(06/05/13 )-ෆෝබිස් ජාත්‍යන්තර සඟරාවට අනුව ලංකාවේ අංක එකේ ධන කූවේරයන් අතර ඉදරියෙන්ම සිටින හරී සහ මනෝ සෙල්වනාදන් යන ප්‍රකට ව්‍යාපාරික සොහොයුරන් නායකත්වය දෙන කාර්සන්ස් හා කම්බබැච් (Carson Cumberbatch) සමුහයේ ෆාම් තෙල් ආශ්‍රීත සමාගම් වල පාලනයේ විනිවිද බව වහා තහවුරු කර සුළු පරිමාණ ආයෝජකයින්ගේ සුරක්ෂීත බව සුරකින්න යැයි එහි කොටස් කරුවෝ එහි පසුගිය වසරේ වාර්ෂීක මහ සභා රැස්විමේදි අවධාරණය කළ පසුබිමක ඊයේ ඔවුන් කොටස් වෙළෙඳ පොළ වෙත ස්වකිය වාර්ෂීක වාර්තා නිකුත් කරමින් කියා සිටින්නේ තම සමාගම් ස්වකිය ලයිස්තුගත ව්ම් ඉවත් කර ගැනිමට කටයුතු කරමින් පවතින බවයි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්‍රධාන පුවරුවේ ලයිස්තුගත වි ඇති සමාගම් සියයට 25 ක අවම මහජන කොටස් හිමිකමක් පවත්වාගෙන යා යුතු බවට ශ්‍රී ලංකා සූරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ගෙන ආ යෝජනාවට අනුගත නොව් මෙසේ සිය ලයිස්තුගත ව්ම් ඉවත් කර ගැනිමට කටයුතු කරමින් පවතින බව සමුහයේ සභාපති හැරි සෙල්වනාදන් මහතා ස්වකිය සමුහයේ shalimar (Malay), Selinsing, Good Hope සහ Indo Malay යන ෆාම් තෙල් සමාගම් වල 2013 වාර්ෂික වාර්තා මගින් මෙසේ කියා සිටි.
වෙළෙඳ පොළ මුළු ප්‍රාග්ධනිකරණයෙන් සියයට 1.9 ක් මෙම සමාගම් සතර අද වන විට නියෝජනය කරයි.
අපි සුළු කොටස් හිමියන්ගේ කොටස් මිළදි ගැනිම සදහා කලින් ස්වේච්ඡා අර්පණයක් ඉදිරපත් කර සිටියා.ඒ අනුව අපි තවමත් මේ කොටස් මිළදි ගනිමින් සිටින්නේ.
බහුතර කොටස් හිමියන් නියාමන රේගුලාසි අනුව යමින් තමන්ගේ කොටස් හිමිකම අඩු කර ගැනිමට කැමැත්තක් නැති අතරේ නව කොටස් නිකුතුවක් සදහාද අපගේ සුදානමක් නැහැ.මේ අනුව කොටස් හිමියන්ගේ හා නියාමන බලධාරින්ගේ අනුමැතියට යටත්ම අපි අපේ ලයිස්තුගත විම් ඉවත් කර ගන්න කටයුතු කරනවා.
මෙම සමාගම් කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගම් වුවද ඒවායේ සියයට 04 කටත් වඩා අඩු ප්‍රතිශතයක් පමණක් මහජනයා සතු වන බැවින් විධිමත් ආචාර් ධර්ම පද්ධතියක් උදෙසා අවම වශයෙන් ඒවායේ අයිතියෙන් සියයට 30 ක් වත් ජනසතු කර කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජකයින්ගේ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කරන්න යැයි පසුගිය වාර්ෂික මහ සභා රැස්විම් වලදි ප්‍රකට ආයෝජක කේ.සි විග්නරාජා මහතා අවධාරණය කළහ.
මෙම හඩවල් වලට කන්දිමක් ලෙස නියාමන කොමිසම ප්‍රධාන පුවරුවේ ලයිස්තුගත විම් සදහා සියයට 25 ක අවම මහජන හිමිකමක්ද දිරිසව් පුවරුව සදහා සියයට 10 ක නියමයක්ද පසුගිය දෙසැම්බර් සිට හදුන්වා දුන්නේය.
