FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Today at 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Today at 7:09 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by God Father Today at 5:37 pm

» Sri Lanka: Country Information Report
by God Father Today at 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Today at 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Today at 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Yesterday at 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Yesterday at 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

කොටස් වෙළදපොල සිංහලෙන්

+35
EquityChamp
ayesh84
Quibit
jsamarasinghe
sampath.anuradha
Eng Krishantha
rangananwr
IO3+O
NC
MAKARA
sajith.warushavithana
Roboticfx
serene
Lucas
NUINTH
milanka
chap
wappula
D.G.Dayaratne
manula
KDDND
CSE1
kalindusri
madhawa.h
SCR
keeper
nihal123
smallville
kavi84
Chinwi
NZ BOY
Slstock
LSE
notme
K.Haputantri
39 posters

Go to page : 1, 2, 3, 4, 5  Next

Go down  Message [Page 1 of 5]

K.Haputantri

K.Haputantri
Co-Admin

study කොටස් වෙළදපල ගැන සිංහලෙන් ලියැවුනු පාඩම් විරලය. එබැවින් මෙම පාඩම් මාලාව පල කිරීමට කලක සිට අදහස් කලෙමි. කෙසේ වෙතත් ඇතැම් ඉංග්‍රීසි පාඨ නිවැරදිව තේරැම් කල හැකි සිංහල වදන් නොමැතිවීම නිසා මෙම කාර්‍ය්‍ය තරමක් දුෂ්කර විය. එබැවින් ඇතැම් විට නව සිංහල යෙදුම් තනන්නටද සිදු විය. විශය මූලික අදහස් වලට අමතරව මවිසින් යොදා ඇති නව වදන් වෙනුවට වඩාත් සුදුසු වෙනත් වදන් ඇත්නම් ඒ ගැනද තම අදහස් පල කරන මෙන් ප්‍රවීණයන් ගෙන් ඉතා කරැණාවෙන් ඉල්ලා සිටිමි. ඉඩ ලැබෙන හැටියට සෑම මසකම පලමු වැනිදින මෙම පාඩම කොටස් වශයෙන් පල කිරීමට අදහස් කරමි. මෙයින් නවක ආයෝජකයනට යහපතක්ම වේවා!
Copy rights reserved අවසර නොමැතිව පිටපත් කිරීම උපුටා පල කිරීම තහනම්.


කොටස් වෙළදපල සිංහලෙන්- පාඩම අංක 01


පෙර සූදානම හෙවත් විවිධ ආයෝජන අවස්ථා හඳුනාගැනීම

තම ඉතිරි කිරීම් ආයෝජනය කිරීමේ වැදගත් කම අවබෝධ කරගත් පසු ආයෝජනය කිරිමට ඇති විවිධ ක්‍රමවේද සහ අවස්ථා හඳුනා ‍ගෙන ඒ අතරින් තමන්ට සුදුසුම ක්‍රම වේදය තෝරා ගැනීම ඉතා වැදගත් කරැණකි. ක්ෂණික හැඟීම් වලට වහල් නොවෙමින් ද නොමඟ යවනසුලු ප්‍රචාරක උපක්‍රම වලට හසු නොවෙමින් ද වෙහෙස මහන්සියෙන් උපයා ගත් තම ධනය ඉවසී‍මෙන් සහ මනා අධ්ය්‍යයනයකින් තෝරා ගත් ආයෝජන සැලැස්මක යෙදවීම මනා සංයමයකින් යුතුව කළ යුතු වෙයි.

වාණිජ බැංකුවල ඉතිරි කිරීමේ ගිණුම් පවත්වා ගෙන යාම, මූල්‍ය හෝ කල්බදු සමාගම් වල හෝ ගිණුම් ඇරඹීම, මුදල් ණයට දීම, බැංකුවල හෝ රජයේ සුරැකුම්පත් වල ආයෝජනය, කොටස් වෙළඳපල ආයෝජනය, අනාගතයේදී මිල ඉහල යාහැකි වත්කම් මිලට ගැනීම සහ තම ව්‍යාපාර කටයුතු සඳහාම මුදල් යෙදවීම දැනට ඔබට ඇති ප්‍රධාන ආයෝජන ක්‍රම හා විධි වෙයි.

“ඔබගේ සියලු බිත්තර එකම මල්ලක දමාගන්න එපා” (Don’t put all your eggs in one basket) යන ඉංග්‍රීසි කියමන ආදර්ශ පාඨයක් ලෙස මෙහිලා සිහිගන්වනු කැමැත්තෙමි. මින් අදහස් වන්නේ තම සියලු වත්කම් ඉහත දැක්වූ එක් ආයෝජන ක්‍රමයක පමණක් යෙදවීම නුසුදුසු බවය. එයට හේතු වන්නේ ආයෝජකයාගේ එදිනෙදා අවශ්‍යතාවන් වල වෙනස් කමි හා  එක් එක් ආයෝජන ක්‍රම වල ඇති අවදානම් මට්ටමේ වෙනසත් ප්‍රතිලාභවල ඇති වෙනස් කමුත්ය. කෙසේ වතුදු තම ආයෝජන අනවශ්‍ය ලෙස ආයෝජන ක්‍රම විශාල සංඛ්්‍යාවක නොයෙදවීමටද වග බලාගත යුතුය. (Don”t put your eggs in too many baskets either) ඒ මන්ද යත් එවිට එම ආයෝජනවල කාර්‍ය්‍ය සාධනය පිළිබඳ සොයා බැලීම දුශ්කර බැවිනි. වඩාත් යෝග්‍ය වන්නේ තමන්ට පහසුවෙන් පාලනය කරගත හැකි සුදුසු ආයෝජන ක්‍රම කිහිපයක පමණක් තම ඉතිරි කිරීම් යෙදවීමය.

