2013 අයවැයේ සඳහන් වන්නේ වර්ෂයකට ඩොලර් මිලියන 10 ක් දක්වා ඉදිරි වසර 03 තුළදී විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ව්‍යාපාර වලට විදේශීය ණය ලබාගත හැකි බවයි.
මේ අතර, පිළිගත් බැංකු වලටද විනිමය පාලන දෙපාර්තමේන්තුවෙ අවසරයකින් තොරව ඉදිරි වසර 03 තුළ වසරකට ඩොලර් මිලියන 50 ක් දක්වා විදේශ ණය ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබේ.
ශ්‍රී ලාංකික පුරවැසියන් හා පිටරටවල ජීවත් වන්නන්ගේ විදේශ ඉතිරි කිරීම් රටේ සංවර්ධනයට ලබාගැනීමට එම විදේශ ඉතුරුම් තමන් කැමති ආයෝජනයකට යෙදවීම පහසුවීම සඳහා එම පිරිස් වලට ඩොලර් මිලියන 05 ක් දක්වා කරන එවැනි විදේශ ආයෝජන විනිමය පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව සිදුකළ හැකිබව අයවැයේ සඳහන්.
එවැනි ආයෝජන සඳහා වසර තුනක බදු විරාමයක්ද ලැබේ.
දැනට තිබෙන බදු කොන්දේසි අනුව ලාංකිකයෙකු නිර්නේවාසිකයෙකු බවට පත්වීමට දින 365 ක් රටින් බැහැරව සිටිය යුතු වුවත් එම කාලය දින 183 ක් ලෙස සංශෝධනය කර ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=143478086