මෙම ප්‍රඥප්තීන් ජාත්‍යන්තර මානව හිමිකම්, කම්කරු හිමිකම්, පාරිසරික ප්‍රමිතීන් සහ යහ පාලනය හා සම්බන්ධය. ජීඑස්පී ප්ලස් සහනයේ ප්‍රතිලාභ ලබාගැනීමට නම් ප්‍රඥප්තීන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජය විසින් ඉදිරි පියවරයන් ගත යුතු අතර මේවා ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමට සහ අඩුපාඩු විසඳා ගැනීම සම්බන්ධයෙන් රජය යුරෝපා සංගමය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය.
පොදුවේ ගත්විට, ගැටුම් වලට හේතුවූ සහ සියළුම ශී‍්‍ර ලාංකිකයින්ගේ ජීවිත වලට සහ ජීවන තත්වයන්ට ඍණාත්මක ලෙස බලපෑ ඓතිහාසික සහ දිගු කාලයක් තිස්සේ පැවත එන ගැටළු විසඳීම සඳහා රජය ගෙනඇති නායකත්වය සඳහා යුරෝපා සංගමය සහයෝගය දක්වයි. නිදසුනක් ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේදී ශී‍්‍ර ලංකාව සම-අනුග‍්‍රහය දැක්වූ යෝජනාව මෙයට ඇතුලත් වෙයි. රජයේ ජාතික සංහිඳියා වැඩසටහන සහ යහපාලන ඉලක්කයන් සඳහා ධනාත්මක දායකත්වය දක්වමින් අපගේ සහයෝගය සහ බැඳීම සකස්කිරීම සඳහා යුරෝපා සංගමය රජය සහ සිවිල් සංවිධාන සමග කටයුතු කරයි.
පසුබිම
ශී‍්‍ර ලංකාවේ ගෝලීය අපනයනයන්ගෙන් තුනෙන් එකක් සිදුකරන යුරෝපා සංගමය ශී‍්‍ර ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොල වේ. 2015දී සමස්ත ද්වීපාර්ශවීය වෙළඳාම යුරෝ බිලියන 4.7ක් විය. යුරෝපා සංගමයේ තිරසාර සංවර්ධනය සහ යහ පාලනය සඳහා විශේෂ දිරිමත් කිරීමේ සැකසුම, ජීඑස්පී ප්ලස්, යනු සංවර්ධනය වන රටවල් සඳහා අනුග‍්‍රහය දැක්වීමේ යුරෝපා සංගමයේ ඒකපාර්ශවීය තීරුබදු සහනයයි. නිදසුනක් ලෙස රෙදිපිලි සහ මත්ස්‍ය නිෂ්පාදන ඇතුලත්වන 66%ක් පමණ වන තීරුබදු අංශ ඇතුලත්වන පුළුල් නිෂ්පාදන පෙලක් සඳහා තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කරමින් සංවර්ධනය වන රටවලට උපකාර කිරිම සඳහා ජීඑස්පී ප්ලස්, යෝජනාක‍්‍රමය සැලසුම් කර ඇත. ජීඑස්පී ප්ලස්, ලබාදීම සඳහා පැහැදිලි සහ දැඩි රෙගුලාසි සාධාරිත අභිමත යෝජනාක‍්‍රමයට ඇතුලත් කර ඇත. පළමුව ඉල්ලූම්කරු ආර්ථික උපමානයන් සපුරාලිය යුතුය. එනම්, විවිධාංගීකරණය නොවූ ආර්ථිකයක් සහිත ආර්ථික සථිවරයකට පත් නොවූ සංවර්ධනය වන රටක් සහ යුරෝපා සංගමයට සිදුකරන අපනයනයන් අඩු මට්ටමක පවතින රටක් විය යුතුය. දෙවනුව ජීඑස්පී ප්ලස්, සඳහා අවශ්‍යතාවයක් වන ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් 27 කි‍්‍රයාත්මක කළ යුතුය. ඉල්ලූම් කරන රට, මෙම ප‍්‍රඥප්තීන් මගින් තහනම් කර ඇති විශේෂ කොන්දේසි සකස් නොකළ යුතු අතර නියාමන ආයතයනයන් විසින් මෑතකදී සිදුකරන ලද නියාමනයන්වලදී මෙම ප‍්‍රඥප්තීන් කි‍්‍රයාත්මක කිරීමේ බරපතල අසමත්වීම් නිරීක්‍ෂණය නොකළ යුතුය. නව ජීඑස්පී රෙගුලාසි මගින් ජීඑස්පී ප්ලස් ප‍්‍රතිලාභීන්ගේ පොරොන්දු සහ බැඳීම් අඛන්ඩව නියාමනය කිරීමට අවකාශ සලසා ඇත. කිසියම් රටකට ජීඑස්පී ප්ලස් සහනය ලබාදුන් පසු එය සිය කැපවීම් වලට අනුකූල වන බව එනම්, ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් සනාථ කර ඒවා නිසිලෙස පවත්වාගෙන යනබවත ඒවා ඵලදායීයව කි‍්‍රයාත්මක කරන බවත වාර්තා කිරීමේ අවශ්‍යතා සපුරා ඇතිබවත ප‍්‍රඥප්තීන්ට අනුකූලව ක‍්‍රමානුකූල නියාමනයන්ට එකඟ වීමත සහ, යුරෝපා සංගමය සමග සහයෝගයෙන් කටයුතු කරමින් අවශ්‍ය සිය`ථම තොරතුරු ලබාදීම පිළිබඳව යුරෝපා සංගමය අඛන්ඩව නියාමනය කළ යුතු වන්නේය.
