මේ අතර ශ් රී ලංකා මහ බැංකුව පවසන්නේ ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්, බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ් රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, යූ බී ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ්, රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී යන බලපත් රලාභී මුදල් සමාගම් 8 මේ දක්වා සිය අවම ප් රාග්ධන ප් රමාණාත්මකතා අවශ් යතා සපුරා නොමැති බවයි.
එසේම එම විධානයන්ට අනුකූල වීම සඳහා කාල දිගුවක් ලබා දී ඇති බව ශ් රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටිනවා.
එසේම තවත් බලපත් රලාභී මුදල් සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී, සිය අවම ප් රාග්ධන ප් රමාණාත්මකතා අවශ් යතා සපුරා නොමැති බවත්, ආයතනය විසින් මේ දක්වා ප් රාග්ධනය වර්ධනය කිරීමේ පිළිගතහැකි සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බවත් ශ් රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.
මෙම නිවේදනයෙහි අවම ප් රාග්ධන ප් රමාණාත්මකතා අවශ් යතාවයට අනුකූල නොවන බලපත් රලාභී මුදල් සමාගම්වල නාමයන් සඳහන් කර ඇත්තේ එය තැන්පතුකරුවන්ට සැලකිය යුතු අවදානමක් ඇති කරන නිසා බව ශ් රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටිනවා.
අදාළ නිවේදනය පහතින් දැක්වේ
[url=121616655_184115329886059_6320736083233885795_o]121616655_184115329886059_6320736083233885795_o[/url]