FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» hSenid Business Solutions(HBS)
by K.R Today at 9:08 am

» CBSL Pension Fund vs EPF
by God Father Yesterday at 9:13 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by thankrishan Wed May 15, 2024 1:58 pm

» Nations Trust Bank: Consistent growth
by ErangaDS Wed May 15, 2024 8:46 am

» SOFTLOGIC LIFE INSURANCE PLC (AAIC.N0000)
by soileconomy Wed May 15, 2024 4:01 am

» Falsified accounts and financial misrepresentation at Arpico Insurance PLC (AINS)
by DeepFreakingValue Tue May 14, 2024 12:20 am

» Potential Super Gain with HSIG
by Investment 1st Mon May 13, 2024 12:20 am

» ජනාධිපතිවරණය - 2024
by ChooBoy Sat May 11, 2024 11:20 pm

» The IMF's Monumental Malpractices and future of Sri Lanka
by ChooBoy Sat May 11, 2024 11:18 pm

» Sri Lanka: Stock Market Fraudsters with Criminal Prosecutions
by ChooBoy Fri May 10, 2024 5:29 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by ResearchMan Fri May 10, 2024 12:20 pm

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Thu May 09, 2024 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Thu May 09, 2024 7:09 pm

» Sri Lanka: Country Information Report
by God Father Thu May 09, 2024 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Thu May 09, 2024 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Thu May 09, 2024 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

කොටස්‌ වෙළෙඳපොළ මාෆියාව!

+4
Jiggysaurus
aj
Whitebull
Malika1990
8 posters

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

වර්තමානයේ කොටස්‌ වෙළෙඳපොළ වූ කලී දියුණු ආර්ථිකයක ඉතා වැදගත් සංරචකයකි. මේ නිසාම කොටස්‌ වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය රටක ආර්ථික ප්‍රගතිය මනින වැදගත් සාධකයක්‌ ද වේ. අපේ රටේ ද ආර්ථික ප්‍රගතිය ගැන කතා කිරීමේදී බොහෝ විට කොටස්‌ වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය ගැන ද සඳහන් කරනු ලබයි. එහෙත් රටක ආර්ථික ප්‍රගතිය මැනීමේදී කොටස්‌ වෙළෙඳපොළේ ඇති වැදගත්කම තීරණය වීමට, එය රටේ කෙතරම් දුරට ව්‍යාප්ත වූ වෙළෙඳපොළක්‌ ද යන කාරණයත් ඉතා වැදගත් වේ. මේ අනුව යම් රටක පවතින කොටස්‌ වෙළෙඳපොළ ඒ රටේ පුළුල් ලෙස පැතිරුණු එකක්‌ නම් සහ එය ආර්ථිකයේ වැදගත් අංශ බොහොමයක්‌ නියෝජනය කරන එකක්‌ නම් එම කොටස්‌ වෙළෙඳපොළ තුළින් ආර්ථිකය වඩාත් නියෝජනය වන්නේ යෑයි කිව හැකිය. මේ සම්බන්ධයෙන් අපේ රටේ තත්ත්වය කුමක්‌ද? මෙහිදී කිව යුතු වන්නේ අපේ රටේ කොටස්‌ වෙළෙඳපොළ තවමත් ගම් මට්‌ටම දක්‌වා පුළුල් ලෙස පැතිරුණු එකක්‌ නොවන බවයි. ඒ නිසා මෙය අප විසින් වෙනස්‌ කළ යුතු තත්ත්වයකි. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමටත්, කොළඹ කොටස්‌ වෙළෙඳපොළටත් එසේම කොටස්‌ වෙළෙඳපොළට සම්බන්ධ අනෙකුත් සෑම පාර්ශ්වයකටමත් මේ සම්බන්ධයෙන් වගකීමක්‌ තිබේ.

