බැංකු ක්‍රමයේ පවතින අතිරික්ත ද්‍රවශීලතාවය ඉවත් කිරීමේ අරමුණෙන් දින 25 ක ප්‍රති මිලදී ගැනීමේ වෙන්දේසියක් පැවැත්වීමට මහ බැංකුව සූදානම් වන අතර අද දිනයේදී ඩොලරයක මිල රුපියල් 133.40/90 ක මට්ටමක පැවතුණි.
ජූලි 07 වනදා මහ බැංකුව දින 07 ක ප්‍රති මිලදී ගැනීමේ වෙන්දේසියක් පැවැත්වීය.
ලබන සතියේදී ඩොලර් බිලියනයක බැඳුම්කර නිකුතුව දියත් කිරීමට ලංකාව සූදානම් වන අතර මෙයින් අඩක් පමණ කල් පිරෙන විදේශ ණය පියවීමට යෙදීමට සූදානම් වේ.
මේ අතර, විදේශ විනිමය වෙළඳුන් පැවසුවේ රුපියල පිළිබඳව තිබෙන විශ්වාසය මේ වනවිට ධනාත්මක බවයි.
ඒක්ෂණ මුදල් වෙළඳ පොළේ එක්දින පොලී අනුපාතය සියයට 9.40/50 ක මට්ටමක පවතී.
අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ යනු ප්‍රධාන වශයෙන්ම වාණිජ බැංකුවල හදිසි ද්‍රවශීලතා අවශ්‍යතාවයන් හා සංචිත හිඟයන් සපුරාලන එක්දින වෙළෙඳපොළකි. එබැවින් ඒක්ෂණ මුදල් වෙළෙඳපොළේ වැදගත් කාර්යභාරයක් වනුයේ ආර්ථිකය තුල ද්‍රවශීලතා කළමනාකරණයට පහසුකම් සැපයීමයි. එසේ හෙයින් සමස්ත බැංකු ක්‍රමයෙහි ද්‍රවශීලතා අවදානම අවම කිරීමෙහි ලා අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළෙහි ක්‍රමාණුකූල සහ ස්ථායී ක්‍රියාකාරීත්වය වැදගත් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකයන් අනුව සිදුකරන ප්‍රතිමිලදී ගැනීම් ප්‍රතිපාදන හා ප්‍රතිවිකුණුම් පහසුකම් වෙළෙඳපොළ ස්ථායීතාවයට උපාකාරී වේ.
මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතික - ප්‍රතිමිලදී ගැනීම් අනුපාතික හා ප්‍රතිවිකුණුම් අනුපාතික විසින් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ අනුපාත සඳහා පොලී කොරිඩෝවක් තනනු ලබන අතර ප්‍රතිමිලදී අනුපාතිකය එහි පහළ සීමාව වන අතර ප්‍රතිවිකුණුම් අනුපාතිකය එහි ඉහළ සීමාව වේ.
මෙම කොරිඩෝව කෙටි කාලීන පොලී අනුපාතිකයන්හී ඇතිවිය හැකි ඉහළ උච්චාවචනයන් අඩුකරයි. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකවල සිදුකරනු ලබන වෙස් කිරීම් අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ අනුපාතයන් කෙරෙහි ක්ෂණිකව බලපෑම් ඇති කරයි. ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතිකවල වෙනස්වීම් ඉතා කෙටි කාලයක් තුළ භාණ්ඩාගාර බිල්පත් ඵලාදායීතාව, වාණිජ පත්‍ර හා වාණිජ බැංකුවල කෙටිකාලීන ණය පොලී අනුපාතික වැනි වෙනත් කෙටි කාලීන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතික වෙනස්වීමට බලපායි.
මෙම වෙනස්වීම් යම්කිසි කාල සීමාවකට පසු බැංකු ආයතනවල මධ්‍ය කාලීන ණය අනුපාතික, භාණ්ඩාගාර බැඳුම්කරවල ඵලදායීතාවය සහ බැංකු විසින් තැන්පතු සඳහා දෙනු ලබන පොලී අනුපාතික කෙරෙහි බලපායි.
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳව ආර්ථිකයට සංඥා සම්ප්‍රේෂණය කරන පළමු පියවර අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළයි. එමනිසා මහ බැංකුව විසින් අන්තර් බැංකු වෙළෙඳපොළ සුපරික්ෂාකාරීව අධීක්ෂණය කර බැංකු ක්‍රමය තුළ ඇති ද්‍රවශීලතාව දෛනිකව ගණනය කරනු ලැබේ.
දැනට පවත්නා විවට වෙළෙඳපොළ කටයුතු යටතේ අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතයේ ඉහළ උච්චාවචනයන් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරනු ලබන මුදල් ප්‍රමාණයක් සඳහා ප්‍රතිමිලදී ගැනීම් හෝ ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වයි.
වෙළෙඳපොළ අධි ද්‍රවශීලතා හිඟයක් පවතී නම් වෙළෙඳපොළට ද්‍රවශීලතාවය සැපයීම සඳහා ප්‍රතිවිකුණුම් වෙන්දේසියක් පවත්වයි. මූල්‍ය වෙළෙඳපොළ කටයුතු සඳහා මහ බැංකුව මැදිහත්වීමේ ප්‍රමාණය සමස්ත ද්‍රවශීලතා හිඟය හෝ අතිරික්තය මත තීරණය වේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=201243039