ජීවිත රක්ෂණ සමාගම් අත්පත් කරගැනීමේ කතාබහක් යනබවට
කටකතා තවමත්
AAIC කොටසක් රුපියල් 12 බැගින් අත්පත් කරගත් කොටස් 51% ඇති SCAP වෙත විශාල මූල්‍ය ලාභයක් හිමිවෙන බවට කටකතා
AAIC රක්ෂණ සමාගම ASIAN ALLIANCE කියල තිබුනේ RICH සමාගම් වලට මට මතක විදිහට ..ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහත්මයා ගත්තා කොටසක් රුපියල් 48 ගානේ වගේ ඔහුගෙන් තමයි අශෝක පතිරගේ මහත්මයා ගත්තේ රුපියල් 120 බැගින් මගේ මතකය නිවැරදි නම් පසුව AAIC සොෆොට් ලොජික් ජීවිත රක්ෂණ සමාගම වුනා
අශෝක පතිරගේ මහත්මයා ගේ සාර්තක ව්‍යාපාරයක් වුන ඔහුගේ බොහෝ ව්‍යාපාර වලට වඩා ...කොටස් රුපියල් 300 වඩා මිල ඉහලත් ගියා ඊට පසුව කොටසක් X 10 ව්භේදනය කරා ඒ කියන්නේ 120 ගත්තු කොටසක් කොටස් 10 බවට පත් වුනා ..
එතකොට කොටසක් අශෝක පතිරගේ මහත්මයාගේ SCAP එකට වෙන්නේ රුපියල් 12 .00 කටකතා යනවා AIA ජාත්‍යන්තර සමාගමෙන් AAIC එක මිලට ගන්න යනව කියල කොටසක් රුපියල් 148 කියනව සමහරු කියනව 172 කියල සමහරු කියනව 224 කියල
සමහරු කියනව ඉන්දියානු ධන කුවේරයා අදානි මහත්මය මේ ජීවිත රක්ෂණ සමාගම ගන්න යනවා කියල රක්ෂණ ක්ශේත්‍ර යේ ලන්කාවේ ව්‍යාපාරයක් ඔහු ගනීවී කියන එක ටිකක් පිළිගන්න අමාරු කටකතාවක්
නමුත් AIA සමාගම ගන්න යනව කියන එකට යම් පදනම් තියනවා
AIA ආසියාවේ ප්‍රමුඛත්වය දරණ පොහොසත් ජාත්‍යන්තර ව්‍යාපාරයක්
ඔවුන් ආසියාවේ ම එක වුනාට ලන්කාවේ තුන්වන ස්ථානයේ ඉන්නේ
ජීවිත රක්ෂණ සමාගම් වල මේ ස්ථානය වෙළද ප්රචාරණයේ ලොකු මෙවලමක් අන්ක එක වීමේ මූල්‍ය හසුරුවීම් වගේම ප්රචාරක සහ සැලසුම් වාසි වැඩී
මේ නිසා AIA එකට AAIC සහ ජනශක්ති ජීවිත රක්ෂණ සමාගම් දෙක ගත්තොත් අන්ක එකේ ඉන්න සෙලින්කෝ ජිවිත රක්ෂණ සමාගමට හොද තරගයක් දෙන්න ස්තිරවම හැකි වෙනවා ..
ඒ එක්කම ඩොලරය රුපියල් 360 වුනු මේ කාලෙ මිලියට ගන්නකොට ජාත්‍යන්තර සමාගමක් වුනු AIA සමාගම් සමූහයට එන විනිමය හුවමාරු වාසිය ද එනවා
ඔවුන්ට වැය වෙන්නෙ ඩොලර ශත 60 -70 වගෙ මිලක් කොටසකට රුපියල් 175 බැගින් කොටසක් ගත්තත් ..
අනෙක් අතට
AAIC එකේ අයිතිකරුවන් ගේ අනෙක් සමාගම් සියල්ල එතරම් සාර්තක නෑ වර්තමානයේ තියන ආර්තික අරගලය එක්ක
අශෝක පතිරගේ මහත්මයා ට වුනත් AAIC එක විකුණලා එන දැවැන්ත අරමුදල් වලින් ඔහුගේ අනෙක් ව්‍යාපාර යලි නගාලිය හැකිවෙන්න පුලුවන් ..
කොටසක් රුපියල් 12 වුනු අශොක් පතිරගේ මහත්මයා ගෙ SCAP සමාගමට මේ කටකතා අනුව කියන ව්‍යාපාර අත්පත් කරගනීම් වුනොත් රුපියල් 12 ක කොටස වෙනුවට ඉහල මිලක් ලබෙන්න යනවා ..අශෝක පතිරගේ මහත්මයා ඒ ලබෙන බව කියන මුදල් සමග ඔහුගේ අනෙක් සමාගම් වල කරන්න යන ආයෝජන සහ ව්‍යාපාර නගා සිටවුම් ඒ ඒ සමාගම් වල කොටස් හිමි කුඩා අයෝජකයන්ට ත් වාසිදායක වගේම වදගත් වෙන්න පුලුවන්
ආසිරි රෝහල්
සොෆ්ට් ලොජික් මුල්‍ය සමාගම
සොෆ්ට් ලොජික් හෝල්ඩින්ගිස්
ඔඩෙල්
මෙම ලැයිස්තුගත සමාගම් එක්ක අනුබද්ධිත ව්‍යාපාර රැසක් අශොක් පතිරගේ මහත්මයා සතුයි ..
සොයාබලා ආයොජන කිරිම් වැදගත් වගේම
කටකතා එක්ක ඒවා සත්‍ය වන තුරුම අපට පරිස්සමින් කරන්න ටේඩින්ග් අවස්තා රැසක්
AAIC සහ SCAP කොටස් දෙක එක්කම ලබෙන බවට එම කොටස් දෙකෙ මේ පහුගිය දින කිහිපයේ ම ගනුදෙනු වුනු කොටස් විශාලස ප්‍රමාණය සාක්ශි සපයන වා ..කල්පනාවෙන් අවස්තාවෙන් ප්‍රයෝජන ගමු