· Has fallen 16% in November as of yesterday.
· Fallen 11% as of today.
· Current price 48.50
· Was trading at 55- 58 price range end of October.
· Current P/E 4.6x
· RSI is 37. ( 30 is oversold)
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් සැලකිය යුතු වර්ධනයක් |
11/24/2014 14:06 |
නොවැ 24, 2014 (විමසුම) - ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් පී එල් සී ආයතනය 2014/15 මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළදී රුපියල් බිලියන 1.7ක සමස්ථ පිරිවැටුමක් වාර්තා කරයි. |
පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු භාගය තුළ බදු ගෙවූ පසු ලාභය රුපියල් මිලියන 95ක් ලෙස සටහන් වූ අතර, මේ වසරේ එය රුපියල් මිලියන 868ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම වසරේ පළමු භාගය තුළ වාර්තා වූ සමස්ථ පිරිවැටුම රුපියල් මිලියන 910කි. පසුගිය මූල්‍ය වර්ෂයේ අදාළ කාලසීමාව හා සන්සන්දනය කිරීමේ දී එය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බව එම ආයතනය පෙන්වා දෙයි. ෆස්ට් කැපිටල් සමූහයට අනුබද්ධිත ආයතන අතර ප‍්‍රාථමික අලෙවිකරුවන් ලෙස කටයුතු කරන ෆස්ට් කැපිටල් ටේරෂරීස් ලිමිටඩ් මෙම ප‍්‍රතිඵලය සදහා සැලකිය යුතු දායකත්වයක් සපයා ඇත. ‘‘ද්විතියික වෙළෙදපොළ පොළී ප‍්‍රතිශත ක‍්‍රමයෙන් පහළ බැසීම, ඉහළ ද්‍රවශීලිතාවය හා පහළ උද්ධමනය වැනි සාර්ව ආර්ථික සාධක වෙළෙදපොළ වර්ධනය සදහා පැහැදිළි අවකාශයන් නිර්මාණය කරනු ලබනවා. මහ බැංකුවේ අනුමැතිය ලත් බැංකු නොවන ප‍්‍රාථමික අලෙවිකරුවන් අතර පෙරමුණගත් ආයතනයක් ලෙස ෆස්ට් කැපිටල් ටේරෂරීස් ලිමිටඞ් සැමවිටම වෙළෙදපොළ තුළ විචල්‍යතා හදුනාගනිමින්, ඒවා විශ්ලේෂණය කරමින් සුදුසු විසදුම් ලබාදීමේ විශේෂඥයින් ලෙස කටයුතු කරමින් සිටිනවා.’’ යනුවෙන් ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් පී එල් සී ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩිල්ෂාන් වීරසේකර මහතා සදහන් කළේය. ආයතනික ණය සුරැකුම්පත් සැලසුම්කරණය හා ස්ථාපනය කිරීම පිළිබද විශේෂඥයින් ලෙසින් කි‍්‍රයාකරනු ලබන ෆස්ට් කැපිටල් ලිමිටඩ් ලැයිස්තුගත ණයකර, ප‍්‍රාග්ධන පාදකකරගත් සුරැකුම්පත් සහ වෙනත් ඒකාබද්ධ ණය සුරැකුම්පත් පිළිබද ගනුදෙනු හරහා රුපියල් බිලියන 7ක අරමුදල් රැස්කිරීමට සමත්ව සිටියිග 2014/15 මූල්‍ය වර්ෂයේ මුල් භාගයේ දී ෆස්ට් කැපිටල් ඇසට් මැනේජ්මන්ට් ලිමිටඩ් පසුගිය වසරට සාපෙක්ෂව 200%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එම අංශය යටතේ අදාළ කාලසීමාව තුළ රැස්කරගත් වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 3.2කි. ෆස්ට් කැපිටල් වෙල්ත් ෆන්ඩ් ඒකක භාරය විසින් 25.23% සාමාන්‍යයකින් යුත් ආදායම් වර්ධනයක් පසුගිය 2014 සැප්තැම්බර් මාසය දක්වා වූ මාස 12ක කාලසීමාව තුළ පෙන්නුම්කර ඇති අතර වෙළෙදපොළ තුළ ඉහළ ප‍්‍රගතියක් පෙන්නුම් කළ සාධකය බවට පත්වීමේ අවස්ථාව ද ඒ තුළින් හිමිකර ගෙන ඇත. ෆස්ට් කැපිටල් ඉක්වටිස් පුද්ගලික සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සැලකිය යුතු ප‍්‍රගතියක් පෙන්නුම්කර ඇති අතර එය සමූහයේ ආදායම් වර්ධනය වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් දක්වා තිබේ. |
CSE.SEE wrote:
· Has fallen 16% in November as of yesterday.
· Fallen 11% as of today.
· Current price 48.50
· Was trading at 55- 58 price range end of October.
· Current P/E 4.6x
· RSI is 37. ( 30 is oversold)
Permissions in this forum:
You cannot reply to topics in this forum