ප්‍රියදර්ශන ලියනගේ
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා පැමිණෙන විදෙස් ආයෝජකයන්ට මින්පසු රජයේ ඉඩම් ලබාදෙන්නේ ප්‍රධාන කොන්දේසි අටක් මත යෑයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා "දිවයින" ට පැවසීය.
වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා "මින්පසු රජයේ කිසිම ඉඩමක් විදේශිකයන්ට හෝ විදේශීය සමාගම්වලට විකිණීම සිදු කරන්නේ නැහැ. මින්පසු විදේශිකයන්ට රජයේ ඉඩම් ලබා දෙන්නේ බදු පදනම මත පමණයි. සංචාරක හෝටල් ඉදිකිරීම, නිවාස ඉදිකිරීම වැනි ව්‍යාපෘතිවලට රජයේ ඉඩම් බදු දෙන්නේ වසර 30, වසර 50 සහ වසර 99 යන කාලවලට යටත්ව පමණයි. මෙම බදු කාලය සංවර්ධන ව්‍යාපෘතිවල ස්‌වභාවය අනුව රජය විසින් තීරණය කරනවා. රජයේ ඉඩමක් දේශීය හෝ විදේශීය සමාගමකට බදු දෙන උපරිම බදු කාලය අවුරුදු 99 යි " යනුවෙන් පැවසීය.
රජය එක් සමාගමකට බදු දුන් ඉඩමක් තවත් සමාගමකට අතුරු බදු දීම සිදු කරන්නේ ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්‍ෂණ යටතේ පමණයි. ඒ වගේම සෑම කටයුත්තකදීම රජයේ ඉඩම් ආඥ පනතේ ඇති විධි විධාන සැලකිල්ලට ගැනීමත් මෙම කොන්දේසිවලට අයත් බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
http://www.divaina.com/2012/07/22/news10.html