එහෙත් පසුගිය කාලය තුළ සිදු වූ ඇතැම් සිදුවීම් නිසා අපේ කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ පවතින මහජන විශ්වාසය මේ වන විට බරපතල ලෙස පළුදු වී තිබේ. කොටස්‌ වෙළෙඳපොළ නියාමනය කරන සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරුන් දෙදෙනකුටම ඔවුන්ට එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන් ඉතා කෙටි කාලයක්‌ තුළ ඉල්ලා අස්‌වීමට සිදු වූ බව අපි දනිමු. ඉන්ද්‍රාණී සුගතදාස මහත්මිය ඉල්ලා අස්‌ වූ පසු ඊට හේතු පැහැදිලි කරමින් ඇය මේ ලියුම්කරුට කියා සිටියේ තවදුරටත් හෘදය සාක්‍ෂියට එකඟව ස්‌වාධීනව රාජකාරි කළ නොහැකි නිසා තමා ඉල්ලා අස්‌ වූ බවයි. ඉන් පසු එම තනතුරට පත් වූයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන තිලක්‌ කරුණාරත්න මහතාය. ඔහු ද පඩිය පවා නොගනිමින් ගරු සේවයක්‌ ඉටු කරමින් රාජකාරි කළත් ඔහුට ද වැඩි කලක්‌ යන්නට පෙර ඉල්ලා අස්‌වන්නට සිදුවිය. කොටස්‌ වෙළෙඳපොළ මාෆියාවෙන් එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන් තමා ඉල්ලා අස්‌ වූ බව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේය. ඉන්ද්‍රාණී සුගතදාස මහත්මිය 'මාෆියාව' යන වචනය භාවිත නොකළත් ඇය ඉල්ලා අස්‌ වෙමින් ප්‍රකාශ කළ කරුණු ද තිලක්‌ කරුණාරත්නගේ ඉල්ලා අස්‌වීමට හේතු වූ කරුණුවලට බොහෝ දුරට සමානය. ඔවුන් කී කරුණු ඉතාම සරලව කියන්නේ නම් කොටස්‌ වෙළෙඳපළේ සිටින අක්‍රමිකතාවලට සම්බන්ධ ඉතාම සුළු පිරිසකගෙන් ඇති වූ බලපෑම් මේ දෙදෙනාටම ඉල්ලා අස්‌වීමට හේතු වූයේය. මේ අය අතලොස්‌සක්‌ වුවත්, ඉතා බලගතු අය බව ද තිලක්‌ කරුණාරත්න කියා සිටි බව අපට මතකය.

ඉන්ද්‍රාණී සුගතදාස මහත්මිය සහ තිලක්‌ කරුණාරත්න මහතා යන හිටපු සභාපතිවරුන් දෙදෙනා සම්බන්ධයෙන්ම බොහෝ දෙනෙක්‌ තුළ ඇති පිළිගැනීම වන්නේ ඔවුන් ඉතා අවංකවත්, සෘජුවත් රාජකාරි කළ බවයි. එහෙත් තමන්ට එල්ල වූ බලපෑම්වලට යට නොවූ ඒ දෙපළම, තනතුරක්‌ බදාගෙන පුටුවක්‌ රත් කරනවා වෙනුවට කළේ ගෞරවාන්විතව ඉල්ලා අස්‌වීමයි. එහෙත් ඉල්ලා අස්‌වීමේදී තිලක්‌ කරුණාරත්න මහතා අනුගමනය කළේ ඉන්ද්‍රාණී සුගතදාස මහත්මියට වඩා වෙනස්‌ පිළිවෙතකි. සුගතදාස මහත්මිය ඉල්ලා අස්‌වීම දී නිහඬවම පිටව ගියත්, තිලක්‌ කරුණාරත්න මහතා තම ඉල්ලා අස්‌වීම කලින් නිවේදනය කොට ඒ පිළිබඳව පුළුල් ලෙස මාධ්‍යයට කරුණු කීවේය. කොටස්‌ වෙළෙඳපොළ මාෆියාව (Stock Market Mafia) යන වචනය කරළියට ආවේ ඒ සමඟය. ඒ දිනවල රැව් පිළිරැව් දුන් මේ වචනය පසුගිය දිනවල යළිත් කතාබහට ලක්‌විය. ඒ සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් කොළඹ කොටස්‌ වෙළෙඳපොළ ඇතුළු කොටස්‌ වෙළෙඳපොළ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් නොවැම්බර් 15 වැනිදා එම කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. මෙහිදී කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ විදෙස්‌ ආයෝජකයන් බිය වද්දන 'මාෆියාව' (Mafia) යන වචනය කොටස්‌ වෙළෙඳපොළ සම්බන්ධයෙන් භාවිත නොකරන ලෙසයි. ඉහත කී ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආචාර්ය ගොඩහේවා ඒ ගැන දැක්‌වූ අදහස්‌ මේ ලිපිය සමඟÊවෙනම පළ වේ.

