Some images of Nelum Kuluna - released by Govt. Info. Dept.
ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ හා සන්නිවේදන කටයුතු වෙනුවෙන් කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිකරනු ලබන නෙළුම් කුලුන වෙනුවෙන් වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3කි.
දැනට මෙම කුලුනේ ඉදිකිරීම් වර්ග අඩි ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් අවසන් කර ඇත. ඉදිරියේදී මෙහි ඉදිකිරීම් කටයුතු තවදුරටත් කඩිනම් වෙමින් සතියකට මීටර් පහ බැගින් ඉදිකෙරෙනු ඇත.
අක්කර 10ක පමණ භූමියක් පුරා ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතියට උද්‍යානයක්ද අයත් වේ. කුලුන පොළොව මට්ටමේ සිට තට්ටු හතරකින් ආරම්භ වේ. මෙහි ඇතුළත අධිවේග විදුලි සෝපාන හයක් ක්‍රියාත්මක වේ. කුලුනට අධිවේග විදුලි සෝපාන එක් කිරීම නිසා තට්ටු 85ක 90ක දුර ප්‍රමාණය යෑමට මිනිත්තු දෙකක් පමණ කෙටි කාලයක් ගතවනු ඇත. බිම් මහල් 4න් පසු කුලුන සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය මීටර් 270ක් එනම් මහල් 85ක හෝ 90ක හෝ උසක් ගනු ඇත. නෙලුම්මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක් ඇතුළත් වන අතර මෙම මහල් නවයටම නැරඹුම් මැදිරියක්ද ඇතුළත් වෙයි.
With these images we can learn that Deep Underground foundation work , which is very difficult and time consuming, is fully completed months ago.
මෙම කුලුන මුදුනට ලංකාව විතරක් නෙමෙයි බොහෝ දුරට ඉන්දියාවත් දක්නට හැකිවන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ. මෙහි මුදුනත සිට කිලෝමීටර් 100ක් 150ක් පමණ දුරක් බොහෝ දුරට දැකිය හැකි වනු ඇත.
News Link: http://sinhala.news.lk/2011-09-14-04-31-58/2011-09-14-04-32-15/16991-47414564564564556564