This is not related shars but we should understand it..Why should we protect කඩොලාන ?
කඩොලාන ශාකය යනු මුහුදු ජලය ආශ්‍රිතව වැඩෙනා ලෝකයේ එකම ශාක විශේෂයයි.
සාමාන්‍ය ශාක වලට අධික ලවණ සහිත ජලයේ වර්ධනය වීමට අපහසු නමුත් කඩොලාන ශාකය වැඩිපුරම වැවෙන්නේ ලවන මිශ්‍ර ජලයේය.
කඩොලාන ශාක වල පත්‍ර මඟින් ලවණ කැටිති ලෙස පිට කරන නිසා ඔවුනට ඉතා සාර්ථකව මුහුදු ජලය ආශ්‍රිතව වර්ධනය වීමට හැකියාව පවතී.
කඩොලාන ශාක වල වැදගත්කම් කිහිපයක්ම තිබෙනවා.
01. කඩොලාන ශාක වර්ධනය වන්නේ මුහුද/කලපුව හා ගොඩබිම අතර කලාපයේ නිසා රළ පහර මඟින් සිදුවන වෙරළ ඛාදනය කඩොලාන ශාක නිසා වැළකී යනවා.
කඩොලාන මෙලෙස Buffer Zone එකක් ලෙසින් ක්‍රියා කිරීමේ වැදගත්කම හොඳින්ම ප්‍රදර්ශනය වූයේ සුනාමි ව්‍යසනය අතරතුරයි. විශාල මුහුදු රළ කෙලින්ම ගොඩබිම වෙත කඩාගෙන එනවා වෙනුවට කඩොලාන ගස් අතරින් පැමිණි විට සිදු වූ හානිය බොහෝ සෙයින් අඩු වී තිබුණා.
02. සාගරයේ හා කලපු වල ජීවත් වන බොහෝ සත්ත්ව විශේෂ තමන්ගේ කුඩා කාලය කඩොලාන මුල් අතර ගෙවා දමනවා.
විශේෂයෙන්ම මත්ස්‍යයන් මෙසේ තම ජීවිතයේ මුල් අවධිය කඩොලාන මුල් අතර ගත කරන්නේ විශාල හා සංකීර්ණ කඩොලාන මුල් පද්ධතිය තුළ තමන්ට ආරක්ෂාව ලැබෙන නිසායි. මීට අමතරව ඉස්සන් කකුළුවන් වැනි සතුන් රැසක් සතුරන්ගෙන් ආරක්ෂා වී ජීවත්වීමට කඩොලාන පරිසරයේ සහය පතනවා. මේ නිසාම කඩොලාන ශාක අතර තිබෙන්නේ ඉතාමත් විශාල හා සංවේදී පරිසර පද්ධතියක් වන අතර මෙහි ඇසට නොපෙනෙන කුඩා ප්‍රමාණයේ ජීවීන්ගේ සිට අඩි ගණනක් දිගින් යුතු විශාල මත්ස්‍යයන් පවා ජීවත් වනවා. කඩොලාන ශාක විනාශ වන විට මෙම සතුන්ට බිත්තර දැමීමට, ආරක්ෂා සහිතව ජීවත්වීමට තිබෙන ප්‍රදේශ නැතිවී ගොස් කලක් යන විට එම සතුන්ගේ ගහනය අඩු වී යනවා. මෙයින් විශාලම තර්ජනය ඇති වන්නේ ධීවර ප්‍රජාවටයි.
03. කඩොලාන ශාක වලට සාමාන්‍ය ශාක මෙන් කිහිප ගුණයකින් කාබන් උරා ගැනීමේ හැකියාව තිබෙනවා.
මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපිට හුස්ම ගැනීමට ඔක්සිජන් ලැබෙනවා. මෙම ක්‍රියාව සාමාන්‍ය ශාක වලට වඩා කිහිප ගුණයකින් වැඩිපුර කඩොලාන ශාක වලින් ඉටු වෙනවා වූවත් මේ පිළිබඳ අපේ රටේ ජනතාවට තිබෙනා දැනුම අඩු නිසා ඔවුන් කඩොලාන ශාකයක් කොතරම් වටිනවාද කියා දන්නේ නැති තරම්.
මේ ශාකය මෙතරම් වටිනා නිසා කඩොලාන හඳුන්වන්නේ ලෝකයේ ඵලදායීතාවය වැඩිම සහ ජීවවිද්‍යාත්මක ලෙසින් ඉතාමත් සංකීර්ණ වූ වනාන්තරය පද්ධතියක් ලෙසිනුයි.
මුහුද හා ගොඩබිම එකිනෙකට යා කෙරෙනා පාලමක් ලෙසත් කඩොලාන හඳුන්වනවා.