෙම සේවාව මම ඉමහත් කොට අගයමි.

K.Haputantri

K.Haputantri
Co-Admin

Lucas wrote:ඔබගේ මෙම සේවාව මම ඉමහත් කොට අගයමි.

ඔබගේ උනන්දුව අප දිරිමත් කරයි.

serene


Senior Equity Analytic
Senior Equity Analytic

Really appreciate your effort & Learned lot. Only confusion arise in following.
"යම් හෙයකින් Y සමාගමෙහි කොටස් මිලට ගන්නේ නම් එහි රැපියලක ඉපැයුම් සඳහා රැපියල් 10.00 ක්ම ගෙවීමට සිදු වේ."
Feel it's Rs.8.00 instead Rs.10.00. Sorry if i Wrong here.

K.Haputantri

K.Haputantri
Co-Admin

serene wrote:Really appreciate your effort & Learned lot. Only confusion arise in following.
"යම් හෙයකින් Y සමාගමෙහි කොටස් මිලට ගන්නේ නම් එහි රැපියලක ඉපැයුම් සඳහා රැපියල් 10.00 ක්ම ගෙවීමට සිදු වේ."
Feel it's Rs.8.00 instead Rs.10.00. Sorry if i Wrong here.

ඔබට ෂ්තුතියි. යතුරැ ලියන වරද නිවැරදි කලා. සිදුවූ අපහසුව ගැන කනගාටුයි. ඔබගේ උනන්දුව අතිශයින් අගයමි.

K.Haputantri

K.Haputantri
Co-Admin

ආයුබෝවන්! සුපුරැදු පරිදි මාසයේ පලමුදාම අපගේ පාඩම ඉදිරිපත් කිරීමට නොහැකිවීම ගැන කනගාටු වෙමි. 2014 වසරෙහිදී ඔබ සැමටට ජය පතමි.කොටස් වෙළදපොල සිංහලෙන් - Page 3 Icon_study 

පාඩම - 7
ඉතිරි කොටස

ආයෝජණ විශ්ලේෂණය හඳුන්වා දීමක් -
ලාභ අලාභ ගිණුම් හෙවත් ආදායම් වියදම් ප්‍රකාශ



කවු සැරහුම් (Window Dressing) පිළිබඳ නිසි අවධානයෙහි වැදගත්කම


අවසාන ගිණුම් වල ඇති නොමග යවන සු ඉදිරිපත් කිරීම් හෙවත් කවු සැරහුම් (Window Dressing) ගැන ද ඔබ සුපරීකෂාකාරී විය යුතුය. මන්ද එමගින් සමාගමෙහි කාර්‍ය්‍යසාධකතාව තිබෙනවාට වඩා ඉහල මට්ටමක ඇති බව මවා පෙන්විය හැකි බැවිනි. සංඛ්‍යා මගින් මුසා බස් පැවසීමට කුප්‍රකට ගණකාධිකාරීන්ට පහසුවෙන් පිළිවන. ඇතැම් සමාගම් ණයට විකුණුම් පොත් සටහන් මගින් පමණක් ඉහල යවමින්, අවසාන තොගය කෘතීම ලෙස වෙනස්කර දක්වමින් ව්‍යාපාරික ලාභය කෘතීම ලෙස වසර අවසානයේ පුම්බා දැක්වීමත් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු නොවන මාර්ග වලින් එකවරක් පමණක් ලැබෙන ලාභ එකතු කිරීමත් මගින් පෙන්වන අසාමාන්‍ය ලාභත් හඳුනා ගැනීමට ආයෝජකයන් සමත් විය යුතුය.

සෑම විටම දල ලාභයෙන් එක්වරක් පමණක් ලැබෙන ලාභ ඉවත් කොට ගණන් බැලිය යුතු අතර ණයට විකුණුම් පිම්බීම සහ අවසාන තොග අධිගණනය වැනි පිළිබඳ උපක්‍රම විගණකයන්ට හැර ආයෝජකයන්ට සොයා ගැනීම එතරම් පහසු නොවේ. සමාගමේ අවසාන කාර්තුවේ ණයට විකුණුම් අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇත්නම් සහ මුල් කාර්තුවේ විකුණුම් අඩුව ඇත්නම් වැඩිදුර විපරමි කිරීම සුදුසුය. බාහිර නිදහස් විගණක මතය ඉතා සුපරීක්ෂාකාරීව කියැවීමෙන් ද සැක ඇති තැන් පිළිබඳව කොටස් හිමියන්ගේ වාර්ශික රැස්වීමේ දී විමසීමෙන් ද ඇතැම් සැක දුරැකර ගත හැකිය.