මෙලෙස කොටස්‌ වෙළෙඳපොළ සම්බන්ධයෙන් මාෆියාව යන වචනය භාවිත නොකරන්නැයි ද එය රටට අනර්ථකාරී ලෙස බලපාන්නේ යෑයි ද මාධ්‍යයට කියන ආචාර්ය නාලක ගොඩහේවා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස ඔහු විසින් ම කොටස්‌ වෙළෙඳපොළ සම්බන්ධයෙන් අලුත්ම මාෆියාවක්‌ ගැන ද සඳහන් කරයි. එනම් කොටස්‌ වෙළෙඳපොළ මාෆියාව ගැන ඔහුගෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ අලුත් මාෆියාව හඳුන්වා දී තිබිණි. ඔහුගේ එම පිළිතුර ඉහත ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එයට සහභාගි වී සිටි සියලු මාධ්‍යය ඉදිරියේදී කියවනු ලැබිණි. ඒ මෙසේයි.

"සාමාන්‍යයෙන් මාෆියාවක්‌ කියා කියන්නේ සංවිධානාත්මක කල්ලියකටයි. කොටස්‌ වෙළෙඳපොළේ සංවිධානාත්මක කල්ලියක්‌ ඉන්නවා කියා මා හිතන්නෙ නැහැ. මම කලින් කිව්වා වගේ කොටස්‌ වෙළෙඳපොළේ යම් යම් පුද්ගලයෝ යම් යම් අක්‍රමිකතාවල යෙදෙන්නට ඇති. නමුත් සමහර ජනමාධ්‍ය මේක ලොකු ප්‍රශ්නයක්‌ බවට පත් කළා. නමුත් මට මෙහි වෙනත් මාෆියාවක්‌ පෙනෙනවා. ඒ මාෆියාව මේ කොටස්‌ වෙළෙඳපොළ පහළට ගෙන ඒමට උත්සාහ කරන මාෆියාවයි. ඒ කියන්නේ කොටස්‌ වෙළෙඳපොළ ගැන ප්‍රශ්නයක්‌ තියෙන බව කතා කරමින්, නැති ප්‍රශ්නයක්‌ පුම්බමින් නිරන්තරයෙන් විනිමය කොමිසමට පහර දෙමින් මේක පහළ ගේන්න උත්සාහ කරන සංවිධානාත්මක කල්ලියයි. එතකොට ඒ වගේ කල්ලියකට මට මාෆියාවක්‌ කියා කියන්න පුළුවන්. එහෙම නැතිව කොටස්‌ වෙළෙඳපොළේ මාෆියාවක්‌ ඇති බව අපට පේන්නෙ නැහැ. නමුත් තැන් තැන්වල වැරදි කළ අය අපට පේනවා. මාෆියාවක්‌ කියන්නෙ, හොරෙකුට නෙවෙයි. හොර කල්ලියකටයි. එහෙම බැලුවොත් කොටස්‌ වෙළෙඳපොළ පහළට ගෙන ඒමට උත්සාහ කරන සංවිධානාත්මක කල්ලියක්‌ අපට පේනවා. පසුගිය කාලයේ පත්තර බැලුවොත් මේ පිරිස පැහැදිලිව හඳුනාගන්න පුළුවන්."

