සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කොමිසමේ දිගු කාලයක් සේවය කළ ධම්මික පෙරේරා මහතා පත්කර තිබේ.
කොමිසමේ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස ඔහු වසර කිහිපයක් සේවය කළේය.
සුරැකුම් පත් හා විනිමය කොමිසමට වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුද පත්කර තිබේ.
තැරැව්කරුවන් හා ආයෝජකයින් කණ්ඩායමකින් එල්ලවූ බලපෑම හමුවේ අස්වන බව පවසමින් විනිමය කොමිසමේ සභාපති ධූරයෙන් තිලක් කරුණාරත්න මහතා පසුගියදා ඉවත් වූ අතර නාලක ගොඩහේවා මහතා පුරප්පාඩුව සඳහා පත් කෙරුණි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=967557506