ආයෝජකයෙකු තම එදිනෙදා සහ කෙටිකාලීන අවශ්‍යතා සඳහා කිසියම් නිශ්චිත අරමුදල් ප්‍රමාණයක් වෙන් කර තැබීම අනිවාර්ය වේ. මෙම අරමුදලේ ප්‍රමාණය එක් එක් තැනැත්තාගේ අවශ්‍යතාවන් අනුව තීරණය කල යුතුය. එම අරමුදල පහසුවෙන් අවශ්‍ය විට ආපසු ලබාගත හැකිලෙස සුදුසු ඉතිරි කිරීමේ ගිණුමක තබාගත හැකිය. වෙනත් ආයෝජන අවස්තා සඳහා සිත යෙදවිය යුත්තේ ඉන් පසුව ඉතිරියක් ඇතිනම් පමණි. එහිලා පහත දැක්වෙන “ප්‍රතිලාභ අවදානම් විශ්ලේශණය” ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

සරල ප්‍රතිලාභ-අවදානම් විශ්ලෙශනයක්

මෙම ආයෝජන ලැයිස්තුව පරීක්ෂාකිරීමේ දී පැහැදිලි වන්නේ එක් එක් ආයෝජන අවස්ථාව මගින් ලැබිය හැකි ප්‍රතිලාභ එකිනෙකට වෙනස් බව හා ඒවායේ අවදානම් සහගත භාවය ද එකිනෙකට වෙනස් බවය. එබැවින් සුදුසු ආයෝජන ක්‍රම වේදයක් සකසා ගැනීමේදී ප්‍රධාන වශයෙන් එක් එක් පුද්ගලයාගේ ආයෝජන අරමුණු, වයස, මානසික හා ආර්ථික අවදානම දරාගැනීමේ හැකියාව සහ ආයෝජනය පිළිබඳ දැනුම අනුව සුදුසු ආයෝජන කෙරෙහි අවධානය යොමුකල යුතුය.

පහත දැක්වෙන සටහනෙහි එක් එක් ආයෝජන ක්‍රමවල ප්‍රතිලාභ සහ අවදානම පිළිබඳ සරල සංසංදනයක් දැක්වේ.

සටහන

එක් එක් ආයෝජන ක්‍රමවල ප්‍රතිලාභ සහ අවදානම පිළිබඳ සරල සංසංදනයක්

කොටස් වෙළදපොල සිංහලෙන් Screen12


උක්ත සටහණ අනුව කොටස් වෙළඳපල ආයෝජනය උපරිම අවදානමක් සහ උපරිම ප්‍රතිලාභයක් ලැබිය හැකි ආයෝජන විධියක් බව පැහැදිලි වෙයි. කෙසේ වෙතත් මෙම ආයෝජනය බොහෝ දෙනා විස්තර කරන පරිදි ලේසි පහසු කාර්‍ය්‍යයක් නොවේ. කොටස් වෙළඳපල ආයෝජනය පිළිබඳව පොත පතින් පහසුවෙන් උගත හැකි වුවත් ප්‍රායෝගිකව සාර්ථක ලෙස ක්‍රියාවට නැගීම ඉතා අපහසු බව සිහිතබා ගත යුතුය. එය නවකයෙකුට ඉතා අවදානම් සහගත කටයුත්තකි.    

පෙර සූදාන‍මෙහි වැදගත් කම

කොටස් වෙළඳපල ආයෝජනයට එක්වීමට අදහස් කරන නවකයෙකු ප්‍රථමයෙන්ම කල යුත්තේ තමන්ට ගැලපෙන සමබර ආයෝජන ක්‍රමවේදයක් අනුව තම ආර්ථික සුරක්ෂිතතාවය තහවුරැ කර ගැනීමය. ඒ සඳහා තම එදිනෙදා අවශ්‍යතා, කෙටිකාලීන හා මැදිකාලීන අවශ්‍යතා, දිගුකාලීන අවශ්‍යතා ආදී සියලුදෑ හොඳින් අවබෝධ කොටගෙන ආයෝජන අතර සමබරතාව තීරණය කොට අවශ්‍යවූ විට ඒ ඒ අවශ්‍යතා සඳහා නිශ්චය කරනලද අරමුදල අපහසුවකින් තොරව ආපසු ගැනීමට හැකි සහ උපරිම ප්‍රතිලාභ ගෙන දෙන ආයෝජනවල පමණක් ආයෝජනය කිරීමට වගබලාගත යුතුය.

මෙම තීරණය තමන්ට හැර වෙනත් අයෙකුට ගත නොහැක්කේ තම අවශ්‍යතා හොඳින් හඳුනන්නේ තමන් පමණක් බැවිනි. කිසි විටෙක මෙම තීරණය ගැනීම තම ආයෝජන උපදේශකට හෝ වෙනකෙකුට හෝ නොපැවරිය යුතුය. අවශ්‍යම නම් ඔවුනට සවන් දීමේ වරදක් නැත. එහෙත් මෙම කරැණ සම්බන්ධව විසේසඥතාව ඇත්තේ තමන්ට පමණක් බව විශේෂයෙන් අවබෝධකර ගත යුතුය.

