අවසාන යාවත්කාලීන කිරීම : 2013 සැප්තැම්බර් 17 අඟහරුවාදා - 18:03 GMT
BBC Sandeshaya
මේ වසරේ දෙවැනි කාර්තුව තුල ශ්‍රී ලංකාව සියයට 6.8 ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට සමත් වී ඇතැ යි ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කරයි.
මේ වසරේ මුල් කාර්තුව තුල ශ්‍රී ලංකාව අත් කර ගෙන තිබුනේ සියයට 6 ක වර්ධනයක්.
2010, 2011 යන වසරවල දී සියයට 8 ක ආර්ථික වර්ධනයක් අත්කර ගත් ශ්‍රී ලංකාව 2012 වසරේ, ලෝක ආර්ථික අර්බුදය හමුවේ පසු බෑමකට ලක්වුවත් දැන් අඛණ්ඩව ආර්ථික වර්ධනය අත් කර ගනිමින් සිටින බවයි ශ්‍රී ලංකා මහා බැකුවේ සහකාර අධිපති සී.ජේ.පී.සිරිවර්ධන සංදේශයට පැවසුවේ.