පසුගිය ජුලි මාසයේදී ඩොලර් බිලියන 6.8ක්ව පැවති මෙරට විදේශ සංචිතය මේ අනුව ශක්තිමත් වනු ඇති බව මහ බැංකුව කියයි.
මෙයට අදාලව ඩොලර් මිලියන 400 ක් පසුගියදා ලංකාවට ලැබිණි.
ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමක් (Currency Swap) යනු කුමක්ද ?
Swap යන ඉංග්‍රීසි වචනයේ අරුත අනුව යමින් මෙහිදී, සිදුකරන්නේ ව්‍යවහාර මුදල් වර්ග හුවමාරු කර ගැනීමයි. පසුගියදා ඉන්දියාව විසින් ලංකාවට ඩොලර් මිලියන 400ක ඩොලර් ලබාදුන් විට ලංකාව විසින් එයට හිලව් වීම සඳහා ඩොලර් මිලියන 400ක් වටිනා රුපියල් ලබාදුන්නේය.
මෙය ලංකාවේ ඩොලර් සංචිතය කෙටි කාලීනව වර්ධනය කර ගැනීමට ඉන්දියාව විසින් ලබාදුන් සහයෝගයකි. මෙහිදී, ඉන්දියාවෙන් ලැබුණු ඩොලර් භාවිතා කරමින් මෙරට විදේශ සංචිතය වර්ධනය කරගෙන තිබේ.
ඉන්දියාවෙන් ලැබුණු මෙම ඩොලර් ලංකාවට ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය කිරීම ඇතුළු ඩොලර් අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා භාවිතා කළ හැකි අතර එය ඉන්දියාව වෙනුවෙන් පමණක් භාවිතා කළ යුතුයැයි සීමාවක් නොමැත.
මෙම ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමට (Currency Swap) අදාළ ගිවිසුම අවසන් වනවිට යළිත් ඉන්දියාව විසින් අප ලබාදුන් රුපියල් අපට ලබාදෙන අතර ලංකාව ලබාගත් ඩොලර් නැවතත් ඉන්දියාවට ලබාදිය යුතුය.
මෙසේ මුදල් හුවමාරු වන කාලසීමාව තුළ ඩොලර් වලට අදාළ පොලීය ඩොලර් ලබාගත් රට විසින්ද රුපියල් වලට අදාළ පොලිය රුපියල් ලබාගත් රට විසින්ද අදාළ රටට ගෙවිය යුතුය.
මහ බැංකුව විසින් විදේශ සංචිතය පහත වැටුණු විට දේශීය බැංකු සමගද මෙවැනි ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swap) සඳහා පිවිසෙන අවස්ථා තිබේ.
දේශීය බැංකුවක් යම් කිසි අවස්ථාවක ඩොලර් ණයක් ලබාගත් විට මහ බැංකුව එම ඩොලර් වලට හිලව් වීම සඳහා රුපියල් ලබාදී එම ඩොලර් ලබාගෙන විදේශ සංචිතය ශක්තිමත් කිරීමට කටයුතු කරයි.
එම බැංකුවට නැවතත් ණය ගෙවීමට අවශ්‍ය වූ විට එම ඩොලර් නැවතත් මහ බැංකුව විසින් එම බැංකුවට ලබාදී මහ බැංකුව විසින් කලින් ලබාදුන් රුපියල් ඉල්ලා ගනී.
විදේශ සංචිත අඩුවන විට මහ බැංකුව මෙවැනි ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකම් (Currency Swap) සඳහා පිවිසීම සාමාන්‍ය සිරිතයි.