අදියර තුනකින් ඉඳිකෙරෙන සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ නව කර්මාන්තශාලාව මුල් අදියර ලබන දෙසැම්බර් මස දී අවසන්ව එහි නිෂ්පාදන කටයුතු ඇරඹීමට නියමිත ය. එමෙන්ම යක්කල ඉදිකෙරෙන නව කර්මාන්තශාලාව දැනට කෙරවලපිටියේ පිහිටි කර්මාන්තශාලාවේ නිෂ්පාදන කාර්යයට සහයෝගය දක්වන්නකි.
යක්කල ඉදිකෙරෙන නව කර්මාන්තශාලාවට මුල්ගල තැබීමේ උත්සවය අමතමින් සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අධ්‍යක්ෂ, වරලත් ඉංජිනේරු, නිව්ටන් වික‍්‍රමසූරිය මහතා පැවසුවේ "ආරම්භයේ සිටම අපේ සමාගමේ ප‍්‍රධාන ඉලක්කය වූයේල නිෂ්පාදනවල උසස් ප‍්‍රමිතිය පවත්වාගෙන යෑමයි. ඒ සඳහා තත්ත්ව පරීක්ෂක අංශය මගින් වෙළඳපොළට නිකුත්කිරීමට පෙර සෑම නිෂ්පාදනයක්ම පරීක්ෂා කෙරෙන අතර ලබන අති නවීන විද්‍යාගාරයක්ද අප සතුව ඇත. අප සමාගමට අපේ නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ඉහළම ස්ථාවරයක් හිමි කර ගැනීමට අවස්ථාව උදා වූයේ ද, අපේ නිෂ්පාදනවල ඇති විශිෂ්ට ප‍්‍රමිතිය හේතුවෙනුයි. එමෙන්ම, අද අප අක්කර නවයක් භූමිප‍්‍රමාණයක අතිවිශාල කර්මාන්තශාලාවක් ඉදිකිරීමට මුල්ගල තැබෙන්නේත්, අපේ නිෂ්පාදන සඳහා තිබෙන ඉල්ලූම සපුරාලීමේ පියවරක් ලෙසිනුයි." යන්නය.
1985 දී ඇරඹුණු සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමල ජපන් ප‍්‍රමිතිය වෙනුවටල ශී‍්‍ර ලංකා ප‍්‍රමිති සහතික ලද මෙරට පළමු PVC ජලනල හා උපාංග නිෂ්පාදන සමාගම වේ. එමෙන්ම ISO 9001 ප‍්‍රමිති සහතිකය ලද ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ජලනල හා උපාංග වෙළඳනාමය හිමි සමාගමවන්නේ ද සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටීස් සමාගම ය. එම සමාගම තම නිෂ්පාදන පෙළ ජලනල හා උපාංගවල සිට කි‍්‍රප්ටන් වෙළඳනාමයෙන් වෙළඳපොළට නිකුත් කෙරෙන විදුලි ස්විච හා අමතර කොටස් දක්වා පසුව පුළුල් කෙරුණි. ශී‍්‍ර ලංකාවේ නිපඳවෙන කි‍්‍රප්ටන්ල විදුලි ස්විච්, සොකට් බ්රේකර්ල ටි‍්‍රප් හා මේන් ස්විචයන් සඳහා කීර්තිමත් වෙළඳනාමයකි.
නැෂනල් PVC ජලනල හා කි‍්‍රප්ටන්ල විදුලි ස්විච නිපඳවීමට අමතරව, සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමල ජපානයේ නිෂ්පාදිත හිටාචි විදුලිබල මෙවලම් හි ශී‍්‍ර ලංකාවේ එකම අලෙවි නියෝජිතයා ද වේ. PVC 9001 හා SLS 147,SLS 659,SLS 935, SLS 948,SLS 659,SLS 1000ල ප‍්‍රමිති සහතිකවලින් පිදුම් ලද සෙන්ට‍්‍රල් ඉන්ඩස්ටී‍්‍රස් සමාගමල මෙරට කොටස් වෙළඳපොළේ ශ්‍රේණිගත සෙන්ට‍්‍රල් ෆිනෑන්ස් සමාගමේ අනුබද්ධිත සමාගමකි.
http://sinhala.adaderana.lk/news.php?nid=26989