FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by D.G.Dayaratne Today at 7:28 am

» hSenid Business Solutions(HBS)
by K.R Fri May 17, 2024 9:08 am

» CBSL Pension Fund vs EPF
by God Father Thu May 16, 2024 9:13 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Wed May 15, 2024 1:58 pm

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

ෆොන්සේකා ඇප මත නිදහස් කිරීමට නියෝගයක්

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළු සේවයේ යොදවාගත් බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු යුද හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

සරත් ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම අද(18) කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හමුවේ කැඳවනු ලැබීය.

විත්තිකාර සරත් ෆොන්සේකා මහතාට එරෙහිව එල්ල කර ඇති චෝදනා සියල්ල දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගොනුකර ඇති බව එහිදී ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේය.

එබැවින් ඒ සඳහා ඇප ලබාදීමට බාධාවක් නොමැති බව නීතිඥවරයා කියා සිටියේය.

එමෙන්ම ෆොන්සේකා මහතා නිදහස් කිරීමට ජනාධිපතිවරයා දැනටමත් තීන්දු කොට ඊයේ(17) ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බව ද නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුව සඳහා ෆොන්සේකා මහතා තවදුරටත් රිමාන්ඩ් භාරයේ පසුවීම පදනම් විරහිත බව කියා සිටියේය.

ෆොන්සේකා මහතාගේ ඇප ඉල්ලීමට තමන් විරුද්ධ නොමැති බව මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ පුද්ගලික ඇප 02 ක් මත මුදාහැරීමට අධිකරණය තීන්දු කර තිබේ.

ඔහුගේ විදේශගතවීම තහනම් කළ අධිකරණය විදේශගතවීමට අවශ්‍ය නම් අධිකරණයේ අවසරය ලබාගෙන එය ඉටුකළ හැකි බව සඳහන් කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළු සේවයේ යොදවාගත් බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු යුද හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් කොළඹ මහාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

තමා මෙම නඩුවට අදාළව වසරකට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බවත්, එම නඩුවේ දෙවන විත්තිකාර සේනක ද සිල්වා මේ වන විට අධිකරණය මගින් ඇප මත නිදහස් කර ඇති බවත් ෆොන්සේකා මහතා අදාළ පෙත්සමෙන් අධිකරණයට පෙන්වාදෙනු ලැබීය.

මෙම කරුණු සැලකිල්ලට ගෙන තමන් ඇප මත නිදහස් කරන මෙන් ෆොන්සේකා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

http://sinhala.adaderana.lk/news.php?nid=24344

පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ ප්‍රවෘත්තිවලට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ෆොන්සේකා ඇප මත නිදහස් කිරීමට නියෝගයක් Sarath_fonseka

බන්ධනාගාරගතව සිටින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා හෙට(19) දිනට යෙදී තිබෙන විජයග්‍රහණ දින සැමරුමේ දී නිදහස ලබනු ඇති බවට විවිධ වාර්තා පළවුව ද ඔහු ස්ථිර වශයෙන්ම නිදහස ලබන්නේ මෙම ඉරිදා(20) දිනයේ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළු සේවයේ යොදවාගත් බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු යුද හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා ඇප මත මුදාහැරීමට ද අද(18) කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව සරත් ෆොන්සේකා මහතා රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ පුද්ගලික ඇප 02 ක් මත මුදාහැරීමට අධිකරණය තීන්දු කරනු ලැබීය.

ඔහුගේ විදේශගතවීම තහනම් කළ අධිකරණය විදේශගතවීමට අවශ්‍ය නම් අධිකරණයේ අවසරය ලබාගෙන එය ඉටුකළ හැකි බව සඳහන් කර ඇත.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළු සේවයේ යොදවාගත් බවට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු යුද හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් කොළඹ මහාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

සරත් ෆොන්සේකා මහතා 2010 ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස හංසයා ලකුණින් තරග කළේය. එම මැතිවරණ ප්‍රතිඵලයට අනුව මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද සංඛ්‍යාව 5,927,717 ක් හිමිකරගත්තේය. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 57 . 89% කි.

ඡන්ද ප්‍රතිඵලය අනුව සරත් ‍ෆොන්සේකා මහතා‍ ඡන්ද 4,110,176 ක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 40 . 14% ක් වේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 1,817,541 ලබ‍ාගනිමින් 06 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්විය.

ජනාධිපතිවරණයේ දී ලද පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදීගැනීම් හා හමුදාව හැරගිය සෙබළුන් සේවයේ යොදවාගැනීමේ චෝදනා මත 2010 පෙබරවාරි මස 09 වන දින සරත් ෆොන්සේකා මහතා හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

හමුදා භාරයේ සිටියදීම ඔහු 2010 අප්‍රේල් 08 වන දින පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම මැතිවරණයේදී මනාප 98,000 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත්විය. සරත් ෆොන්සේකා මහතා එම මැතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායකයා වශයෙන් ඉදිරිපත් විය.

ඔහුව යුද අධිකරණ වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පැවැත්විණි. යුද හමුදා පනතේ 124 හා 102(1) වගන්ති යටතේ සක්‍රීය හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනයේ නිරත වීම යන කරුණ මුල්කර ගනිමින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව එල්ල වූ චෝදනා තුනක්‌ යටතේ ප්‍රථම යුද අධිකරණ විභාග කටයුතු සිදුවිය. පළමු යුද අධිකරණ තීන්දුව යටතේ සරත් ෆොන්සේකා මහතා සියලු හමුදා නිලතලවලින් පහකරනු ලැබීය.