මෙම කරැණ වඩාත් හොඳින් අවබෝධකර ගැනීම පහසු කරනු පිණිස යුධ බිමෙන් උදාහරණයක් පෙන්වා දීමට කැමැත්තෙමි. වත්මන් කොටස් වෙළඳපල තුල සාර්ථකත්වයක් ලඟා කරගැනීමට එහිදී යොදාගන්නා ක්‍රමෝපාය වැදගත්ය. යුදය සඳහා හමුදා තර කිරීමට අමතරව ඔවුන් හොඳින් පුහුණු කිරීම, අවශ්‍ය අවි ආයුධ සහ අවශෙෂ උපකරණ සැපයීම, ආහාරපාන සැපයීම, වෛද්‍ය පහසුකම් සැපයීම, කඳවුරැ ශක්තිමත් කිරීම සහ යුදය දික් ගැසුනහොත් රඳා ගැනීමේ ශක්තිය තරවුරැ කිරීම, මානසික ශක්තිය සහ උනන්දුව රඳවා ගැනීම බුද්ධි තොරතුරැ රැස් කිරීම සහ උපායශීලී සැලසුම් ආදී පෙර සූදානම් මෙහිලා තීරණාත්මක සාධක වෙත්. යුදය දරැණු අතට හැරැනහොත් පසුව එය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැක්කේ පෙර සූදානම නිසි ලෙස සිදුවිණිනම් පමණි.

කොටස් වෙළඳපල ආයෝජනයේදී ද තම ප්‍රථම ආයෝජනය නොසීතූ ලෙස අසාර්ථක විණි නම් එයට නොසැලී මුහුණ දීමට මෙම පෙර සූදානම අතිශය ප්‍රයෝජනවත්ය. තම කෙටිකාලීන අවශ්‍යතා කිසිවක් සැලකිල්ලට නොගෙන තම සියලු ධණය කොටස් වෙළඳපලෙහි පමණක්ම යෙදවීම අනුවණ කමකි. කොටස් වෙළඳපල ආයෝජනයට පෙර තම නිවාස කඳවුර ශක්තිමත් කරගත යුතුය. එය යුධයට හමුදාව තර කිරීමට අමතරව කෙරෙන අවශෙෂ කාර්ය්‍යයනට සමානය. කලින් විස්තර කල පරිදි තම එදිනෙදා අවශ්‍යතා, කෙටිකාලීන අවශ්‍යතා, මැදිකාලීන අවශ්‍යතා සහ දිගුකාලීන අවශ්‍යතා හඳුනා ගැනීමද විවිධ ආයෝජන ක්‍රමවල ප්‍රතිලාභ සහ අවදානම හඳුනා ගැනීමද තම අවශ්‍යතාවලට සරිලන පරිදි ආයෝජන ක්‍රමොපාය කල් ඇතිව තීරණය කිරීමද කොටස් වෙළඳපල ආයෝජනයේදී අවශ්‍ය නොසැලෙන මානසික තත්ත්වය රඳවා ගැනීමට අත්‍යවශ්‍යය  වෙයි.        

එමගින් වෙළඳපල උච්ජාවචනයන්ට සාර්ථක ලෙස මුහුන දෙමින් නොසැලී සිටිමටද තමනට දැරිය හැකි මට්ටමේ අවම අවදානමකට මුහුණ දෙමින් උපරිම ප්‍රතිලාභ පහසුවෙන් ලබාගැනීමටද තමන්ටම ගැලපෙන ආයෝජන උපායක්‍රම තමන් විසින්ම සකසා ගැනීමටද හැකිවනු ඇත. ඒ පිළිබඳ තීරණ තමන් විසින්ම ගතයුතු අතර එම තීරණ පිළිබඳ වගකීමද තමන්ම බාරගැනීමට අවංක විය යුතුය.  
මෙම පාඩමින් උත්සාහ දරා ඇත්තේ පාඨකයාගේ මානසික තත්ත්වය කොටස් වෙළඳපල ආයෝජනයට සුදුසු මට්ටමට උසස් කිරීම සහ එකී ආයෝජනය පිළිබඳ දැණුම වර්ධනය කිරීමද හැකිතරම් දුරට එහි අවදානම අවම කිරීමේ උපක්‍රම හඳුන්වා දීම ද වේ.

කිසියම් ආයෝජනයකින් ඉහලම ප්‍රතිලාභයක් ලබා ගැනීම පිණිස හැකි තරම් අඩු වයස් මට්ටමකදී ආයෝජනය ආරම්භ කල යුතුය. ලොව බොහෝ සාර්ථක ආයෝජකයන් කුඩා කල සිටම ආයෝජනයන් හී නිරත වූවන් ය. ඊට හේතුව නම් ආයෝජන ප්‍රතිලාභ කාලයත් සමග සබැඳීව වැඩිවන හෙයින් සහ ආයෝජන පිළිබඳ පලපුරැද්ද කාලය ගත වීමත් සමග තියුණුව වැ‍ඩෙන බැවිනි. එබැවින් තම දරැවන්ට ආයෝජන පිළිබඳ හුරැවක් කුඩාකල සිටම ඇති කිරීම පිළිබඳව දෙමාපියන් උනන්දු වීම වැදගත් වේ. එවිට තමන්ට කල නොහැකිවූ දෙය ඔබගේ ජීවිත කාලය තුලදීම ඔබේ දරැවන් කරනු ඇත.

වයස් ගත වූවන් ආයෝජන නොකල යුතු යයි මෙයින් අදහස් නොකෙරේ. නිසි ක්‍රමොපාය යන් ඉවසීමෙන් යුතුව අනුගමනය කරන්නේ නම් ඔවුනට ද සාර්ථක ආයෝජකයන් විය හැකි ය.[i]



Last edited by K.Haputantri on Fri May 03, 2013 2:00 pm; edited 2 times in total

notme

notme
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

thank you sir. excellent work .best wishes !
ඉතාම අගනේය. flower

LSE

LSE
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

ඔබගේ උත්සාහය ඉතා අගය කොට සලකමි.

ස්තුතියි.
study study study

K.Haputantri

K.Haputantri
Co-Admin

Notme සහ LSE, දිරිගන්වන මත පිලිබදව ඔබ දෙපලට ස්තූතිවන්ත වෙමි. එහෙත් මෙම ලිපියේ Table එක නිවැරදිව පල කිරීමට නොහැකි වීම ගැන කනගාටු වෙමි. ඉදිරියේදී මෙය නිවැරදි කිරීමට තාක්ෂණික අංශයේ උදව් බලා පොරොත්තු වෙමි.

