මෙම වැඩසටහනෙහි සම්පූර්ණ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 906 ක් වන අතර, ඉන් ඇ.ඩො. මිලියන 800 ක් ආසියානු සංවර්ධන බැංකුව විසින් අදියර 6 ක් යටතේ ලබාදීමට එකඟතාවය පළකර ඇත. මෙම වයාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ මුළු ආයෝජනය ඇ. ඩො. මිලියන 106 කි. දකුණු පළාත, සබරගමු පළාත හා බස්නාහිර පළාත, මධ්‍යම පළාත, උතුරු මැද පළාත හා වයඹ පළාත යන පළාත්වල ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 5 ක් ඔස්සේ ජාතික මාර්ග, පළාත් මාර්ග, ප්‍රාදේශීය සභා මාර්ග ඇතුළුව ග්‍රාමීය ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරීම සමස්ත වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.
මෙහි පළමු අදියර සහ දෙවන අදියර සඳහා ඇමරිකානු ඩො. මිලියන 207 ක මූල්‍ය ප්‍රතිපාදන ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදුන් අතර, පළමු අදියර යටතේ දකුණු පළාත තුළ ග්‍රාමීය මාර්ග කි. මී. 560 ක් සහ ජාතික මාර්ග කි. මී. 130 ක් වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීමට අපේක්ෂිතය.
උසස් අධාපන හා මහාමාර්ග අමත්යාංයාශයේ අධීක්ෂණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වශයෙන් කටයුතු කරන අතර සමස්ත වැඩසටහන 2024 මාර්තු 30 දිනෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහනෙහි තෙවන අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් සැපයීමට අදාළ මූල්‍ය ගිවිසුම් සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත ශ්‍රී විදොaවතී මහත්මිය ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබනු ලැබීය.