වර්තමානයේ ජීඑස්පී ප්ලස් ප‍්‍රතිලාභීන් 8ක් සිටී: ඒවානම්, ආමේනියාව, බොලීවියාව,කේප් වර්ඩේ, කිර්ගිස්ථානය, මොන්ගෝලියාව, පකිස්ථානය, පෙරුගුවේ සහ පිලිපීනය එම රටවල් ය.
මේ සඳහා අදාළ වන ප්‍රඥප්තීන් 27 මෙසේය.
1. International Covenant on Civil and Political Rights
2. International Covenant on Economic Social and Cultural Rights
3. International Convention on the Elimination of All Forms of Racial Discrimination
4. Convention on the Elimination of All Forms of Discrimination Against Women
5. Convention Against Torture and other Cruel, Inhuman or Degrading Treatment or Punishment
6. Convention on the Rights of the Child
7. Convention on the Prevention and Punishment of the Crime of Genocide
8. Minimum Age for Admission to Employment (N° 138)
9. Prohibition and Immediate Action for the Elimination of the Worst Forms of Child Labour (N° 182)
10. Abolition of Forced Labour Convention (N° 105)
11. Forced Compulsory Labour Convention (N° 29)
12. Equal Remuneration of Men and Women Workers for Work of Equal Value Convention (N° 100)
13. Discrimination in Respect of Employ ment and Occupation Convention (N° 111)
14. Freedom of Association and Protection of the Right to Organise Convention (N° 87)
15. Application of the Principles of the Right to Organise and to Bargain Collectively. Convention (N° 98)
16. International Convention on the Suppression and Punishment of the Crime of Apartheid
17. Montreal Protocol on Substances that deplete the Ozone Layer
18. Basel Convention on the Control of Transboundary Movements of Hazardous Wastes and Their Disposal
19. Stockholm Convention on persistent Organic Pollutants
20. Convention on International Trade in Endangered Species
21. Convention on Biological Diversity
22. Cartagena Protocol on Biosafety
23. Kyoto Protocol to the UN Framework Convention on Climate Change
24. UN Single Convention on Narcotic Drugs (1961)
25. UN Convention on Psychotropic Substances (1971)
26. UN Convention against Illicit Traffic in Narcotic Drugs and Psychotropic Substances (1988)
27. Mexico UN Convention Against Corruption