Sri Lanka Crown casino resort fields cricket ambassadors
ඕස්ට්‍රේලියානු කැසිනෝ කප්පිත්තා වන ජේම්ස් පැකර් විසින් කොළඹ ඉදිකිරීමට යන කැසිනෝ හෝටලයේ සන්නාම තානාපතිවරුන් ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාර්ක් සහ අභාවප්‍රාප්ත ටෝනි ග්‍රේග්ගේ බිරිඳ වන විවියන් ග්‍රේග් පත්කර තිබේ.
වාර්තාවන ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාව සමග පැකර්ගේ පවුල අතීතයේ සිටම දැඩි සම්බන්ධතාවයක් පවත්වා ඇත.
විශේෂයෙන්ම ටෝනි ග්‍රේග් සමග ජේම්ස් පැකර්ගේ පියා වන කෙරී පැකර් පවත්වා තිබෙන්නේ දැඩි සම්බන්ධතාවයකි.
පැකර්ගේ ක්‍රවුන් සමාගම කොළඹ ලේක් හවුස් ආසන්නයේ බේරේ වැවට මායිම් වන ලෙස තැනීමට යන කැසිනෝ හෝටලය ඇතුළු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට නියමිත මුදල ඩොලර් මිලියන 400 කි.
මෙම ව්‍යාපෘතිය යටතේ බේරේ වැවේ “ද ඩුබායි වෝටර් ෆවුන්ටන්“ නිර්මාණය කළ කැලිෆෝනියාව පදනම් කරගත් වෙට් ඩිසයින්ග් සමාගම විසින් විචිත්‍ර ජල සංදර්ශන නිර්මාණයක්ද ගොඩනැගීමට සැලසුම් කර තිබෙන බව සඳහන්ය.
මෙම ව්‍යාපෘතියේ සැලැස්ම දැක්වෙන වීඩියෝ මෙන්න.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1842863413