ඔහුට සම්බන්ධතාවයක් ඇති HWIC Asia Fund සතුවද මේ වන විට සියයට 9.47 ක හිමිකමක් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇති අතර සිකුරාදා ඔහුට අයත් පාර්ශ්වය නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මිලදි ගත්තේ එහි හුවමාරු වු කොටස් මිලියන 22.8 ක හිමිකමෙන් කොටස් මිලියන 12.7 ක ප්රමානයකි.සෙසු කොටස් මිලදි ගත්
දේශීය පාර්ශව තවම හෙළි දරවි වි නැත.
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කලකට පසු කොටස් වෙළෙඳ පොළ පුවත් මැව්ම ආරම්භ කරමින් සිකුරාදා එහි කොටස් මිලියන 22.8 ක් කොටසක් රුපියල් 95 බැගින් ගිවිසගත ගනු-දෙනු 04 ක් මගින් හුවමාරු වෙනු දක්නට විය.
මෙහිදි 2011 වසරේ රුපියල් බිලියන 1.3 කට ඉන්ද්‍රා ට්‍රේඩර්ස් හිමිකාර ඉන්දා සිල්වා වෙතින් මිලදි ගත් මෙම කොටස් පංගුව මේ අනුව අද රුපියල් බිලියන 2.1 කට විකුණා ඇත්තේ රුපියල් මිලියන 800 ක ප්‍රාග්ධන ලාභයක්ද සමගිනි.
මේ වන විට නේෂන්ස් ට්‍රස්ට් හි කොටස් මිල ඉතිහාසයේ ඉහළම මිළ ගණන් වලට මිල නියම වි ඇති අතරේ මෙය මෙවැනි මහ පරිමාණ ගනු-දෙනු සිදු කිරිමට හොදම කාලය බව විශ්ලේෂකයෝ කියති.
මේ ගනු-දෙනුවත් සමගින් අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 3.6 ඉක්මවා ගිය අතරේ ජෝන් කීල්ස් හා පීපල්ස් ලීසිං මෙන්ම ඩයලෝග්ද පෙරළි කරනු දක්නට විය.
ජෝන් කීල්ස් සමුහයේ රක්ෂණ වෙළෙඳ අංශය වන යුනියන් ඇෂුවරන්ස් (UNION ASSURANCE PLC,-(UAL.N0000) හි සාමාන්‍ය රක්ෂණ අංශයේ සියයට 78 ක හිමිකම Fairfax Asia Limited (Fairfax Asia) නම් Prem Watsa නායකත්වය දෙන මෙම කැනේඩියානු සමාගම විසින් අත්පත් කර ගන්නා බවද පසුගියදා නිවේදනය විය. BlackBerry Ltd හි විශාලතම තනි කොටස් කරුවා වි සිටියේද Fairfax Financial Holdings ය.