මෙම සම්මානය ලංකාවේ චෙක්පත් නිෂ්කාශනය සඳහා පිහිටුවා ඇති ලංකා ක්ලියර් (පුද්) සමාගම විසින් පිරිනැමූ අතර පසුගිය මූල්‍ය වසර තුළදී මිලියනයකට අධික ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකළ ඉහළ පෙළේ බැංකු අභිබවා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය වඩාත් ක්‍රියාකාරී ලෙස භාවිතා කළ බැංකුව ලෙස මෙම සම්මානය දිනා ගැනීමට කොමර්ෂල් බැංකුවට හැකිවිය.
අපගේ විද්‍යුත් අරමුදල් හුවමාරු විසඳුම් වන "පේ මාස්ටර්" සහ "ඊ-එක්ස්ෙච්න්ඡ්" ගනුදෙනු මගින් ජනනය කරන ලද ඉහළ ගනුදෙනු පරිමාව මෙම සම්මානය දිනා ගැනීමට හේතුවී තිබෙනවා" යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී මෙහෙයුම් පාලිත පෙරේරා මහතා පැවසුවේය. ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ "2011-12 මූල්‍ය වර්ෂය තුළ ඉහළ වාර්තාවකට හිමිකම් කියන්නට අපට හැකි වූයේ මෙම විද්‍යුත් සේවාවල අන්තර්ගත ආරක්ෂාවත්, පහසුකමත්, අසම සම වේගයත් නිසයි" යනුවෙනි.
ආයතනයන්ට ඕනෑම ආකාරයක මුදල් ගෙවීමක් බැංකුවේ අන්තර්ජාල වේදිකාව හරහා ලංකාවේ ඕනෑම බැංකුවක් වෙතට එවීමේ පහසුකම කොමර්ෂල් බැංකුවේ "පේ මාස්ටර්" පූර්ණ විසඳුම් විද්‍යුත් ගෙවීම් ක්‍රමය මගින් ලබාදෙයි.
http://www.divaina.com/2012/06/29/velanda02.html