යුද හමුදා පනතේ අංක 109 (ඊ) යන වගන්ති යටතේ යුද හමුදාවට ප්‍රසම්පාදන මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදු කිරීම යන කරුණු මත එල්ල වූ චෝදනා හතරක්‌ යටතේ ජෙනරාල්වරයාට එරෙහි දෙවන යුද අධිකරණ නඩු විභාගය සිදු කෙරුණු අතර එම අධිකරණය මගින් ඔහුට මාස 30 ක සිර දඬුවමක් නියම කරනු ලැබීය. මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යැවීය. එම සිර දඬුවම පසුගිය අප්‍රේල් මස 26 වන දිනෙන් අවසන් විය.

සරත් ෆොන්සේකා මහතාට එරෙහිව විභාගයට ගැණුනු සුදු කොඩි නඩුවට අදාළ තීන්දුව 2011 නොවැම්බර් 18 දින ප‍්‍රකාශයට පත්කෙරුණු අතර කොළඹ මහාධිකරණය විසින් විත්තිකාර සරත් ෆොන්සේකාට බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවමක්ද රුපියල් 5000 ක දඩයක්ද නියම කරන ලදී. දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.එම්.ටි.බි.වරාවැව සහ ඒ.ඉසෙඩ් රසීන් යන මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව වසරක පමණ කාලයක් විභාග කළේ සරත් ෆොන්සේකා සුදුකොඩි රැගෙන පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වෙඩි තැබූ බවට සන්ඩේ ලීඩර් පුවත්පතට කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙනි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් දෙදෙනෙකු සරත් ෆොන්සේකා වැරදිකරු ලෙස ප්‍රකාශ කළ අතර එක් අයෙක් සරත් ෆොන්සේකා නිවැරදිකරු බව පවසනු ලැබීය. ඒ අනුව 2 ට 1ක් ලෙස සරත් ෆොන්සේකා වැරදිකරු ලෙස තීරණය විය.

2012 මාර්තු 15 දින කොළඹ මහාධිකරණයේදී සරත් ෆොන්සේකා මහතාට එරෙහි හයිකෝප් නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා හයිකොප් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය. යුද හමුදාවට ආම්පන්න මිලදීගැනීමේ දී මූල්‍ය අක්‍රමිකතාවක නිරත වූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරගතව සිටි කාලය තුළ ඔහුගේ බන්ධනාගාරගතවීම පදනම් කරගනිමින් විවිධ දේශපාලන වාසි ලබාගැනීමට ද ඇතැම් පිරිස් කටයුතු කරනු ලැබීය.

කෙසේවෙතත් ඒ මහතා නිදහස් කරගැනීම සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අඛණ්ඩව සාකච්ඡා පැවැත්වීය.

බන්ධනාගාරගතකර සිටින සරත් ෆොන්සේකා මහතාට කඩිනමින් නිදහස ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ බව "ද හින්දු"පුවත්පත මැයි 14 වන දින මුල්වරට නිල වශයෙන් අනාවරණය කරනු ලැබීය.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම කෙරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව තමන් දැන සිටි වග"ද හින්දු"පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ආර්.කේ රාධා ක්‍රිෂ්ණන් මහතා මැයි 15 වන දින අද දෙරණට කියා සිටියේය. ඒ පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් විමසාබැලීමට තමන්ට සිත්වූයේ ඒ නිසා යයිද හෙතෙම කියා සිටියේය.

සරත් ෆොන්සේකා මහතාට කඩිනමින් නිදහස ලබාදෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසු බව"ද හින්දු"පුවත්පත අනාවරණය කිරීමෙන් පසු අද දෙරණ හා එක්වෙමින් රාධා ක්‍රිෂ්ණන් මහතා මේ බව කියා සිටියේය.

පසුගිය 14 වන දින පැවැති "ගෝඨාස් වෝර්"කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ පැවැත්වූ කෙටි පිළිසඳරකදී ජනාධිපතිවරයා තමන් සමග එය පැවසූ බව "ද හින්දු"පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා සහ මෙරට නියෝජිතයා සිහිපත් කළේය.

සරත් ෆොන්සේකා මහතා වෙත නිදහස ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වන බව "අද දෙරණ" පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වැනි දින මුල් වරට අනාවරණය කරන ලදී. එම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස ෆොන්සේකා මහතාව නිදහස් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම සම්බන්ධව මැයි 16 වන දින රාත්‍රියේ ප්‍රජාතාන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා හා අනෝමා ෆොන්සේකා මහත්මිය ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබිණි.

එහිදී ෆොන්සේකා මහතාට කොන්දේසි විරහිතව හැකි ඉක්මනින් නිදහස ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළ බව ද අනෝමා ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම එදින පෙරවරුවේ ද ටිරාන් අලස් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදුවූ අතර එහිදී ෆොන්සේකා නිදහස්කිරීමට අදාළව බොහෝ දේ සාකච්ඡා කෙරුණු බව සඳහන් විය.

සරත් ‍ෆොන්සේකා මහතා නිදහස් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති බව ඊයේ(17) ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක බන්දුල ජයසේකර මහතා පැවසීය.

කෙසේවෙතත් මැයි මස 20 වන දින සරත් ෆොන්සේකා මහතා නිදහස ලබන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අද දෙරණ වෙත තහවුරු කරනු ලැබීය.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum