තේක්ක ඇතුළු වන වගා ව්‍යාපෘති සිදුකරන ටච්වුඩ් සමාගම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවත් සමාගමේ කොටස් ගනුදෙනුවීම අත්හිටවූ බවත් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කියයි.
මේ අනුව, දින තුනක කාලයක් සඳහා සමාගමේ කොටස් ගනුදෙනු කිරීම අත්හිටුවන ලෙස විනිමය කොමිසම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබේ.
පසුගියදා නීතිඥයින් විසින් පළකර තිබෙන පුවත් පත් දැන්වීමක් මගින් අනාවරණය වූයේ Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාග කිරීමට අධිකරණය සූදානම් වන බවයි.
මෙම දැන්වීම ඩේලි නිවුස් පුවත් පතේ පළවූ අතර Touchwood Investments සමාගමේ ව්‍යාපාරික කටයුතු නිමා කරන (Winding up) ලෙස පෙත්සම ගොනුකර තිබෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පෙත්සම ඔක්තෝම්බර් 03 වනදා විභාග කිරීමට නියමිතය. මෙම දැන්වීම පළකර තිබුණේ F J & G De Saram නීතිඥ සමාගම විසින් වන අතර එයින් දැනුම් දී ඇත්තේ මෙම ක්‍රියාවට සහයෝගය දක්වන හෝ විරුද්ධ වන සමාගමට සම්බන්ධයක් ඇති ඕනෑම අයෙකුට මෙම විභාගය පැවැත්වෙන අවස්ථාවට සහභාගී විය හැකි බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=160216105