Slstock

Slstock
Director - Equity Analytics
Director - Equity Analytics

උත්සහය අනර්ඝයි ප්‍රශංසනීයයි. ස්තුතියි

I asked the tech for you ( did you get it) but am not sure how useful the reply was.

.

K.Haputantri

K.Haputantri
Co-Admin

slstock wrote:උත්සහය අනර්ඝයි ප්‍රශංසනීයයි. ස්තුතියි

I asked the tech for you ( did you get it) but am not sure how useful the reply was.

.

Thanks for your positive & constructive comments and assistance. I too sent a mail to GMnet for assistance.

NZ BOY

NZ BOY
Moderator
Moderator

thank u very much sir

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Good. Good. Keep writing.

You can publish a book, later.
Put (C) at the end. Some Hora can use your work.

ඔබ ලියු අදහස් වලට විරුද්ධ යමක් හෝ වැඩිමනත් දෙයක් මතක් වුවහොත් පසුව ලියමි.

---
Just For fun:

You cannot use the following terms , I ve already got the copyright !

Bull run = ගොන් කුලප්පුව
Bear market = වලස් වෙළෙඳපොල
Day trading = දවසේ කෙලිය
Beta value = බිටා ගේ ගාන
IPO date = ඉස්සෙල්ලම පිටට දෙන දවස
Settlement Date = පදින්චිවෙන දවස

kavi84


Senior Equity Analytic
Senior Equity Analytic

අති විශිෂ්ඨ පාඩම් මාලාවක අරම්භය. මෙච්චර කල් නොහිතපු දේවලුත් තියනවා Smile
ඔබතුමාට ගොඩක් ස්තූතියි.

smallville

smallville
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

Great stuff Hapu.. Keep coming in Wink

K.Haputantri

K.Haputantri
Co-Admin

Chinwi wrote:Good. Good. Keep writing.

You can publish a book, later.
Put (C) at the end. Some Hora can use your work.

ඔබ ලියු අදහස් වලට විරුද්ධ යමක් හෝ වැඩිමනත් දෙයක් මතක් වුවහොත් පසුව ලියමි.

---
Just For fun:

You cannot use the following terms , I ve already got the copyright !

Bull run = ගොන් කුලප්පුව
Bear market = වලස් වෙළෙඳපොල
Day trading = දවසේ කෙලිය
Beta value = බිටා ගේ ගාන
IPO date = ඉස්සෙල්ලම පිටට දෙන දවස
Settlement Date = පදින්චිවෙන දවස
Thanks chinvi. By the way, I seek your permission to use those patented words. jocolor

K.Haputantri

K.Haputantri
Co-Admin

kavi84 & small - Thanks for your encouraging words.

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics

Thank you very much
ativisisti sir

K.Haputantri

K.Haputantri
Co-Admin

Thanks nihal for your encouraging comments.

keeper

keeper
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Sinhala typing is hard work...But you think our members...All the best

K.Haputantri

K.Haputantri
Co-Admin

keeper wrote:Sinhala typing is hard work...But you think our members...All the best

Yep. Its hard work for common good. Thanks for your comments.

SCR


Stock Trader

Laughing

madhawa.h


Equity Analytic
Equity Analytic

Good article. Thanks for sharing your knowledge. Good luck.

There are some good articles at,
www.guidetocse.com
For ppl who didn't knew.

kalindusri


Stock Trader

Good job. Thank you.

CSE1

CSE1
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

thank u very much sir

K.Haputantri

K.Haputantri
Co-Admin

සැමට ආයුබෝවන්! මැයි මස පලමුවැනිදා පොරොන්දුවූ පරිදි දෙවැනි සිංහල පාඩම පහත දැක්වේ.

ආයෝජන විවිධාංගකරණය (Diversification of Investments)

අප ‍මෙතෙක් සාකච්ජා කලේ කොටස් වෙළඳල ආයෝජනයට පෙර සිදුකලයුතු පෙර සූදානම ගැනය. උක්ත සාකච්ජාවෙන් පැහැදිළිවූ ආකාරයට පෙර සූදානමක් ඇතිව ආයෝජන විවිධාංගකරණය නුවනැති පියවරකි. ආයෝජන විවිධාංගකරණය සිරස් සහ තිරස් (Verticle & Horizontal) වශයෙන් ක්‍රම දෙකකට කල හැකිය.

සිරස් විවිධාංගකරණය

සිරස් විවිධාංගකරණය යටතේ තම ඉතිරි කිරීම් සියල්ල එකම ප්‍රතිලාභ සහ අවදානම ඇති ආයෝජන අංශයක හෝ අංශවල පමණක් ආයෝජනය නොකොට තම කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන මුදල් අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන්ද එක් එක් ආයෝජන අංශවල ඇති හඳුනාගත් අවදානම් මට්ටමද ප්‍රතිලාභයන් ද සැලකිල්ලට ගෙන විවිධ ප්‍රතිලාභ සහ අවදානම ඇති අංශ අතර කිසියම් සැලැස්මකට අනුව ඉතිරි කිරීම් බෙදා ආයෝජනය කෙරේ.

සිරස් විවිධාංගකරණයට විකල්පයක් ලෙස අවදානමක් ඇත්තේම නැති රාජ්‍ය සුරැකුම්පත් වල පමණක් ආයෝජනය කලහොත් ලැබෙන ප්‍රතිලාභ ඉතා අවම වනු ඇත. නොඑසේව දැඩි අවදානම් සහිත කොටස් වෙළඳපලෙහි පමණක් තම සියලු ධනය යෙදවිණි නම් ප්‍රතිලාභ ඉහල වියහැකි වුවත් විශාල අවදානමක් දැරීමට සිදුවනු ඇත. එවිට තම කෙටිකාලීන සහ මැදිකාලීන මුදල් අවශ්යාතා සපුරා ගැනීමට ද අපහසු වනු ඇත. වාණිජ බැංකු පොලිය මූල්‍ය සමාගම් පොලියට වඩා අඩුවන නමුත් අවදානම අඩුය. එබැවින් තම එදිනෙදා සහ අනාගත මුදල් අවශ්‍යතාවන්ද අවදානම් මට්ටමද සැලකිල්ලට ගෙන තම ධනය විවිධ ආයෝජන අවස්ථා අතර බෙදාහැර ආයෝජනය කිරීමට සිරස් ලෙස විවිධාංගකරණයෙහිදී ප්‍රථමයෙන් සැලකිලිමත් විය යුතුය. පහත දැක්වෙන පයි ප්‍රස්තාර සටහ‍නෙහි ආදර්ශ සිරස් ආයෝජන සංකලනයන් දක්වා ඇත.

ප්‍රස්තාරය 01
ආදර්ශ සිරස් ආයෝජන සංකලනයන්

කොටස් වෙළදපොල සිංහලෙන් Screen13

මේ අනුව ඉඩම් ගොඩනැගිලි වැනි ස්ථාවර වත්කම්වල තම ධනයෙන් 25%ක්ද, වාණිජ බැංකු ස්ථාවර තැන්පතුවල 15% ක්ද, භාණඩාගාර බිල්පත් වල 15% ක්ද, ඉතිරිකිරීමේ ගිණුම්වල 20%ක්ද සහ කොටස් වෙළඳපලෙහි 25%ක්ද ආයෝජනය කිරීමට යෝජනා කර ඇත.
මෙවන් සිරස් ආයෝජන විවිධාංගකරණයක් මගින් එක් එක් ආයෝජන ක්‍රමවල ඇති නෛසර්ගික අවදානම් සහගත භාවය අවම කිරීම සහ තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අරමුදල් අපහසුවකින් තොරව අවශ්‍ය විට සම්පාදනය තහවුරැ කිරීම සහ අපේක්ෂිත ප්‍රතිලාභ ලැබීමේ සම්භාව්යවතාවය වැඩි කිරීම සිදුකර ඇත. යම් අයෙකුගේ ධනයේ ප්‍රමාණය අනුව මෙසේ වෙන් කිරීමේදී කොටස් වෙළඳපල ආයෝජනය සඳහා වෙන් කල හැක්කේ යෝජිත ප්‍රමාණයට වඩා ඉතා සුලු ප්‍රතිශතයක් නම් එපරිදි මෙම සැලැස්ම සංශෝධනය කරගත හැකිය. යමෙකුගේ එදිනෙදා අවශ්‍යතා සියල්ල සැලකිල්ලට ගත් කල කොටස් වෙළඳපල ආයෝජනය සඳහා කොටසක් වෙන් කල නොහැකි නම් වඩාත් ඥාණාන්විත වන්නේ තම ආර්ථික තත්ත්වය යහපත් වනතෙක් එම ආයෝජනය පසුවට කල් දැමීමය.

සිරස් විවිධාංගකරණයේදී කොටස් වෙළඳාම සඳහා මෙහිලා යෝජිත ප්‍රතිශතය තමන්ට වෙන් කිරීම ප්‍රයෝගිකව අපහසු නමුත් ඉතාම සුලු මුදලක් වෙන් කරගැනීමට හැකියාව තිබේ නම් කිසියම් නාමික මුදලකින් එය ඇරඹීමටද පිළිවන. කොළඹ කොටස් වෙළඳපලෙහි වර්තමාන රෙගුලාසි අනුව කොටස් 100ක අවම ඇනවුම් සීමාව ඉවත් කර ඇති හෙයින් සහ කුඩා ඇනවුම් සඳහා නියමිත ස්ථාවර අවම අයකිරීම අත්හැරදමා ඇති හෙයින් රැපියල් 10.00 වැනි ඉතා සුලු මුදලත් අත ඇති අයෙකුට වුවද එම මුදලට එක් කොටසක් හෝ මිලට ගත හැකිය. මෑතකදී සුරැකුම්පත් සහ විණිමය කොමිෂන් සභාව විසින් ගනු ලැබූ ඉතා වැදගත් තීරණයක් ලෙස මෙය හැඳින්විය හැකිය. මේ නිසා මිල මුදල් එතරම් අත නොගැවසෙන සිසුන් පවා තම ඉතුරැ කිරීම් වලින් කොටස් කිහිපයක් මිලට ගත් අවස්ථාද වාර්තා වී ඇත. මෙ මගින් ප්‍රමාණවත් ලාභයක් ලබාගත නොහැකි වුවද ඉන් අනාගත ආයෝජකයෙකුට අවැසි ප්‍රයෝගික පලපුරැද්ද නිසැකවම ලබාගත හැකිය. යමෙකුට එතරම් අවධානමක් නොමැතිව කොටස් වෙළඳාම ගැන ප්‍රයෝගික පලපුරැද්දක් ලබා ගැනීමට මෙ මගින් මහඟූ අවස්ථාවක් ලැබී ඇත.

අවවාදයයි:- ආධුනික ආයෝජකයකු විසින් කුමන හේතුවක් නිසා හෝ කිසිදු අවස්ථාවක හෝ තම එදිනෙදා අවශ්‍යතා සඳහා වෙන්කල අරමුදල් හෝ ණයට ගත් අර මුදල් හෝ කොටස් වෙළඳපලෙහි ආයෝජනය නොකල යුතුය. එවන් අනුවණ ක්‍රයාවකින් සදහටම පසුතැවිලි වියහැකි ප්ර තිඵල අත්විය හැකිය.

මෙහි දක්වා ඇත්තේ සියලු දෙනාටම ගැලපෙන වෙනස්කල නොහැකි ආදර්ශයක් නොවේ. එක් එක් ආයෝජකගේ ආයෝජන අවශ්‍යතා සහ රැචි අරැචිකම් අනුව තමන්ටම ආවේනිකවූ ආයෝජන විවිධාංගකරණ සැලැස්මක් සකස් කර ගැනීමේ නම්යචතාව හා හැකියාව ඇත. අවශ්‍ය වන්නේ සකස් කෙරෙන සැලැස්ම තම අවශ්‍යතාවන්ට අනුකූල වීම, ‍පෙර සූදානම හා ඒ අනුව නොවලහා ක්රිේයා කිරීම පමණි.

කොටස් වෙළඳපල ප්‍රයෝගික තත්ත්වයට බෙහෙවින් සමාන පල පුරැද්දක් හා දැනුමක් ලබාදෙන ක්‍රඩාවන් ද ඇතැම් වෙබ් අඩවි මගින් ඉදිරිපත් කර ඇත. මේ සඳහා මුදල් අවශ්‍ය නැත. මෙ මගින් ප්‍රයෝගික තත්ත්වයට බෙහෙවින් සමාන අත්දැකීමක් ලබාගත හැකි නමුදු සත්යෙ මුදල් ආයෝජනය කිරීමේදී ඇතිවන ආවස්ථික වැය (opportunity cost මින් අදහස් කරන්නේ තමා සතු සීමිත ධනය වෙනත් ආර්ථික කටයුත්තක නොයොදවා කොටස් වෙළඳපොලෙහි යෙදවීම හේතු කොටගෙන නැති විය හැකි ප්‍රතිලාභයන්ය) සහ සත්‍ය අවදානම දැරීම හේතුකොටගෙන ලැබෙන ලාභ පාඩු පිළිබඳ ප්‍රයෝගික මානසික අත්දැකීම එමගින් නොලැබේ.

තිරස් විවිධාංගකරණය

තිරස් විවිධාංගකරණය යනු සිරස් විවිධාංගකරණය යටතේ තෝරාගත් එක් එක් ආයෝජන අවස්ථාව සඳහා වෙන් කර ඇති තම ධනය නැවත තිරස් අතට විවිධාංගකරණය කිරීම පිණිස විවිධ ආයෝජන අවස්ථා යටතේ නැවත වර්ගීකරණය කිරීමය.

උදාහරණයක් වශයෙක් ඉහතින් දක්වන ලද බැංකු තැන්පතු සඳහා වෙන්කල 15%ක ධනය තම මාසික මුදල් උවමනාවන් පිරිමසා ගැනීම සඳහා මාසික පොලී ලැබෙන ස්ථාවර ගිණුම් ඇරඹීම කලයුතු නම් එම අරමුදල් සුදුසු අනුපාතයකට රාජ්‍ය බැංකු, වාණිජ බැංකු හා මූල්යය සමාගම් අතර වෙන් කොට සුදුසු කාල පරාසයන් තීරණය කොට තැන්පත් කිරීම මින් අදහස් කෙරේ. වඩාත් නුවනැති ක්‍රමය වන්නේ ඉන් වැඩි කොටසක් රාජ්‍ය හා වාණිජ බැංකුවල ද ඉතා සුලු ප්‍රමාණයක් මූලය්‍ය සමාගම් වලද තැන්පත් කිරීමය. මූල්‍ය සමාගම් වල සුලු ප්‍රමාණයක් තැන්පත් කිරීම සුදුසු වන්නේ වැඩි පොලියක් ලැබෙන නමුත් අවදානම තරමක් ඉහල බැවිනි. ඔබට වැඩි අවදානමක් අපහසුවකින් තොරව දැරිය හැකි නම් පමණක් වැඩි අවදානම් සහගත වැඩි ප්‍රතිලාභ ගෙන දෙන මූල්‍ය සමාගම් වල වැඩි මුදලක් තැන්පත් කල හැකිය.

මෙම තිරස් විවිධාංගකරණය තවදුරටත් පුලුල් කරමින් වෙළඳ පොලේ ඇති විවිධ ඉතිරිකිරීම් ක්‍රම අධ්‍යයනය කොට තම කෙටිකාලීන, මැදිකාලීන සහ දිගුකාලීන මුදල් අවශ්ය තා සපුරාගත හැකි ලෙස සුදුසු ආයෝජන ක්‍රමය තෝරා ගත හැකිය. උදාහරණයක් ලෙස මාසිකව පැමිනෙණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව පොලී ගෙවන ස්ථාවර තැන්පතුවක්ද, වසර පහකින් එළඹෙන තම දරැවාගේ උසස් අධ්යාීපන කටයුතු සඳහා අවශ්‍ය මුදල සපුරා ගැනීම සඳහා වසර පහ අවසානයේදී ඉහල පොලී අනුපාතයක් ගෙවන වසර පහක ස්ථාවර තැන්පතුවක්ද තම හදිසි එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඉහලම පොලියක් ලැබෙන මුදල් ආපසු ගැනීම පිළිබඳ සීමා නොමැති සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක්ද වශයෙන් තම ආයෝජනයන් විවිධාංගකරණය කල හැකිය.

කොටස් වෙළඳපල ආයෝජනය

යමෙකු කොටස් වෙළඳ පලෙහි ආයෝජනය කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා ඉහත උදාහරණයෙහි වෙන්කර ඇති 25% ක අරමුදල වෙනත් කිසිදු කාර්යකට හදිසියේ අවශ්‍ය නොවන ඉතුරැකිරීම් විය යුතුමය. මෙම ප්‍රතිශතය ආයෝජනය කිරීමෙන් පසුව හඳුනා ගන්නා හදිසි මුදල් අවශ්‍යතා අනුව මෙම ප්‍රතිශතය වරින්වර සංශෝධනය කල හැකි වුවද වෙළඳපල තත්ත්වයන් අනුව එවැනි හදිසි වෙනස්කම් කිරීමට යාමෙන් පාඩු සිදුවිය හැකිය.

කිසි දිනෙක ණයට මුදල් ගෙන හෝ වෙනත් අවශ්යසතා සඳහා වෙන්කල මුදල් තාවකාලික මට්ටමින් හෝ ලබාගෙන කොටස් වෙළඳ ‍පොලෙහි ආයෝජණය නොකල යුතුය. එවැනි හැඟීමක් ඔබට යන්තමින් හෝ ඇති වූයේ නම් එය ඔබ කොටස් වෙළඳපල ආයෝජනයට ඇබ්බැහි වෙමින් පවතින තැනැත්තෙක් බවට කෙරෙන ඉඟියකි. එය වහා සුව කරගත යුතු යම්කිසි මට්ටමක මානසික ව්යානධියකි. එලෙස කොටස් මිලට ගැනීම දැඩි අවදානම් සහිත සූදුවකට සමානය. මෙහිලා ඔබ විසින් කල යුතුව ඇත්තේ එම හැඟීම වහාම ප්‍රතික්ෂෙප කොට සිත දැඩි කොටගෙන ආයෝජනය තම සැලසුමට පමණක් සීමා කිරීමය.

කොටස් වෙළඳපල තිරස් විවිධාංගකරණය- පලමු පියවර

තිරස් විවිධාංගකරණයේ පලමු පියවර ලෙස, කොටස් වෙළඳපල ආයෝජනයේදී ආයොජන විවිධාංගකරණය සඳහා සුදුසු වෙළඳපල ආර්ථික කොට්ඨාශ (Economic Sectors) තෝරාගෙන ඒවා අතර වෙන්කර ඇති 25% ක අරමුදල සුදුසු අනුපාතයකට යලි බෙදාහල හැකිය. එක් කොට්ඨාශයක පමණක් සියලු මුදල් ආයෝජනය නොකොට කොට්ඨාශ කිහිපයක එක් එක් කොට්ඨාශය සඳහා වෙන්කරන ලද අරමුදල ආයෝජනය කිරීම නුවනැති ක්‍රියාවකි. එමගින් ආයෝජනවල අවදානම් සහගත භාවය අඩු කෙරේ.

උදාහරණයක් ලෙස බැංකු හා රක්ෂණය, ආහාර හා බීම වර්ග, නිෂ්පාදනය, තොරතුරැ තාක්ෂණය, හෝටල් හා සංචාරක කර්මාන්තය වැනි විවිධ කොට්ඨාශ අතර මෙම බෙදා හැරීම කිරීමේදී එක් එක් කොට්ඨාශවල කර්යසාධකතාව (Performance) සැලකිල්ලට ගත හැකිය. මෙහිලා එක් එක් කොට්ඨාශවල කර්යසාධකතාව (Performance) මැණ ගැනීම පිණිස ඒ පිළිබඳව පලකොට ඇති පර්යේෂණ වාර්තා ආදිය ගැන වැටහීමක් ලබා ගත යුතුය. ඒ සඳහා තැරැව්කාර ආයතන වල තමන්ට අනුයුක්ත සුදුසුකම් ලත් ආයෝජන උපදේශක වරයාගේ සහාය ලබාගත හැකිය. මූලධර්මමය විශ්ලේෂණය (Fundamental Analysis) පිළිබඳ මනා වැටහීමක් ලබාගත් පසුව ඔබටද මෙම දක්ෂතාව ඇතිවනු ඇත. ඒ පිළිබඳව විස්තරාත්මකව පසුව සාකච්ජා කරනු ලැබේ.

ඒ අනුව ඉහල කාර්සාධකතාවක් පෙන්නුම් කරන කොට්ඨාශයෙහි වැඩි ප්‍රතිශතයක්ද අවම කාර්යසාධකතාවක් පෙන්වන කොට්ඨාශයෙහි අඩු ප්‍රතිශතයක්ද වශයෙන් වෙන්කර ඇති අරමුදල බෙදා ආයෝජනය කල යුතුය. මෙහිලා සිහි තබාගත යුතු වැදගත් කරැණ වන්නේ මෙම කාර්යසාධකතා තත්ත්වයන් සැමදා එකම විධියකට නොපවතින බවද, සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල වෙනස්කම් හා ආර්ථික සංවර්ධනයේ ත්‍රිවෘරතා සහ ප්‍රමුඛතා වෙනස්වන අවස්ථාවල විවිධ ආර්ථික කෝට්ඨාශවල කාර්යසාධනයද දැඩි වෙනස්කම් වලට ලක්වීමට ඉඩ ඇති බවය. එවිට නව තත්ත්වයන්ට ගැලපෙන ලෙස තම ආයෝජන සංයෝජනය නැවත නැවත සකස් කර ගැතීම පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ.

කොටස් වෙළඳපල සඳහා ඉහත සටහනෙහි වෙන් කරන ලද 25% ක මුදල යලි කොටස් වෙළඳපල ආයෝජන කොට්ඨාශ අනුව තිරස් විවිධාංග කරණය කල හැකි ආදර්ශයක් පහත පයි ප්‍රස්තාර සටහනෙහි දක්වා ඇත.

