මේ අනුව, ලංකා බැංකුව සදහා රුපියල් බිලියන 60 කද මහජන බැංකුව සදහා රුපියල් බිලියන 70 කද ජාතික ඉතිරිකිරිමේ බැංකුව සදහා රුපියල් බිලියන 50 කද සහ ප්‍රාදේශිය සංවර්ධන බැංකු සදහා රුපියල් බිලියන 20 ක්ද වශයෙන් මේ වසරේ දෙසැම්බර් 31 දා ට පෙර රන් ණය ඉලක්කයක් අදාල බැංකු වෙත මුදල් අමාත්‍යාංශයේ පසුගියදා පැවති රාජ්‍ය බැංකු නිළධාරින්ගේ විශේෂ රැස්විමකදි ලබා දි ඇතැයි දැන ගන්නට ඇත.
මෙය දැරිය නොහැකි ඉලක්කයක් බව පවසන රාජ්‍ය බැංකු බලධාරින් ජාතික ඉතිරිකිරිමේ බැංකුව 2006 වසරේ මුල් වරට රන් ණය ලබා දිම ආරම්භ කළ වසරේ සිට මේ දක්වා ඇති මුළු රන් ණය වටිනාකම පමණක් රුපියල් බිලියන 50 කට අඩු බවද මෙම වාර්තා කියයි.
මහජන බැංකුවේ රුපියල් බිලියන 250 ක පමණ රන් ණය පරිමාවක් මේ වන විට ඇති බවද වාර්තා වේ.
පුද්ගලික අංශයේ ණය ඉල්ලුම බිද වැට් ඇති පසුබිමක ඒ සදහා හේතු දක්වන ආර්ථීක අංශ පවසන්නේ විනිමය පාලන නීති රීති ලිහිල් කිරිමේ පදනම තුළ බොහෝ ආයතන විදේශයෙන් අඩු පිරිවැයක් යටතේ අරමුදල් රැස් කිරිමට පියවර ගෙන ඇති බවයි.
මේ අනුව ආයෝජන මණ්ඩල වරප්‍රසාද යටතේ පිහිටවු සමාගම් හා එසේ නොවු සමාගම් පසුගිය වසරක පමණ කාලයක් තුල රුපියල් බිලියනයක පමණ අරමුදල් විදේශයෙන් රැස් කර තිබු බව මහ බැංකු ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු කීය.
විනිමය අනුපාතයේ ස්ථාවර බවත් ලක් ආර්ථීකය කෙරෙහි වු විශ්වාශණියත්වයත් මෙම විදේශ අරමුදල් රටට ගලා ඒමට හේතුවක් වි ඇති බව ඔහු කියයි.
මෙසේ ලැබෙන අරමුදල් වලින් ඇතැම් ඒවා විදේශ ප්‍රේෂණ විෂයෙහි ගිණුම් ගතවන බවද මහ බැංකු අදහසයි.
ණය ඉල්ලුම අඩුවිම කෙරෙහි තවදුරටත් පොලි අනුපාත අඩු වේවි යැයි යන අපේක්ෂා බලපාන්න පුළුවන් යැයිද මෙම නිළධාරිවරයා කීය.
රන් ණය හැර අනිකුත් ණය විෂයෙහි සියයට 14 ක ණය වර්ධනයක් ඇති බවද හෙතෙම කීය.මෙම ණය වර්ධනයෙහි රජයට දුන් ණය ඇතුළත්ද යන්න පැහැදිලි නැත.
මේ හැරෙන්නට රන් මිළ පහළ යාමි හමුවේ ලබා දෙන රන් ණය මුදල පහළ යාමද මෙම ණය වර්ධනය පසුගාම් විමට බලපා ඇති බවද සදහන්ය.
පසුගිය 2012/13 වසරේ සියයට 35 ක් පමණ වු පුද්ගලික අංශය සදහා වු වාණිජ බැංකු ණය ඉල්ලුම පසුගිය ජුනි මාසය වන විට සියයට 02 ක පමණ මට්ටමකට වසර 2010 පසු පහලම අඩියට වැටුණු අතර මෙය ආර්ථීකය පිළිබඳව විශ්වාශණියත්වයට එල්ලවු මරු පහරක් සංකේතවත් කිරිමක් බව ඇතැම් දෙනා චෝදනා කළහ.මෙම ණය වර්ධනය පහළ යාම සිදු වුයේ සියයට 07 කට වැඩ්යෙන් ආර්ථීකය මෑත කාලයේ වර්ධනය වු පසුබිමකය.මේ අනුව මෙම තත්ත්වය ණයෙන් තොර වර්ධනයක් බව ආර්ථීක විද්වතුන් කියයි.
නිවාස ණය අනුපාත සියයට 12 ක මට්ටමට පහත වැට් ඇති පසුබිමකද එම ණය ඉල්ලුමද පහත වැට් ඇති බව සදහන්ය.
ඉදිරි වසරක වසර 1 1/2 ක පමණ කාලය තුළ ණය අනුපාත ස්ථාවර වි සුළු හා මධ්‍යම පරිමාණ අංශ ප්රමුඛව සැලකිව යුතු ණය ප්රසාරණයක් සිදු විය හැකි බව නිරක්ෂක මතයයි.මහ පරිමාණ ව්‍යාපාරික අංශද පසුගිය කාලෙය් ලයිස්තුගත ණය කර මගින් ස්වකිය අරමුදල් අවශ්‍යතා තර කර ගත්හ.
මේ අතරේ පසුගිය මස මුදල් මණ්ඩල හමුවේදි තීරණය කර තිබුනේ වාණිජ බැංකු විසින් මහ බැංකුවේ තැන්පත් කරන අතිරික්ත ද්‍රවශීලතාවය (Excess Liquidity) වෙනුවෙන් ගෙවන පොලී අනුපාතය නැවත දැනුම් දෙනතුරු අඩුකරන බවයි.
මේ වන විට අඩු වන පොලි අනුපාත පසුබිමක ණය ප්රසාරණයන්ද සිමා වි ඇති තත්ත්වයක් මත වාණිජ බැංකු බහුල වශයෙන් ස්වකිය අතිරික්ත තැන්පතු මහ බැංකුවේ තැන්පත් කර සියයට 6.5 ක පමණ පොළියක් ලබා ගන්නා අතර මෙම තත්ත්වය අවම කිරිම මෙම තීරණයට බලපා ඇත.
http://www.randora.lk/