තායිලන්තයේ මයිනර් හෝටල් සමාගම සමග එක්ව ඩොලර් මිලියන 40 ක් ආයෝජනය කරමින් දකුණු මුහුදු තීරයේ කාමර 154 කින් යුක්ත සුඛෝපභෝගී හෝටලයක් ගොඩනැගීමට සූදානම් බව හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම කියයි.
සමාගම පවසන්නේ තංගල්ලේ ඉදිකිරීමට නියමිත මෙම හෝටලය “අනන්තාරා“ වෙළඳ නාමය යටතේ කළමනාකරණය කරන බවයි.
හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම මේ වනවිට අවානි බෙන්තොට, අවානි කළුතර, ක්ලබ් හොටෙල් ඩොල්ෆින් සහ හොටෙල් සීගිරිය යන හෝටල් කළමනාකරණය කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=975878082