අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 22 කින් පහළ ගොස් සියයට 9.25 ක් වෙද්දී අවුරුද්දේ බිල්පත් පොලීවල එතරම් වෙනසක් සිදු නොවුණි.
ශ්රී ලංකා මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 12 කින් පහළ ගොස් සියයට 10.16 ක් වෙද්දී අවුරුද්දේ බිල්පත් පොලිය සියයට 11.11 ක්වූ බවයි.
මෙවර වෙන්දේසියට රුපියල් බිලියන 20 ක කල්පිරෙන බිල්පත් ඉදිරිපත් කර තිබෙන අතර රුපියල් බිලියන 20.39 ක ලංසු පිළිගෙන තිබේ.
මෙහිදී, රුපියල් බිලියන 1.3 ක් වටිනා මාස තුනේ බිල්පත්ද, රුපියල් බිලියන 2.0 ක් වටිනා මාස හයේ බිල්පත්ද, රුපියල් බිලියන 17.0 ක් වටිනා අවුරුද්දේ බිල්පත්ද විකුණා ඇත.
ගිය වසරේ දෙසැම්බර් මාසයේ අවසාන සතියේ වෙන්දේසිය සමග සැසඳීමේදී මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 75 කින් පහළ ගොස් තිබෙන අතර මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 116 කින් සහ අවුරුද්දේ බිල්පත් පොලිය පදනම් අංක 58 කින් පහළ ගොස් තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1900835527