මේ අනුව කොටස්‌ වෙළෙඳපොළ සම්බන්ධයෙන් 'මාෆියාව' යන වචනය භාවිතා නොකරන්නැයි මාධ්‍යයෙන් ඉල්ලා සිටින ආචාර්ය නාලක ගොඩහේවා, එසේ ඉල්ලා සිටි එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ම කොටස්‌ වෙළෙඳපොළ සම්බන්ධයෙන් අලුත් මාෆියාවක්‌ හඳුන්වා දෙයි. ඔහු සඳහන් කරන පරිදි එය කොටස්‌ වෙළෙඳපොළ පහළට ගෙන ඒමට උත්සාහ කරන මාෆියාවයි. මෙවැනි චෝදනාවක්‌ ඉදිරිපත් කරමින් එම මාෆියාව ගැන ප්‍රසිද්ධියේ මාධ්‍යයට ද කීමෙන් එය ජාත්‍යයන්තරයට යන්නේ නැද්ද? ඔහු කියන දෙයින් ලංකාවේ කොටස්‌ වෙළෙඳපොළ පහළට ගෙන ඒමට උත්සාහ කරන මාෆියාවක්‌ සිටිනවාය කියන පණිවුඩය ලෝකයට යන්නේ නැද්ද? මේ නිසා ආචාර්ය නාලක ගොඩහේවා කියන දේ තුළම ඇත්තේ විශාල පරස්‌පරයකි. මේ ගැන එදින ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ද විමසා සිටියේ මාධ්‍යයට 'මාෆියාව' යන වචනය භාවිත නොකරන්නැයි කියන ඔබම එම වචනය භාවිත කරනවා නොවේද යන්නයි. මෙහිදී ප්‍රශ්නය වන්නේ හුදෙක්‌ මාෆියාව යන වචනය භාවිත කිරීම පමණක්‌ නොව සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා විසින් කොටස්‌ වෙළෙඳපොළ පහළට ගෙන ඒමට උත්සාහ කරන මාෆියාවක්‌ පිළිබඳ අලුත් අර්ථකථනයක්‌ ද ඉදිරිපත් කිරීමයි. අඩු තරමේ මාධ්‍යයට මාෆියාව යන වචනය භාවිත නොකරන්නැයි කියන ඔහු විසින්වත් එය නොකළ යුතුව තිබුණු බව අපේ හැඟීමයි.

මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩි වශයෙන්ම මාධ්‍යවේදීන්ට පැවසුණේ වැරදි සහ අඩුපාඩු (සෘණාත්මක දේ) පවසනවාට වඩා කොටස්‌ වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සුබවාදී දේ දකින ලෙසයි. විශේෂයෙන් ආචාර්ය නාලක ගොඩහේවා මාධ්‍යයෙන් ඉල්ලා සිටියේ කොටස්‌ වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමස්‌ත තත්ත්වය (Bigger Picture) දෙස බලන ලෙසයි. එහෙත් පොදුවේ මාධ්‍යවේදීන් කොටස්‌ වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සුබවාදී හැම දෙයක්‌ම පාහේ වාර්තා කරමින් සිටින බවද කිව යුතුය. ඇත්ත වශයෙන්ම වැරැදි, අඩුපාඩු සෙවීම පමණක්‌ නොව ඒ ගැන ප්‍රශ්න කිරීමත් ඒ පිළිබඳ වාර්තා කිරීමත් මාධ්‍යවේදීන්ගේ රාජකාරියේම කොටසකි. එය මාධ්‍යවේදියාගේ වගකීමකි. සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන් මහජනතාව වෙනුවෙන් ඒ වගකීම ඉටු කරන්නේ එම වැරැදි සහ අඩුපාඩු නිවැරදි වී අනාගතයේදී වඩාත් යහපත් තත්ත්වයක්‌ උදා කිරීමේ අපේක්‍ෂාවෙන් යුතුවය. වැරැදි හා අඩුපාඩු විවෘතව සාකච්ඡා කොට ඒවා හදා ගන්නවා වෙනුවට, ඒවා වහගෙන සිටීමෙන් වන්නේ අනාගතයේදී තත්ත්වය තවත් නරක අතට පත් වීමයි. ඒ නිසා බලධාරීන්ට මාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද සමස්‌ත තත්ත්වය (Bigger Picture) දැකීමට හැකි විය යුතුය. ඒ අනුව සුරැකුම්පත් හා විනිමය කොමිසම කළ යුතු වන්නේද එම මාධ්‍ය විවේචන පුද්ගලික මට්‌ටමින් නොසලකා කොමිසමේ නියාමන කාර්යයට සහ කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩනැගීමේ මෙහෙයුමට ශක්‌තියක්‌ කර ගැනීමයි. එම විවේචනාත්මක සහාය ලබාදෙමින් බිඳවැටී ඇති කොටස්‌ වෙළෙඳපොළ පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩනැගීම සඳහා දායක වීමට මාධ්‍යයට පුළුවන. ඒ වගකීම අපි මීට පෙරත් ඉටුකර ඇත්තෙමු. සුරැකුම්පත් හා විනිමය කොමිසම සමඟ එක්‌ව මේ ලියුම්කරු විසින් "කොටස්‌ වෙළෙඳපොළ ඉතා සරලව" මැයෙන් ලිපි මාලාවක්‌ 'දිවයින'ට සම්පාදනය කළ බවද කිව යුතුය. ඒ නිසා මාධ්‍යවේදීන්ට සුබදායි පැත්ත ගැන පමණක්‌ ලියන්නැයි කීමෙන් වන්නේ පවතින සැකය හා අවිශ්වාසය තවත් වර්ධනය වීමයි. මහජනතාවට විශ්වාසයක්‌ ඇතිව යළිත් කොටස්‌ වෙළෙඳපොළට පිවිසීමට නම් කොටස්‌ වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පවතින වැරැදි හා අඩුපාඩුවලට නිසි ක්‍රියාමාර්ග ගනිමින් ඒවා අවමකර ගැනීම මෙන්ම සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් තම නියාමන රාජකාරිය හරිහැටි ඉටුකරන බවට මහජනතාව තුළ විශ්වාසය තහවුරු කිරීමද අත්‍යවශ්‍යය. එසේ නැතහොත් (අලුත්) සුළු පරිමාණ ආයෝජකයන් කොටස්‌ වෙළෙඳපොළට ආකර්ෂණය කර ගැනීම එතරම් පහසු කාර්යයක්‌ වන්නේ නැත. ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වමින් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංවර්ධනය වෙනුවෙන් කොමිසම විසින් දියත් කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කිරීමත් ඒ ගැන මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමත් පිළිබඳව ආචාර්ය නාලක ගොඩහේවාට අපි අපේ සතුට පළකර සිටිමු. එහෙත් කොමිසම පිළිබඳව හෝ කොටස්‌ වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ හෝ මහජන විශ්වාසය ගොඩනැගීමට එම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් ප්‍රමාණවත් මෙහෙයක්‌ ඉටු නොවූ බව එහි සමස්‌ත තත්ත්වය (Bigger Picture) ලෙස අපට කනගාටුවෙන් වුවත් සඳහන් කිරීමට සිදුවේ.

"මාෆියාව" යන වචනය භාවිත කරන්න එපා

කොටස්‌ වෙළෙඳපොළ සම්බන්ධ මාෆියාවක්‌ තියෙනවා කියල මම හිතන්නෙ නැහැ. අපි වචන භාවිතයේදී පරිස්‌සම් විය යුතුයි. මේ 'මාෆියාව' කියන වචනය පරිස්‌සමින් භාවිත කරන්න කියල මම කරුණාවෙන් ඉල්ලනවා. මම කියන්නම් මේ වචනය භාවිත කිරීම නිසා අපේ රටට තියෙන අනර්ථකාරී ප්‍රතිඵලය. අද ලෝකයේ අන්තර්ජාලය ඉතාම ප්‍රචලිත වෙලා තියෙනවා. 'මාෆියාව' කියන්නේ ඉතාමත් භයානක දෙයක්‌. මාෆියාව කියන්නේ භයානක හොර කණ්‌ඩායමක සාමාජිකයන්ටයි. ඉතාලියේ සිසිලි දූපතට සම්බන්ධව තමයි මේ වචනය මුලින්ම හැදුනේ. ඒ නිසා කොටස්‌ වෙළෙඳපොළේ සිද්ධ වූ යම් යම් සිදුවීම් කීපයකට මේ 'මාෆියාව' කියන වචනය භාවිත කිරීමෙන්, විශේෂයෙන්ම ඉංග්‍රීසි පත්තරවල මෙය භාවිතා කිරීමෙන් අන්තර්ජාතිකව අද වෙලා තියෙන දේ තමයි අන්තර්ජාලය ඔස්‌සේ ලංකාවේ කොටස්‌ වෙළෙඳපොළ ගැන හොයන්න ගිය ගමන් ඉස්‌සෙල්ලම එන්නේ 'මාෆියාව'. එසේම මාෆියාව කියන වචනය ගහල බැලුවොත් එන්නෙ ලංකාවෙ කොටස්‌ වෙළෙඳපොළ. ඉතිං ලංකාවට කොහොමද ආයෝජකයන් ගේන්නෙ. මේක සරලව සලකා බැලිය හැකි ප්‍රශ්නයක්‌ නොවෙයි. අපි සියලු දෙනාම වගකීමෙන් සලකා බැලිය යුතු ප්‍රශ්නයක්‌. අපි හැම විටම උත්සාහ කරනවා විදේශීය ආයෝජකයන් ගෙන්වා ගන්න. නමුත් මේ විදේශීය ආයෝජකයො අන්තර්ජාලයෙන් අපේ කොටස්‌ වෙළෙඳපොළට ගියොත්, මේ වගේ ඉතාම දරුණු කතන්දර නම් කියවන්න හම්බ වෙන්නෙ, ඒ අය ආයෝජනය කරන්න බය වෙනව. අපි කොටස්‌ වෙළෙඳපොළ ගැන නරක දෙයක්‌ පෙන්වා දුන්නොත් එහි ප්‍රතිඵලය ඉතාමත් අනර්ථකාරීයි. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ කොටස්‌a වෙළෙඳපොළ සම්බන්ධයෙන් මේ වචනය භාවිත නොකර ඉන්න කියලයි. (2012.11.15 දින සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්....)

ආචාර්ය නාලක ගොඩහේවා
සභාපති - ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය
කොමිෂන් සභාව.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2012/11/22/feature02.html

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

The main problem lays in the size of our market....It is too small....So it can be easily manipulated without breaking any rules.....Other big stock exchanges are less manipulated....that is not because those investers are more ethical than our investors but because those markets are difficult to manipulate....

aj


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

කහවට්ටේ මිනි මැරීම සිදු වෙනවා කියල මම හිතන්නේ න නැහැ මිනි මැරීම කියන වචනය මද්‍යය විසින් පවිච්හි නොකොළ යුතුයි.
එතකොට ඔක්කොම හරි lol!

Jiggysaurus

Jiggysaurus
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

aj wrote:කහවට්ටේ මිනි මැරීම සිදු වෙනවා කියල මම හිතන්නේ න නැහැ මිනි මැරීම කියන වචනය මද්‍යය විසින් පවිච්හි නොකොළ යුතුයි.
එතකොට ඔක්කොම හරි lol!

BJ's learned to use Google translator, wow impressive. You must have a lot of free time on Christmas Island.

Only it's kahawaththa not kahawatta and it's maadya not mudya and it's paawichchi not pawwich hi.....

K.Haputantri

K.Haputantri
Co-Admin

මාෆියාවට කෙලින්ම සම්බන්ධ අයෙකු නියාමක වූ කල මෙවැනි ්‍රකාශණ ගැන පුදුම වියයුතු නැත. ඔහුට පැවරී ඇති රාජකාරිය එයයි. ඉදිරියට තව තව අමුතු බන අසන්නට ලැබෙනු ඇත.
අනේ කාලේ වනේ වාසේ!!

wiki


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

cheers
aj wrote:කහවට්ටේ මිනි මැරීම සිදු වෙනවා කියල මම හිතන්නේ න නැහැ මිනි මැරීම කියන වචනය මද්‍යය විසින් පවිච්හි නොකොළ යුතුයි.
එතකොට ඔක්කොම හරි lol!

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

There was a big pressure when market came down under Mrs S and Dr K

Market is more or less same at present. But no pressure
What is the main reason ?

Presence of mafia in the stock market is already proved practically.

Now All culprits should learn a lesson .

I hope all( Brokers,crooks,govt manipulators etc) will use their past experience in future.

If that happen we can expect smoothly functioning stock market in 2013.

There is no positive correlation with other economic indicators such as GNP,PCI,ROE and
with stock market indexes



Last edited by D.G.Dayaratne on Sat Nov 24, 2012 11:25 am; edited 2 times in total (Reason for editing : TO explain further)

KAROSH9


Equity Analytic
Equity Analytic

මේවට හොඳ සිංහල කියමන් තියෙනවා.
හොරාගේ අම්මගෙන් පේන ඇහුවහම මෙහෙම කතා කියනවා
හොරකමට විරුද්ද අයට බැන වදිනවා.

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum