මෙම සම්මේලනයට Bosch බලශක්‌ති මෙවලම් හා උපාංග, Bosch මෝටර් රථ උපාංග සහ OEM විකුණුම් යන ප්‍රධාන ව්‍යාපාරික ඒකක තුනක් සහභාගී විය. රටපුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් හා බෙදාහරින්නන් 350 කට වැඩි ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වූ අතර ඩීමෝ විසින් ප්‍රවර්ධනය කරනු ලබන ලොව පිළිගත් සෑම වෙළෙඳ නාමයක්‌ම නියෝජනය කරමින් විදේශීය ප්‍රධානීන් දෙදෙනෙක්‌ට වැඩි පිරිසක් එයට එක් විය.
සහභාගි වූ සියලු දෙනාටම ජෙට්‌වින්ග් බ්ලූ, ජෙට්‌වින්ග් බීච් හා ජෙට්‌වින්ග් සී හෝටල්වලින් සුපිරි සත්කාරකත්වයක් ඩීමෝ විසින් නොමිලේ සපයන ලදී. හොඳම අලෙවි නියෝජිතයන්ට හා බෙදාහරින්නන්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමග මේ සඳහා සහභාගී වීමේ අවස්‌ථාව උදා විය. මෙම අවස්‌ථාවට විශේෂ ආරාධිතයන් ලෙස ඇබි ඔන්ග් මහත්මිය (ජ්‍යෙෂ්ඨ කළමනාකාර විකුණුම් - Robert Bosch South East Asia), මලකන්නවාර් බලාෂි මහතා (නිෂ්පාදන කළමනාකාර, Bosch බලශක්‌ති මෙවලම් හා උපාංග - SAARC), එම්. එස්. ආර්. ප්‍රසාද් මහතා (සහකාර සාමාන්‍යාධිකාරී, SBP - ඉන්දියාව), පිලිප් ට්‌වීඩි මහතා (කලාප අධ්‍යක්‍ෂ - ආසියාව, WD-40 සමාගම - මලයාසියාව), මොබර්ට් ලෝ මහතා (වැඩසටහන් කළමනාකාර, විකුණුම් හා අලෙවි Blaupunkt - මලයාසියාව) හා විශ්වනාත් කමත් මහතා කලාප කළමනාකාර - විකුණුම් හා සේවා Bosch මෝටර් රථ, ඉන්දියාව) සහභාගී වූ අතර ඩීමෝ නියෝජනය කරමින රංජිත් පණ්‌ඩිතගේ මහතා (සභාපති - ඩීමෝ) හා එම මහත්මිය, ගහනාත් පණ්‌ඩිතගේ මහතා (ප්‍රධාන විධායක නිලධාරි - ඩීමෝ), චන්න වීරවර්ධන මහතා (අධ්‍යක්‍ෂ - ඩීමෝ), සුරේෂ් ගුණරත්න මහතා (අධ්‍යක්‍ෂ - ඩීමෝ), සරත් අල්ගම මහතා (අධ්‍යක්‍ෂ - ඩීමෝ) හා ජාමින්ද මෙන්ඩිස් මහතා (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - බලශක්‌ති මෙවලම්, මෝටර් රථ උපාංග හා OEM) සහභාගී විය.
http://www.divaina.com/2012/07/29/economic07.html