2011 වසරේ ඇස්තමේන්තුගත දේශීය ඉතුරුම් ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1,007ක් දක්වා සියයට 6.8කින් පහළ වැටී ඇත.
අපනයන ආදායම් වැඩි වෙනවාට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් වැඩිවීම දේශීය ඉතුරුම් පහළ වැටීමට බලපා ඇත. 2011 වසරේ අපනයනය ආදායම ඩොලර් මිලියන 10,487ක් දක්වා ඉහළ යන විට ආනයන වියදම ඩොලර් මිලියන 20,230ක් දක්වා සියයට 50.4කින් ඉහළ ගොස් තිබේ.
2010 වසරේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 4,825ක්වූ වෙළෙඳ හිඟය 2011 වසරේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 9,710ක් දක්වා සියයට 101.2කින් වර්ධනයවී ඇත. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සැලකූවිට එය 2010 වසරේදී සියයට 9.7 සිට 2011 වසරේදී සියයට 16.4ක් තරම් විශාල ප්‍රමාණයක් වෙළෙඳ හිඟය පුළුල්වී තිබේ.
ඕනෑම රටක ජාතික ඉතුරුම් අනුපාතය පහළ වැටෙන විට එම රටේ ආයෝජනය පහළ වැටෙන බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන කාරණයකි. ඉතුරුම් පහළ වැටීම කරනකොටගෙන ආයෝජනය, නිෂ්පාදනය හා සේවා නියුක්තිය පහළ වැටීමෙන් ආර්ථික වර්ධන වේගය පහළ වැටීමේ අවදානමක් මෝදුවිය හැකිය.2011 වසරේදී මෙරට ආර්ථිකය සියයට 8.3කින් වර්ධනය වුවද 2012 වර්ෂයේදී එය 7.3ක් දක්වා පහළ වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවට පුරෝකථනය කොට ඇත.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=3295:ttehdw&catid=37:getaways&Itemid=396