ප්‍රස්තාරය 02 - තිරස් විවිධාංග කරණය කල හැකි ආදර්ශයක්

කොටස් වෙළදපොල සිංහලෙන් Screen14

ඒ අනුව වෙන් කර ඇති 25% න් බැංකු හා රක්ෂණ අංශයේ සමාගම් වල 25% ක කොටසක්ද, ආහාර හා පාණීය වර්ග අංශයේ සමාගම් වල 25% ක කොටසක්ද, නිෂ්පාදන අංශයේ සමාගම් වල 15% ක කොටසක්ද, හෝටල් හා සංචාරක අංශයේ සමාගම් වල 15% ක කොටසක්ද සහ තොරතුරැ තාක්ෂණ අංශයේ සමාගම් වල 20% ක කොටසක්ද වශයෙන් ඒ ඒ ආර්ථික කොට්ඨාශවල පසුගිය කාල පරිච්ජේදයේ කාර්යසාධකතාව අනුව ආයෝජන කිරීම සැලසුම් කර ඇත.

සාමාන්‍යයෙන් එක් අංශයක ආයෝජනය සමස්ථ ආයෝජනයෙන් 30% නොඉක්මවිය යුතුය යන සරල නියමය හැම විටම අනුගමනය කිරීම ඉතාම සුදුසු ය. තම අත්දැකීම එක් එක් අංශවල අතීත කාර්ය්‍යසාධනය සහ අනාගත උපනතීන් කෙරෙහි සැලකිලිමත් වෙමින් මෙම ආයෝජන සංකලනය තම අවශ්‍යතා අනුව වරින් වර වෙනස් කරගත හැකිය.

කොටස් වෙළඳපල තිරස් විවිධාංගකරණය- දෙවැනි පියවර

තිරස් විවිධාංගකරණයේ දෙවැනි පියවර ලෙස, මෙම සටහනේ එක් එක් කොට්ඨාශ සඳහා වෙන් කර ඇති අරමුදල් ප්‍රමාණ එම කොට්ඨාශය යටතේ කොටස් වෙළඳපලෙහි ලැයිස්තුගත කර ඇති තෝරාගත් සමාගම් කිහිපයක් අතර ඒවායෙහි කාර්යසාධකතාවය අනුව නැවත බෙදා ආයෝජනය කළ හැකිය. උදාහරණයක් ලෙස බැංකු සහ රක්ෂණ අංශය සඳහා වෙන්කල 25% ක මුදල කාර්යසාධනය මත තෝරාගත් බැංකු හා රක්ෂණ සමාගම් කිහිපයක් අතර නැවත වෙන් කොට මෙම විවිධාංගකරණය තවදුරටත් පුලුල් හා අර්ථාන්විත බවට පත්කල හැකිය. එපරිදිම අනෙකුත් අංශ සඳහා වෙන්කල මුදල් ද නැවත එක් එක් අංශයේ සුදුසු සමාගම් කාර්යසාධනය මත තෝරාගෙන විවිධාංගකරණයකට ලක් කල හැකිය. මෙහිලා සැලකිලිමත් විය යුතු වන්නේ තමන්ට පාලනය කරගත හැකි ආයතන කිහිපයක් පමණක් තෝරා ගැනීමය. උවමණාවට වඩා ඉහල ආයතන සංඛ්යාගවක ආයෝජනය කල හොත් ඒ පිළිබඳව කිට්ටු අධීක්ෂණයක් කිරීම තරමක් දුෂ්කර වනු ඇත. සාමාන්ය යෙන් එක් අංශයක ආයෝජනය සමස්ථ ආයෝජනයෙන් 30% නොඉක්මවිය යුතුය යන සරල නියමය මෙහිදී ද අනුගමනය කිරීම ඉතාම සුදුසු ය.

ආයෝජකයන් දෙදෙනෙකු එකිනෙකට වෙනස් ලෙස තම විවිධාංග කරණ සැලැස්ම සකසා තිබෙන්නට පිළිවන. මෙම සංයුතිය එක් එක් ආයෝජකයාගේ වෙළඳපල පිළිබඳ දැණුම, රැචි අරැචිකම් හා විශ්වාසය අනුව ‍වෙනස් කර ගත හැකිය. නිරන්තර අධ්‍යයනය, පෙර සූදානම සහ නිසි කලට නිසි තීරණ ගැනීම ඉතාම වැදගත් ය. ආයෝජනය සඳහා සුදුසු සමාගම් තෝරා ගැනීම ඉතා සංකීර්ණ ක්‍රිදාමයකි. ඒ පිළිබඳ පුලුල් සාකච්ජාවක් ඉදිරි පාඩම්වලදී උදාහරණ සහිතව යොදා ඇත. එයට ප්‍රථමයෙන් මෙහි විස්තර කරන ලද ආයෝජනය පිළිබඳ මූලික ක්‍රමෝපාය පිළිබඳව පුලුල් දැනීමක් ලබා ගැනීම සුදුසුය.



Last edited by K.Haputantri on Mon Jun 03, 2013 12:21 pm; edited 1 time in total

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics

Thank you sir
I read it "eka husmata"
niyama article eka
ohoma idriyata yan
Very Happy

KDDND

KDDND
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

K.Haputantri!

Pls accept my sincere thanks and appreciation for your contribution for people like us - beginners......

its like giving a hand when we moving in a dark.....
learned a lot from this article... good knowledge, strategies, steps, defense and path....
surely will adopt it with the time.... once I get time shift to from current combinations to your proposed method with the time as things goes....

I here by respectfully saying you..... you became one of my teacher today...

Aryubowan!
Issthuthi! cheers

manula


Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Thanks Hpau..great stuff. Today only seen the thread. Very easy to understand. good that u keep in same thread so any one miss can refer the previous notes. will be happy if possible can post in twice a month good for the new comers.. and in front of Sinhala term if u can mention the English term will be easy,to understand (Like තිරස් විවිධාංගකරණය = ??) . This is only suggestions .Once again thanks for your hard work.

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

I appreciate your effort

This country need more people like you

Congratulation!

Sponsored content



Back to top  Message [Page 1 of 5]

Go to page : 1, 2, 3, 4, 5  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum