(14/05/14)- මෙරට විශාලතම බැංකුව වන රජයට අයත් ලංකා බැංකු සමුහයේ මේ වසරේ මුල් මාස 03 ලාභ 2013 වසරේ මෙම කාලයේ වු රුපියල් බිලියන 2.70 ට සාපේක්ෂව සියයට 1.9 කින් පහළ යමින් රුපියල් බිලියන 2.64 ක් වි ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිකුත් කළ එහි අතුරු ගිණුම් වාර්තා පෙන්වා දේ.
මෙහිදි බැංකුවේ පමණක් ලාභ රුපියල් බිලියන 2.597 සිට 2.592 දක්වා සියයට 0.17 කින් අඩු වි ඇත.මේ කාලයේ මේ අනුව,බැංකුවේ කොටසක ඉපයුම රුපියල් 2077.86 සිට රුපියල් 2074.28 ක් දක්වා පහළ වැට් අත.
බැංකුවේ පොළි ආදායම් රුපියල් බිලියන 26.2 සිට 26.6 දක්වා සියයට 1.56 කින් ඉහළ යද්දි සමුහයේ පොළි ආදායම් රුපියල් බිලියන 27.3 සිට 27.9 දක්වා 2.07% කින් ඉහළ ගොස් ඇත.බැංකුවේ පොළි වියදම් රුපියල් බිලියන 18.1 සිට 18.4 දක්වා සියයට 1.44 කින් ඉහළ යද්දි සමුහයේ පොළි වියදම් රුපියල් බිලියන 18.7 සිට 19.0 දක්වා 1.83% කින් ඉහළ ගොස් ඇත.
ලංකා බැංකු කොටස් කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත කර නැතත් එහි ණයකර කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත කර ඇති බැවින් ඔවුන් ස්වකිය අතුරු ගිණුම් වාර්තා කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිකුත් කිරිමක් අදාල නියමයන් මත සිදු කරයි.
සම්පුර්ණ ගිණුම් වාර්තාව සදහා මෙතනින් පිවිසෙන්න
http://www.cse.lk/cmt/upload_report_file/861_1399973660103.03.2014.pdf
http://randora.lk/index.php/markets/corporate-news-announcements/item/2738