ඒ, විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්. අගයන් දෙකක්ව පැවති වැට් බද්ද තනි අගයකට ගෙන ඒම පවතින ආර්ථික තත්ත්වයට හිතකර බවයි ඔහු එහිදී සඳහන් කළේ.
එසේම ප්‍රාග්ධන ඉපයුම් මත බද්ද යළි පනවන බව සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ව්‍යවස්ථාපිත ආදායම් මත බද්ද සියයට 15 සිට 17.5 දක්වා ඉහළ නංවන බව කියා සිටියා.
ලෝක ආර්ථිකයේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ රට සිරවී ඇති ණය උගුලෙන් මිදීම සඳහා මෙම තීරණ ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
විදුලි සංදේශ, පෞද්ගලික අධ්‍යාපන සහ සෞඛ්‍ය යන ක්‍ෂේත්‍රවලට අදාළව ලබාදී තිබූ බදු සහනද ඉවත් කර තිබෙනවා.