මැලේසියාවේ පාම් තෙල් ආශ්‍රීතව වැවිලි අංශයේ ව්‍යාපාර කරන මෙම සමාගම් වාර්ෂීකව ඉතා හොද ලාභාංශයක් ප්‍රකාශයට පත් කලද ඒම ලාභාංශ ප්‍රකාශයට පත් කිරිමිද ඇත්තේ ඒවායේ සැබැ අගයට වඩා අඩු ප්‍රතිශතයකින් බවද මෙහිදි ප්‍රකට ආයෝජකයෙකු වන කේ.සි විග්නරාජා මහතා අවධාරණය කර ඇත.
මේ නිසා මෙම කාර්සන්ස් හා කම්බබැච් සමුහයේ ෆාම් තෙල් ආශ්‍රීත සමාගම් වල නිවැරදි හෙළිදරව් කිරිම් කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සිදු කර ඇත්දැයි තමන්ට සැකයක් මතු වන බව පෙන්වා දෙන මෙම පිරිස් මේ පිළිබඳව නිවැරදි අගය තක්සේරු කිරිමක් සිදු කරන තුරු මොවුන්ගේ මෙම කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත විම් ඉවත් කර ගැනමට එරෙහිව නියාමන කොමිෂම සුදුසු පරික්ෂණයක් සිදු කළ යුතු බවද ඔවුහු අවධාරණය කරති.
කෙසේවෙතත්,විශ්ලේෂකයින් පවසන්නේ මෙම සමාගම් වල වෙළෙඳ පොළ මිළ , ශුද්ධ පොත් අගයට වඩා දෙගුණයක පමණ ඉහළ මිළකට තක්සේරු වි ඇති බවයි.
Indo Malay - FY14 results
* FY14 Earnings per share-EPS : Rs26.3
*
Book Value Of Equity Per Share (BVPS) as at 31.3.14 : Rs752.6
- Share last traded at Rs1,880 on 6.5.14
Good Hope - FY14 results
* FY14 EPS : Rs24.0
* BVPS as at 31.3.14 : Rs777.6
- Share last traded at Rs1,500 on 6.5.14
මේ අනුව, මාර්තු අවසන වන විට මෙම කාර්සන්ස් හා කම්බබැච් හිමිකරුවන් සතුව ඇති කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත සමාගම් වන " Selinsing PLC (SELI.N0000:CSE) " හි සියයට 3.97 කද Shalimar (Malay) PLC හි සියයට 3.3 ක හිමිකම පමණක් මහජනයා සතුව ඇති අතර ඒවායේ අයිතියෙන් සියයට 95 ඉක්මවා හිමිකම් ඇත්තේ ගූඩ්හෝප් ඒෂීයා හෝල්ඩිංග්ස් ප්‍රමුඛ කාර්සන්ස් පවුලේ සමාගම් සතුවය.
එසේම මොවුන් සතු Indo Malay Plc හි සියයට 9.59 ක්ද Good Hope PLC හි සියයට 5.77 ක්ද පමනක් ජනතාව සතුව ඇති අතර වැඩිම අයිතිය ගූඩ්හෝප් ඒෂීයා හෝල්ඩිංග්ස් ප්‍රමුඛ කාර්සන්ස් පවුලේ සමාගම් සතුව ඇත.
කෙසේවෙතත් බුකිත් ධාරා හි සියයට 31.48 ක්ද කාර්සන්ස් හා කම්බබැච් හි සියයට 23.76 ක්ද මහජනයා සතුව ඇත.එසේ නමුත් මේවායේ වැඩිම කොටස් හිමි 20 දෙනා අතරේ මෙහි සියයට 95 කට වඩා කොටස් හිමිකම බෙදි ගොස් ඇත.
පවතින තත්ත්වයන් හමුවේ සෙල්වනාදන් පවුලේ හිමිකාරිත්වයෙන් බැහැරව මේවායේ හිමිකම් දෝලනය විමක් දක්නට නැති නිසා මෙම සමාගම් කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු වන්නේ ඉතා අඩු වෙනි.
පොල් තෙල් අපනයන ව්‍යාපාරයේ නියුතු Sri Krishna Corporation Limited විසින් 1988 දි කාර්සන්ස් හා කම්බබැච් අත්පත් කර ගැනිමෙන් පසු එහි අයිතිය සෙල්වනාදන් පවුල සතු විය.පසුව ඔවුන් සිය ව්‍යාපාරික කටයුතු විවිධ අංශ ඔස්සේ දෙස් විදෙස් හි ව්‍යාප්ත කළේය.
http://www.randora.lk/index.php/lead-article/item/2699-delisting