පොලී අනුපාත අඩු කරන්න මහ බැංකුව තීරණය කරයි
පොලී අනුපාත අඩු කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ. මහ බැංකුවේ මුදල් මණ්ඩලය මේ තීරණය ගෙන ඇති අතර එය ඔවුන්ගේ මැයි මාසයේ මුදල් ප්රතිපත්ති විවරණ වාර්තාව මඟින් නිල වශයෙන් ප්රකාශයට පත් කර ඇත.
දේශීය ඉතුරුම් සහ ආයෝජන දිරිමත් කිරීමේ අරමුණින් මේ තීරණය ගත් බවත්, මෙමඟින් ආර්ථික කටයුතු උත්තේජනය වේ යැයිඅපේක්ෂා කරන බවත් අදාළ විවරණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ වනවිට රටේ භාණ්ඩ හා සේවා වෙළෙඳපොළට අදාළව පැවැති උද්ධමනාත්මක පීඩනයන් අවම වී ඇති බවත් එම නිසා මෙලෙස ණය පොලී අනුපාත අඩුකිරීමේ ගැටලුවක් නොවන බවත් මුදල් මණ්ඩලය අවධාරණය කර තිබේ. රටේ ශීඝ්ර උද්ධමනයක් ඇති අවස්ථාවල මහ බැංකුව ණය පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කරයි. එමඟින් වෙළෙඳපොළේ මුදල් සැපයුම් කළමනාකරණය කර උද්ධමනය පාලනය කිරීම ඔවුන්ගේ ඉලක්කයයි.
2013-06-01 21:29:00 Hits: (401) Comments (0)