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

"සංඛ්‍යා මගින් මුසා බස් පැවසීමට කුප්‍රකට ගණකාධිකාරීන්ට පහසුවෙන් පිළිවන."


This is the real problem in this country to day

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics

Thanks sir
this time very short
I am  study 

NUINTH


Senior Equity Analytic
Senior Equity Analytic

Thx Hapu. Appreciate your commitment . Good luck.

Roboticfx

Roboticfx
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ශේෂ පත්‍රය හදුනාගනිමු යන පාඩමට පසු පැහැදිලි කිරීමකි.

වත්මන් ගිණුම්කරණ ප්‍රමිත අනුව ශේෂ පත්‍රය හදුන්වනුයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය යනුවෙනි. එය කිසියම් දිනකට ආයතනයක මූල්‍ය තත්ත්වය පෙන්නුම් කරයි.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුල අන්තර්ගත මූලිකාංග 3 කි.
1.වත්කම්
2.වගකීම්
3.හිමිකම්

*වත්කම් යනු ආයතනයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ලබාදෙන සම්පත් ය. උදා: ඉඩම්, තොගය
*වගකීම් යනු අනාගතයේ දී ආයතනය සතු සම්පත් පිටතට ඇදී යාමට හේතුවන වත්මන් බැදීම් වේ. උදා:ණය
*හිමිකම් යනු අයිතිකරුවන්ට අයිති සියලු දෑ ය. සමාගමක අයිතිකරුවන් වන්නේ සාමාන්‍ය කොටස් හිමියන් ය.

-------------------------------------------------------------------------------------------
ක්ෂය වීම් යනු වියදමකි. එනම් දිගුකාලයක් භාවිතයට ගන්නා භෞතික වත්කම්, පාවිච්චියේදි ගෙවීයාම තුලින් හටගන්නා වියදමයි. එය වාර්ෂිකව හඳුනාගන්නා අතර හඳුනාගන්නා ප්‍රමාණය කොතෙක් ද යන්න කළමණාකරණය තීරණය කරයි. එනම් ක්ෂය යනු ඇස්තමේන්තුවකි.

මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් තුල දිගුකාලීන ස්පෘෂ්‍ය වත්කම් පෙන්වන්නේ ධාරණ අගය/පොත් අගය/ශුද්ධ අගයටය.

ධාරණ අගය/පොත් අගය/ශුද්ධ අගය යනු දිගුකාලීන ස්පෘෂ්‍ය වත්කමක් මිලදී ගත් වටිනාකමින් හෝ වර්තමාන සාධාරණ වටිනාකමින්, එය මිලදී ගත් දිනයේ සිට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉහලින් දැක්වෙන දිනය දක්වා වූ සම්පූර්ණ ගෙවීයාම හෙවත් සමුච්චිත/සම්පූර්ණ ක්ෂය අඩුකල පසු අගය වේ.

K.Haputantri

K.Haputantri
Co-Admin

Robotix, මෙම පාඩමට නව දැණුම එක් කිරීම අගයමි. එවිට මෙය වඩාත් ප්‍රයෝජනවත් සාකච්ජාවක් බවට පත්වනු ඇත.

Nihal, මේ දිනවල තරමක් කාර්ය බහුලව කොළඹින් පිටත සිටි හෙයින් තරමක ප්‍රමාදයක් ඇතිවූ අතර පාඩමේ ඉතිරි කොටස පමණක් පල කලෙමි. ඔබගේ උනන්දුව අගයමි.

Sponsored content



Back to top  Message [Page 3 of 5]

Go to page : Previous  1, 2, 3, 4, 5  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum