යුනියන් බැංකුව බිලියන 15 කට TPG ගන්න තීන්දු කරයි
Published on Friday, 15 August 2014 13:00
UnionBank 410px 14 08 15මෙරට සිදු කරන විශාලතම ඇමෙරිකාණු ආයෝජනය සිදු කරමින් කොළඹ යුනියන් බැකුවේ සියයට 75 දක්වා ප්‍රමාණයක් රුපියල් බිලියන 15 ක (ඩොලර් මිලියන 113) ආයෝජනයකින් අත්පත් කර ගැනිමට කේමන් දූපත්වල සංස්ථාපනය කරන ලද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගම එකඟතාවයකට පැමිණ තිබේ.
මේ අනුව වසර 15 ක් ඇතුළතදි මෙම ආයෝජනය සියයට 15 දක්වා අඩු කිරිමට පියවර ගැනීමට නියමිත බවද වාර්තා වේ.
මේ යටතේ මුලින්ම පුද්ගලික කොටස් (Private Placement) නිකුතුවක් සිදු කිරිමට නියමිත අතර මේ අනුව කොටසක් රුපියල් 15.30 බැගින් ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් මිලියන 742.1 මෙහිදී එකඟ වී තිබේ.
මෙයට අමතරව වසර 06 ක කල් පිරිමේ පදනමකින් රුපියල් 16 ක නිර්දේශිත මිලකට කොටස් බලපත්‍ර මිලියන 218.2 ක් ද නිකුත් කිරිමට නියමිතය. මෙහිදී, කොටස් බලපත්‍රයක් විකුණන්නේ ශත 0.30 ක මුදලකටයි.
මුලින් මෙම පුද්ගලික කොටස් (Private Placement) නිකුතුව මගින් බැංකුවේ සියයට 68 ක ප්‍රමාණයක්ද පසුව එන අනිවාර්ය අර්පණය මගින් තවත් සියයට 02 ක්ද කොටස් බලපත්‍ර කල් පිරිම මත තවත් සියයට 05 ක්ද වශයෙන් මෙසේ සියයට 75 ක බැංකු හිමිකම අත්පත් කර ගැනිමට කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් කටයුතු කරන බවද සදහන්ය.
සෘජුව හා වක්‍රව මෙම සමාගමේ සියයට 100 ක හිමිකම TPG Asia SF Pte.Ltd නම් ඇමෙරිකාණු TPG Capital අනුබද්ධ සමාගම විසින් දරන බවද සදහන්ය.
යුනියන් බැංකුවේ මේ වන විට රුපියල් බිලියන 4.9 ක වත්කම් තිබෙන බව සඳහන්ය.
මෙසේ ලැබෙන මුදල් බැකුවේ පළමු පෙළ ප්රාග්ධනය ශක්තිමත් කිරීමට යෙදවීමට අපේක්ෂා කරන අතර මේ තුළින් මහ බැංකුව පනවා තිබෙන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමට කටයුතු කරන බවද පැවසේ.
අදාල ආයෝජනයන් සමගින් දිවයිනේ වත්කම් අතින් සිවිවන විශාලතම වාණිජ බැංකුව බවට දැනට දිවයින පුරා ශාඛා 51 ක් ඇති යුනියන් බැංකුව පත් වන බව විශ්ලේෂකයෝ කියති.
මේ වන විට යුනියන් බැංකුවේ කොටස් 349,250,000 ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත කර ඇති අතර එයින් සියයට 77.6 ක්ම හිමිකම් ලබා ඇත්තේ බැංකුවේ කොටස් කරුවන් 20 කි.
මෙහි සියයට 18.5 ක හිමිකම මැලේසියාවේ Genting Berhad සමුහයට අයත් Vista Knowledge සමාගම දරණ අතරේ සම්පත් බැංකුවට සියයට 07 කද මෙම TPG Asia VI ගනුදෙනුවේ පුම්රඛතම ක්‍රියාකරු වන සභාපති ඇලෙක්ස් ලොවෙල් සතුව සියයට 6.5 කද හිමිකමක් ඇත.
යුනියන් බැංකුව කලකට ඉහත අර්බුදයට ලක් වු සමයේ සම්පත් බැංකුව විසින් මෙහි මෙම සියයට 07 ක ආයෝජනය සිදු කළ අතර එයට දිගු කාලයක් තිස්සේ ප්‍රතිලාභයක් නොලැබිම නිසා මොවුන් දැඩ් කණස්සලකින් පසුවු බවද සදහන්ය.
source http://www.sinhala.srilankamirror.com/