ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වරප්‍රසාද යටතේ පිහිටුවන ලද සමාගම් කොළඹ කොටස් වෙළෙඳ පොළ විශේෂ පුවරුවක ලැයිස්තුගත කිරිමේ ඉඩ ප්රස්ථා ලබා දිම කෙරෙහි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂම මේ දිනවල කටයුතු සම්පාදනය කරමින් පවතින බව කොමිෂමේ කාර්යය භාර ප්‍රධානී හා නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ධම්මික පෙරේරා මහතා කීය.
කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත විම් සම්බන්ධයෙන් ඊයේ 11 දා කොළඹදි පැවති හමුවකදි ධම්මික පෙරේරා මහතා මේ කරුණු අනාවරණය කළේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ස්වකීය සමාගම් සදහාත් කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවස්ථා විවර කර දෙන ලෙසට කළ ඉල්ලිම අප ධනාත්මකව සලකා බැලුවා.මේවා ලැයිස්තුගත කිරිම් විෂයෙහි යම් යම් සීමා පවතිනවා.ඒවායේ ප්‍රමානය අනුව මෙම ලැයිස්තුගත කිරිමේ විධිවිධාන හදුන්වා දෙන්න අප සලකා බලමින් ඉන්නේ.
මෙම සමාගම් මුළික කොටස් නිකුතුවක් සිදු කරන තුරු මෙම විශේෂ පුවරුවේ ගනුදෙනු අවස්ථා ලබා දිම කෙරෙහි අප අවධාණය යොමු කර තිබෙනවා.ඒ සමගින් මෙම විශේෂ පුවරුවේ ගනුදෙනු සඳහා සහභාගිවන ආයෝජකයින් යම් නිශ්චිත සුදුසුකමත් ගනුදෙනු විෂයෙහි සපුරා ලිය යුතු බව ට යම් සීමාවක් පනවන්නත් අප සලකා බලමින් පවත්නවා.
විදේශ ආයෝජන දිරි ගැන්විමේ අරමුණින් මෙම ක්‍රියාදාමය ඉදිරියේදි අප ක්‍රියාවට නංවන්න සැලසුම් කරමින් සිටින්නේ යැයි එතුමා පැවසීය.
source-http://sinhala.lankanewsweb.com/business-sl/10113-boi