මේ කාරණය ගැන කළකිරීමට පත් හොම්මා මහතා තමන් සේලාන් බැංකුවේ තැන්පත් කර ඇති රුපියල් මිලියන් 3500 ක් හෙවත් බිලියන් 3.5 ක් පමණ ඉවත් කරගෙන යාමට කටයුතු කරන බව පලවේ. තම මුදල් ඉවත් කර ගන්නා ලෙසත් ලංකාවේ ඉදිරි සියලු ආයෝජන නොකරණ ලෙස ඔහුගේ මූල්‍ය උපදේශකයන් උපදෙස් දී ඇතැයි කියවේ.
මේ හදිසි මුදල් ඉවත්කර ගැනීම සේලාන් බැංකුවට දරන්න බැරි බවත් ඒ නිසා බැංකුවෙ ස්ථාවරත්වය අඩාල වී අවදානම් තත්ත්වයට අා හැකි බවත් අපේ පුවත් පත් හා වෙබ් අඩවි වල ප්‍රචාරය වේ.
මෙසේ බිලියන් ගානක් හදිසියේ ඉවත් කර ගැනීම ඕනෑම බැංකුවකට තිගැස්මක් ගෙන එන බව ඇත්තකි..
නමුත් සේලාන් බැංකුවේ ඇති තැන්පතු ප්‍රමාණය ගැන සැලකීමේ දී මෙය දරා ගන්න බැරි දෙයක් යැයි කීම අතිශයෝක්තියකි .
සේලාන් බැංකුවේ අදට තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන් 250 කි.
ඉන් 3.5 ක් ඉවත් වීම දරන්න බැරි දෙයක් නොවන බවත් බැංකුවක් කඩාගෙන වැටෙන්න තරම් ළඟින් වත් යන කාරණයක් නොවන බවත් අමුතුවෙන් කිව යුතු නොවේ.
ඒ නිසා සේලාන් කොටස් හිමියන් කළ බල විය යුතු නොවේ.
මෙම පුවත මේ තරම් අතිශයෝක්තියෙන් ගෙන එන්නේ අගමැති වරයා විසින් කරන ලද තවත් එක් අමනෝඥ ක්‍රියාවක බරපතල කම වැඩි කර දැක්වීමට විය හැක.
මෙයින් සේලාන් බැංකුවට තදබල හානියක් නැති නමුත් මෙම පුවත නිසා විදෙස් ආයෝජකයන් අකර්මන්‍ය වීම නම් සිදු විය හැක.
ඇත්ත වශයෙන්ම හානිය සිදුවන්නේ සේලාන් බැංකුවට නොව වැඩිම මිලකට සිය ආයෝජනය විකුණාගත නොහැකි වූ ලංකා බැංකුවට හා ආයෝජකයන් ගේ සැකය වර්ධනය වීම නිසා සමස්ථ කොටස් වෙළෙඳ පොලටය.
disclosure : I have no seylan or any other bank shares at the moment