නෙට් මීටරින් යනු කුමක්ද?
මෙම ක්‍රමය මගින් ඔබගේ සුර්ය බල පද්ධතියෙන් නිපදවන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට ලබා දෙන අතර ඒ වෙනුවට ඔබට අවශ්‍යය මොහොතක ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබා ගත හැකිය. මෙහිදි ජාතික විදුලි බල පද්ධතිය බැටරියක් ලෙස ක්‍රියා කරයි.
මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?
නෙට් මීටරින් ගිවිසුමක් සහිතව සුර්ය විදුලිබල පද්ධතියක් සවි කිරිමකදී විදුලි බල මණ්ඩලය විසින් ඔබගෙ නිවෙසේ දැනට තිබෙන සාමාන්‍යය මීටරයට (import Meter) අමතරව අළුතින් මීටරයක් (Export Meter) සවි කරනු ලබන අතර ගිවිසුම් කාලය වසර 10කි.
ඔබ විසින් දහවල් කාලයේ නිපදවන විදුලිය අමතර මීටරය හරහා ජාතික පද්ධතියට ඒකතු වෙයි. රාත්‍රි කාලයේ සුර්ය කෝෂ මගින් විදුලිය නිපදවීමක් සිදුනොවන අතර ඔබට අවශ්‍යය විදුලිය සාමාන්‍යය මීටරය හරහා ජාතික පද්ධතියෙන් ලබා ගැනීමට සිදු වෙයි.
ඔබගේ මාසික විදුලි බිල සැකසීමෙදී මෙම මීටර දෙකහිම පාඨාංක ලබා ගන්නා අතර ඔබ විදුලි බල මණ්ඩලයෙන් ලබා ගත් ඒකක ප්‍රමාණයට වඩා වැඩි ඒකක ප්‍රමාණයක් ජාතික පද්ධතියට ලබා දී අැත්නම් ඔබට විදුලි බිලක් ගෙවීමට සිදු නොවේ.
සුර්ය පැනල් වල අායු කාලය කොපමණද?
සාමාන්‍යයෙන් සුර්ය පැනල සදහා වසර 25ක ඵලදායි ජීව කාලයක් අැති අතර වසර 10 කින් පසු ඒවායේ කාර්යක්ෂමතාවය 10% කින් පමණ අඩු විය හැකිය.
සුර්ය පැනලයකින් කොපමණ විදුලි ඒකක ප්‍රමාණයක් නිපදවේද?
සුර්ය පැනල විවිධ ප්‍රමාණ වලින් අැති අතර බහුල වශයෙන් යොදා ගන්නේ 250W පැනල්ය. මෙම පැනලයකින් මසකට සාමාන්‍යයෙන් ඒකක 30ක් නිපදවා ගත හැකිය. 1 KW පද්ධතියක් සදහා මෙම පැනල් 4ක් යොදා ගන්නා අතර මසකට සාමාන්‍යයෙන් ඒකක 120ක් නිපදවා ගත හැකිය.
සුර්ය විදුලි බල පද්ධතියක් තෝරා ගන්නේ කෙසේද?
ඔබගේ සාමාන්‍යය මාසික විදුලි පාරිෙභා්ජන ඒකක ප්‍රමාණය මත පද්ධතියේ විශාලත්වය තීරණය වෙයි. ඊට අමතරව ඔබගේ අායෝජන හැකියාව මතද මෙය රදා පවතී.
සුර්ය විදුලි බල පද්ධතියක අායෝජනයේ ප්‍රතිලාභ කෙසේද?
මෙහි වාර්ෂික ප්‍රතිලාභ 10% සිට 40% පමණ විය හැකිය.