Sri Lanka bank credit eases in June: data
රජයේ නිළ දත්ත වලට අනුව මෙරට බැංකු අංශයෙන් ජුනි මාසයේදී ලබාදුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 13.5 ක් දක්වා අඩුවී තිබෙන අතර මැයි මාසයේදී ලබාදී තිබුණු ණය ප්‍රමාණය රුපියල් බිලියන 41.8 කි.
මෙහිදී, වාණිජ බැංකු විසින් පුද්ගලික අංශයට ජුනි මාසයේදී සැපයූ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 19 කින් රුපියල් බිලියන 2,234.9 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර එහි වර්ධනය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 31.6 කි.
මෙය මැයි මාසයේදී වූ සියයට 33.5 ක ණය වර්ධනය සමග සැසඳීමේදී පහළ යාමකි.
රාජ්‍ය ව්‍යවසායන් ඇතුළුව රාජ්‍ය අංශය ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5.5 කින් අඩුවී ජුනි මාසයේදී රුපියල් බිලියන 1,285.9 ක්වී ඇත.
මෙහිදී, මධ්‍යම රජය විසින් ලබාගත් බැංකු ණය රුපියල් බිලියන 14.5 කින් අඩුවී රුපියල් බිලියන 1,010.3 ක් වෙද්දී ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී එය සියයට 37.5 කින් ඉහළ ගොස් ඇත.
කෙසේවෙතත්, ගෙවුණු මැයි මාසයේදී මෙම අංශය පෙන්වූ සියයට 44.7 ක වර්ධනයට සාපේක්ෂව මෙය අඩුවීමකි.
මේ අතර, රාජ්‍ය ව්‍යවසායන් විසින් බැංකු ක්‍රමයෙන් ලබාගත් ණය ප්‍රමාණය ජුනි මාසයේදී රුපියල් බිලියන 9.0 කින් රුපියල් බිලියන 275.6 ක් දක්වා වැඩිවී තිබේ. එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 77.8 ක වර්ධනයක් වුවත් පසුගිය මැයි මාසයේදී වූ සියයට 107.7 ක වර්ධනය සමග සැසඳීමේදී පහළ යාමක් වෙයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1984196805